ජාතික ජන බලවේගයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර මියගිය එම පක්ෂ අපේක්ෂකයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ නිවිතිගලදී සිදුකෙරුණි.
අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියේය.
දේහය ඊයේ දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමෙන් පසු මහජන ගෞරවය සදහා නිවිතිගල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරුණි.
ඒ අනුව අද පස්වරුවේ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කටයුතු නිවිතිගල නොරගල්ල සුසාන භුමියේදී සිදුකෙරිණ.
පසුගිය ඉරිදා කොළඹ පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු මෙම අපේක්ෂකයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සඳුදා ජීවිතක්ෂයට පත්වුණි.











