ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ කරුණු 15ම ලංකාව මේ වනවිට ඉටු කර ඇති බවත්, මේ මාසය ඇතුළත අදාළ මුදල් නිදහස් කරනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බවත් විදේශ ඇමැති අලි සබ්‍රි මහතා කීය.
ඉන්දීය මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.










