කොළඹ, කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය තුළදී සිංහල තරුණයකු ක්ලාන්තව ඇද වැටෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලවල සැරිසැරීම හේතුවෙන් මේ වනවිට මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.
එම වීඩියෝවට අනුව අදාළ සිංහල තරුණයාට කොරෝනා වයිරසය වැළදී ඇති බවට සැක සිතිය හැකි බව පෙනෙන්නට තිබේ.
කෙසේවෙතත් මේ වනවිට අනාවරණය වී ඇත්තේ අදාළ තරුණයා දැඩි කුසගින්නේ පසුවීම හේතුවෙන් මෙසේ ක්ලාන්තව ඇද වැටී ඇති බවකි.
මෙම තරුණයා දින දෙකක් තිස්සේ රැකියාවක් සොයමින් අමාත්‍යංශවලට ඉල්ලුම් පත් බාර දීම සදහා ගොස් ඇති බවත්, එම දින දෙක තිස්සේම හෙතෙම නිරාහාරව සිට ඇති බවත් අනාවරණය වී ඇත.











