• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට වර්ජනයක් තිබ්බත් මහජන බැංකුවයි-‌ලංකා බැංකුවයි වැඩ! සභාපතිවරු අවධාරණය කරයි!

February 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හෙට වර්ජනයක් තිබ්බත් මහජන බැංකුවයි-‌ලංකා බැංකුවයි වැඩ! සභාපතිවරු අවධාරණය කරයි!
Share on WhatsAppShare on Facebook

සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු අවධාරණය කළහ.

රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකොට ඊට සහාය ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම වන අතර ඒ වෙනුවෙන් බැංකු සේවකයන් ද තම වගකීම ඉටු කරනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කළහ.

බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රාජ්‍ය බැංකු ප්‍රධානින් සහ නියෝජිතයන් සහභාගී වි සිටියහ.

රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන ලෙස සහ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන ලෙස බැංකු කටයුතු පවත්වාගෙන යෑමට ගතයුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

එමෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් රජය පුළුල් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති මේ මොහොතේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය බවට වූ පණිවිඩය ජාත්‍යන්තරයට යෑම රටට යහපත් තත්ත්වයක් නොවන බව සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

බැංකු සේවක සේවිකාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවලදී, වැඩවර්ජන සිදු කරන දිනයේ දී යතුරු භාර දීම, රන් ආභරණ ඇතුළත් සේප්පුවල යතුරු භාරදීම ආදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද හෙට දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ බැංකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව එවැන්නක් සිදුව නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

ඒ අනුව ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා බවට බැංකු සභාපතිවරු ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය එකඟතාව පළ කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ සහාය අත්‍යාවශ්‍ය බවත්, රට වෙනුවෙන් සිය වගකීම පැහැර නොහරින ලෙස සියලු බැංකු සේවකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවත්ය.

මෙහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කළේ බදු අයකිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ගතයුතු පියවර පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.
සමස්ත රටම ආර්ථික අසීරුතාවකට මුහුණ දී සිටින මේ මොහොතේ අවබෝධයෙන් කටයුතු කරමින් රටේ හෙට දවස යහපත් කර ගැනීමට සහාය දීම සියලු දෙනාගේ වගකීම බව ද ඔහු පෙන්වා දුන්නේය.

ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය
මේ රට දැන් තිබෙන්නේ ආර්ථික වශයෙන් ඉතා අසීරු අවස්ථාවකයි. මෙ වැනි අවස්ථාවක වෘතීය සමිති කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජනයක් ප්‍රකාශ කර තිබෙනවා. ලංකා බැංකුවේ සභාපති ලෙස මම අපගේ කාර්යමණ්ඩලවලින් ඉල්ලා සිටින්නේ හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙසයි. මක්නිසාද යත් අපේ බැංකුවේ ගනුදෙනුකරුවන්ටත් මහඟු සේවයක් ලංකා බැංකුව මගින් සිදු වෙනවා. එක දවසක් හෝ බැංකුව වසා තැබුව හොත් එයින් මුළු රටටම විශාල අපහසුතාවක් දැනෙනවා.
ඒ වගේම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින්නේ බදු මුදල් අය කිරීම සහ බදු අනුපාත අඩු කිරිම පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ ආණ්ඩුවයි. එම නිසා අපි මේ ගැටලුව පිළිබඳ ආණ්ඩුව සමඟ කතාබහ කර තිබෙනවා. එම ගැටලුවලට විසඳුම් ඉදිරි කෙටි කාලය තුළ ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. බැංකුව වෙනුවෙන් සහ බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් රාජකාරියට වාර්තා කරන ලෙස මම අපේ සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය
හෙට දිනයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් වැඩ වර්ජනයක් සංවිධානය කර තිබෙන බව අපි දන්නවා . මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස මම ඉල්ලා සිටින්නේ මහජන බැංකුවේ සේවක සේවිකාවන් ලෙස නිසි පරිදි රාජකාරියට වාර්තා කරන්න කියායි. මහජන බැංකුව මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. අපි ආර්ථිකය ගෙනියන අතර ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට සේවාවක් සපයනවා. ඒ නිසාම පෙර පරිදි රාජකාරියට වාර්තා කර සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ රජයට, රටට, ආර්ථිකයට බලපෑම් ඇති වෙන විදිහට කටයුතු කරන්න එපා කියන ඉල්ලීම අපි සිදු කරනවා.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-02-28

SendShareShare
Previous Post

කයිවාරු නොගහන්න කම්මැල්ලවීර… හැරිල බලන්න…

Next Post

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න! සජිත් ඇතුලු විපක්ෂය කතානායකට දැනුම් දෙයි! VIDEO

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.