මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතින්නේ සවිබල ගැන්වූ කාන්තා පෞරුෂය මත බව විපක්ෂ නායකවරයා පවසයි.
ලෝකයේ බොහෝ රටවල දේශපාලන නියෝජනය සඳහා කාන්තාවන් බහුතරයක් සිටියත් අප රට තුළ දේශපාලන නියෝජනය කරමින් කාන්තාවන් සිටින්නේ 5%කට ආසන්න ප්‍රමාණයක් බවයි අදට යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
දේශපාලනඥයන් ගැන අප්‍රසාදය ඇතිවී ඇති මේ මොහොතේ වුවත් කාන්තාවන්ට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී වැඩි අවස්ථා හිමිවිය යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කාන්තාවට නිසි තැන ලබාදීමේ ආදර්ශය ලෝකයට ලබාදීමට ප්‍රථම පාර්ලිමේන්තුව තුළින්ම එය සිදුකර ජනතාවට පෙන්විය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.










