• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි නෑ කියලා ආණ්ඩුව ඡන්දෙ කල්දාන්න යද්දී ඡන්ද අයිතිය ජනතාවට ලබාදුන් ඓතිහාසික ජයග්‍රහණයේ හිමිකරුවෝ කව්ද? සජිත් අක්මීමනදී සජබෙ ගහපු ගේම හෙළිකරයි! VIDEO

March 3, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
රට විනාශ කළේ රාජපක්ෂලා කියලා මුලු රටම දන්නවා! හැබැයි ඒ රාජපක්ෂවරුන්ව රැකගන්නේ රනිල් වික්‍රමසිංහ! මේ විනාශකාරී අලි-කපුටු-පොහොට්ටු ආණ්ඩුව පන්නා දාලා හොරකම් කරපු සල්ලි රටට ගේනවා! සජිත් බදුල්ලට! පක්ෂයෙන් අයින් වුණා කියපු වඩිවේලුත් ඇවිත්! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

මෙරට දෙ කෝටියකට වැඩි ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේ ය.
එම ඓතිහාසික තීන්දුව කරුණු කිහිපයකින් සුවිශේෂි වෙයි.
මේ රටේ සර්වජන ඡන්ද බලය හිමි සමස්ත ජනතාව මේ තීන්දුව පිළිබඳව සතුටට පත්විය යුත්තේ අද පමණක් නොව අනාගතය ගැන ද ගැනද කල්පනා කොට බලාය.
පළාත් පාලන මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් වෙනුවෙන් සමගි ජන බලවේගය අරගල කළේ මෑතක සිට නොවේ.
වහල් දේශපාලනයෙන් මෝහනය නොවී හරියට කල්පනා කොට බැලුවහොත් පළාත් පාලන මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් මහ පාරේ අරගලයත්,පාර්ලිමේන්තුවේ අරගලයත්,අධිකරණයේ අරගලයත් සිදු කළේ සමගි ජන බලවේගය යි.
එය හයිජැක් කොට ලකුණු ලබා ගැනීමට කවුරු උත්සාහ කළ ද සත්‍යය රබර් බෝලයක් මෙන් සඟවා තබාගත නොහැක.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් අයවැය හරහා සම්මත කොට, වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා හෙවත් මුදල් ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාට අද (03) තහනම් නියෝගයක් නිකුත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම නියෝගයට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම ද වලක්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිවරිය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය අද තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මගින් ගොනුකළ මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ දෙවැනි වගඋත්තරකරු ලෙස මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ නම් කර තිබේ. අනෙකුත් වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා, එහි කොමසාරිස්වරුන් වන එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නම් කර ඇත.

අට වැනි වගඋත්තරකරු ලෙස රජයේ මුද්‍රණාලයාධිපති ජී. කේ. ඩි. ලියනගේ සහ නව වැනි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සමේ අරමුණ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 3, 4, 5, 6, සහ 7 වගඋත්තරකරුවන්ට මුදල් ලබාදීම ප්‍රමාද කිරීම මගින් පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා සහ දෙවැනි වගඋත්තරකරු වන මුදල් ඇමතිවරයා විසින් පෙත්සම්කරු ඇතුළු සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකාරිත්වය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම වලක්වා ඇති බවත්, එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති 12(1) සහ 14(1)(අ) ව්‍යවස්ථාවල ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් ය.

12(1) ව්‍යවස්ථාව :

නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.
14(1)(අ) ව්‍යවස්ථාව :

සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.

2022 දෙසැම්බර් 21 සහ 29 !

1946 අංක 53 දරන සංශෝධිත පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 4(1) අනුව නිකුත් කරන ලද  2022 දෙසැම්බර් 21 දිනැති අංක 2311/26 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් පත්කිරීමට අදාළ කටයුතු ආරම්භ කළ බවත්, පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 27, 28 සහ 29 වගන්ති අනුව නිකුත් කරන ලද 2022 දෙසැම්බර් 29 දිනැති අංක 2312/44 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණය සඳහා ඇප මුදල් ලබාගැනීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන් ය.

2023 ජනවාරි 04 !

එසේ ම වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් 2023 ජනවාරි 04 දිනැති නිවේදනය මගින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් මගින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 340ක් සඳහා තරග කරන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා කැඳවීම ආරම්භ කළ බවත්, ඉන්පසු 2023 මාර්තු 09 මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

2023 පෙබරවාරි 17 !

මේ අතර 2023 පෙබරවාරි 17දා පෙත්සමේ පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදිය නොහැකි බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දීමේ අනපේක්ෂිත පුවත ඇසීමෙන් පෙත්සම්කරු දැඩි කම්පනයට පත්වූ බවත්, ඊට හේතුව ලෙස දෙවැනි වගඋත්තරකරු හෙවත් ජනාධිපතිවරයා නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් ලබාදීමේ චක්‍රලේඛයක් උපුටා දක්වා ඇති බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසූ බවත් පෙත්සම මගින් අවධාරණය කර සිටී.

රුපියල් බිලියන 10ක්

භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් ඇමතිවරයා මෙසේ කටයුතු කර ඇත්තේ 2023 අයවැය මගින් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබියදී බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

පාලනය කළ නොහැකි හේතු

එසේ ම පාලනය කළ නොහැකි හේතු නිසා බව සඳහන් කරමින් පෙත්සමේ වගඋත්තරකාර මැතිවරණ කොමිසම මගින් තැපැල් ඡන්ද කල්දැමූ බවත්, ඊට පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස සඳහන් රජයේ මුද්‍රණාලයාධිපති විසින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් නොමැති බව දැනුම් දීම හේතු වූ බවත් එහි සඳහන් ය.

පෙත්සම්කරුගේ ඉල්ලීම් මොනවාද ?

මේ ක්‍රියාවලිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම ගැටළුවක් වී ඇති ආකාරයත්, එමගින් පෙත්සම්කරු ඇතුළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයත් පෙත්සම මගින් පැහැදිලි කර ඇත.

ඓතිහාසික ජයග්‍රහණයේ හිමිකරුවෝ

මේ ජයග්‍රහනය දෙ කෝටියකට වැඩි රටේ ජනතාවගේ ජයග්‍රහණයක් වනවාසේම ඒ ජයග්‍රහණය උදෙසා අවශ්‍ය කරන සියලු මාවත විවර කර දුන්නේසජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය යි.
ඔවුන් දේශපාලනික වශයෙන් මොන තරම් පරිණත ද යන්න එයින් මනාව පසක් වන අතර දේශපාලන උපායන් ගේ ඔස්තාර්ලා ලෙස පෙනී සිටි රනිල් වික්‍රමසිංහලාටද කට උත්තර නැති කරන්නට එය සමත් විය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මේ සියල්ල උපහාසයට ගනිමින් වහසි බස් දොඩද්දී ඔහු පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීම හේතු කොටගෙන සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ඡන්දය කල් දමන්නැයි තමන් ගෙන් ඉල්ලා සිටි බව ය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සිය පෙනී සිටීම මනාව ඔප්පු කළ ජනාධිපතිවරයා එවර උත්සාහ කළෙත් සජිත් කෙරෙහි පවත්නා ඓතිහාසික කෝපය සහ ඊර්ෂ්‍යාව පිරිමසා ගන්නට ය.

හැබැයි සිදු වූයේ කුමක්ද?

උපක්‍රමශීලී වත්,ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාත් ඇප කැපවීමේ යථාර්ථය සනාථ කරමින් අද ඓතිහාසික තීන්දුවක් ලැබීම ය.
දැන් ඕනෑ නම් කාට හෝ මේ විජයග්‍රහණය හයිජැක් කළ හැක.

එහෙත් 2023 පෙබරවාරි 17 ඓතිහාසික දිනයක් බවට පත් කිරීමේ පුරෝගාමින් සජිත්ලා ය.

SendShareShare
Previous Post

මහා ආශ්චර්යයක්! දොස්තර සාෆි වඳ කළ බවට පැමිණිලි කළ අම්මලා 130කට ළමයි හම්බවෙලා!

Next Post

පාර්ලිමේන්තුව ඇතුළේ මෙහෙම වෙන්න පුලුවන්ද? වජිර අබේවර්ධන සභාපති පුටුවේ වාඩිවෙලා උත්තරීතර පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ගැසට් 8ක් සම්මත කරගෙන! VIDEO

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.