වැල්ලම්පිටිය, කොටුවිල, කැලණි නදීගම ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ, පාතාල කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක මධුරංග හෙවත් පරිප්පුවාගේ සමීපතමයෙක් වන ගිහාන් වීරවංශ නැමති වයස අවුරුදු 28ක පුද්ගලයෙකි.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.










