• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

77 සිට එනවා එනවා ජපන්නු එනවා කිව්වා… 23 දී යනවා යනවා ජපන්නු යනවා කියනවා… බොරු පත්තර බොරු වෙබ් අඩවිවල බොරුවට අහුවෙන්න එපා මෙන්න ඇත්ත…

February 27, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
77 සිට එනවා එනවා ජපන්නු එනවා කිව්වා… 23 දී යනවා යනවා ජපන්නු යනවා කියනවා… බොරු පත්තර බොරු වෙබ් අඩවිවල බොරුවට අහුවෙන්න එපා මෙන්න ඇත්ත…
Share on WhatsAppShare on Facebook

මානව ඉතිහාසයෙ සිදුවූ වඩාත් බිහිසුණු ඛේදවාචකය ලෙස දෙවැනි ලෝක සංග්‍රාමය දැක්වීමේ වරදක් නැත. මිලියන ගණනකට මරු කැඳවමින් නිමාවූ දෙවැනි ලෝක යුද්ධයෙන් සිදුවූ විනාශය මෙතෙකැයි කියා ගණන් බලා කියන්නට බැරි තරමේ එකකි. දෙවැනි ලෝක යුද්ධයේදී ශ්‍රී ලංකාව සිටියේ බි්‍රතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වික රටවල් සමගය. එහෙයින් ශ්‍රී ලංකාවේ කිහිප පලකම යුද කඳවුරු ඉදිව තිබූ අතර ශ්‍රී ලාංකිකයෝ මිත්‍ර පාක්ෂික හමුදාවන්ට බැඳී හිට්ලර්ගේ නාසි හමුදාවට සහ ජපන් ආක්‍රමණිකයාට එරෙහිව සටන් කළහ. එහෙයින් ලංකාවෙ අපටද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යුද්ධයට පැටලෙන්නට විය. 1942 අප්‍රේල් 05 වැනි දින ජපන් අධිරාජ්‍යයාගේ නාවික හමුදාවේ ගුවන් යානා මගින් ලංකාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉතිහාසයේ එම ප්‍රහාරය හඳුන්වනුයේ පාස්කු ඉරිදා ප්‍රහාරය ලෙසිනි. එම ජපාන ප්‍රහාරයේ අරමුණ වූයේ ලංකාව පදනම් කරගත් බි්‍රතාන්‍ය නැගෙනහිර බළඇණිය විනාශ කිරීමය.

හිරෝෂිමා-නාගසාකි ප්‍රහාරයන්ගෙන් පසු ජපානය සිය යටත් වීම ප්‍රකාශයට පත්කරන ලදී. ඉන් අනතුරුව ලෝකයට ප්‍රශ්නයක් වූයේ ජපානය විසින් කරන ලද විනාශයට ලබාගත යුතු වන්දිය සහ ඔවුන්ට පැනවිය යුතු දඬුවම කුමක්දැයි තීරණය කිරීමය. ඓතිහාසික සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව කැඳවනුයේ ඒ වෙනුවෙනි. 1951 සැප්‍තැම්බර් 06 වැනිදා ඇමෙරිකාවේ සන්ෆ්‍රැන්සිස්කෝහි පැවැති මෙම සමුළුවට ඉතාලිය, චීනය, කොරියාව වැනි රටවල් කිහිපයක් හැරුණු කොට බහුතර රටවල් සංඛ්‍යාවක් එක් විය. එවක මුදල් අමාත්‍ය ධුරය හෙබවූ ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු නියෝජිතයන් පිරිසක් ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි විය. සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවට සහභාගිවූ රටවල නියෝජිතයන් සියලු දෙනාම පාහේ ජපානයෙන් වන්දි ලබාගැනීම හෝ එරටට දැඩි සම්බාධක පැනවීමේ අවශ්‍යතාව පෙන්වාදෙමින් කතා කරන්නට විය. ලංකාවේ නියෝජිත පිරිසේ නායක ජේ.ආර්. ජයවර්ධන සමුළුව අමතන්නට නැගී සිටින්නේ මෙවන් අවස්ථාවකදීය. දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය විසින් ලංකාවට සිදුකළ හානියට වන්දි ලබාගැනීමට බලාපොරොත්තු නොවන බව පැවසූ ජේ.ආර්. බුදු දහම පදනම් කරගෙන ආකර්ෂණීය කරුණු දැක්වීමක් සිදුකරන ලදී. ‘නහී වේරෙන වේරානී’ යන බුදු වදන උපුටා දක්වමින් කරුණු දැක්වූ ඔහු වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, මෛත්‍රියෙන්ම පමණක් වෛරය සංසිඳෙනා බවත් සභාවට පසක් කර දෙන්නේ ජපාන නියෝජිතයන්ගේ දෙනෙතට කඳුළක් නංවමිනි. ලංකාව සහ ජපානය අතර දශක හතක් පවතින සහෝදර බැඳීම අරඹනුයේ එදා ජේ.ආර්. සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුව අමතමින් කළ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික කතාව සමගිනි.

එහෙත් ජේ.ආර්.ගේ කතාවට දෙස් දෙවොල් තැබූවෝද නැත්තේ නොවේ. විශේෂයෙන් ලංකාවේ වාමාංශික පක්ෂ ජේ.ආර්.ගේ කතාව හෙළාදැක්කෝය. එහෙත් ජේ.ආර්.ගේ කතාව නිදහසින් පසු ලංකාව කළ හොඳම ආයෝජනය බව පසුගිය දශක හත පුරාම තහවුරු වෙමින් පැවැතියේය. එදා ජේ.ආර්. වචනයෙන් කළ උපකාරයට ජපානය ලංකාවට කළ උදව් යෙන් යෙන් ටි්‍රලියන ගණනිනි. රටට අලුත්ම පාර්ලිමේන්තුවක්, අංග සම්පූර්ණ රෝහලක්, දියුණු මාර්ග පද්ධතීන් කිහිපයක්, පාලම්, ධීවර උපකරණ, අංගසම්පූර්ණ රූපවාහිනී සේවාවක් වැනි භෞතික දෑ පමණක් නොව, ලාංකේය සිසුනට ශිෂ්‍යත්ව, අධ්‍යාපනික අවස්ථා, සෞඛ්‍ය ආධාර වැනි සුවහසක් දේ ජපානය ලබාදුන්නේය. ජයිකා ව්‍යාපෘතීන් හරහා නිකන් දෙනවාට පමණක් දෙවැනි වෙන මූල්‍ය ආධාර රැසක් ලබාදුන්නේය. සෑම දිස්ත්‍රික්කයකම පාහේ ජායිකා ආධාර ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක වූයේය. සැකෙවින් පවසන්නේ නම් ජපාන ආධාරවල ප්‍රතිලාභ නොලත් එකදු ශ්‍රී ලාංකිකයෙක්වත් සොයාගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයනවාට දෙවැනි නැති ක්‍රියාවකි. එහෙත් ගිනි පොලියට කොමිස් සමග දෙන චීන ආධාර හමුවේ ගිනිකන වැටුණු ලංකාවේ පාලකයෝ සියයට දශම ගණනට දුන් ජපන් සංවර්ධන ආධාරවල මහිමය නොදැක්කෝය. ජපාන ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ගෙන් කොමිස් ඉල්ලමින්, එකී කටයුතු අධෛර්ය කරමින් කටයුතු කළ පසුගිය රාජපක්ෂ පාලනය, ජපන් – ශ්‍රී ලංකා හොඳ හිත බිඳදැමීමේ පවුකාර කටයුත්ත උපරිමයෙන් ඉටුකළහ.

ශ්‍රී ලංකවේ සංවර්ධනය පමණක් නොව ජන ජීවිතය පවා අර්බුදයට ලක් කරමින් මිනිසුන්ට රට එපාකරවන කරුණක් බවට පත්ව ඇති මාර්ගස්ථ රථවාහන තදබදයට හොඳම විසඳුම ලෙස විෂය ප්‍රාමාණිකයන් පිළිගන්නේ සැහැල්ලු දුම්රිය හඳුන්වා දීමය. කොළඹ නගරයේ තදබදය නිසා නගර සීමවේ තදබදය බහුල වේලාවන්හී වාහනයක සාමන්‍ය වේගය පැයට කිලොමීටර් 5කට ආසන්න ගණනකට පහත වැටීම නිසා ලංකාවද සැහැල්ලු දුම්රිය වෙතට මාරුවිය යුතු බව දේශීය සහ විදේශීය විද්වත්හු පෙන්වා දුන්හ. එහෙයින් වර්ෂ 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක බස්නාහිර සංවර්ධන සහ මහානගර සංවර්ධන (මෙගාපොලිස්) අමාත්‍යාංශය යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් කඩිනම්ව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට පියවර ගන්නා ලදී. මහවැලියට පසු අතිශය දැවැන්ත පිරිවැයක් වැයකරමින් ආරම්භ කිරීමට නියමිතව තිබූ ඒ සඳහා වැයවෙතැයි අපේක්ෂිත මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් විය. මෙම මුළු මුදලම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JAICA) මගින් අතිශය සහන පදනමකින් සැපයීමට නියමිතව තිබිණි. ඩොලර් බිලියන 1.7ක් වූ මුළු මුදල සඳහාම පොලිය ලෙස අයකර තිබුණේ 0.01%ක් තරම් අඩු මුදලකි. එම මුදල ගෙවීම සඳහා වසර 12ක සහන කාලයක් සහිතව වසර හතළිහක කාලයක් ලැබී තිබිණි. ඒ සමගම ව්‍යාපෘතියේ නඩත්තු සඳහා තවත් ඩොලර් මිලියන 100ක ණය මුදලක්ද ලබාදී තිබුණේ ඉහත පොලියටමය.

ජපානය රටකට ආධාර ලබාදෙන්නේ ඒ රටේ ජනතාවගේ සුබසිද්ධිය පිණිසමය. එහෙයින් පාලකයන් සහ නිලධාරීන් වෙනුවෙන් අල්ලස් දීම ජපන් ක්‍රමය නොවේ. එහෙයි ශ්‍රී ලංකාවට JAICA ආධාර යටතේ ලබාදීමට නියමිතව තිබූ නාගරික සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවෙන්ද කිසිදු කොමිස් මුදලක් වෙන්ව තිබුණේ නැත. එහෙත් වැසිකිළි වළක් අනුමත කිරීමටත් කොමිස් ඉල්ලන ලංකාවේ සිස්ටම් එකට ඒ වැඩේ ගැළපුණෙ නැත. යහපාලන ආණ්ඩුව කෙසේ හෝ වැඩේ කරගෙන ගියද 2020 මහ මැතිවරණයෙන් ඉන්න රටක් ඉල්ලූ ජනයා යහපාලනය ගෙදර යවා ඒ වෙනුවට පොහොට්ටුවේ ‘වහ පාලනය’ තෝරාගත්තේය. පොහොට්ටුවේ මහ මොළකරු මිස්ටර් 10% සහ ඔහුගේ කම්බා හොරුන් වහා ක්‍රියාත්මක වූයේය. ඩොලර් බිලියන 1.7ට 10% ගණනේ කොමිස් මුදල ගණනය කළ ඔවුහු එය ඉල්ලා ජයිකා නිලධාරීන් පසුපස යන්නට වූහ. ජපාන නිලධාරීන් ඊට එකඟ වූයේ නැත. එහෙයින් වහා ක්‍රියත්මක වූ පොහොට්ටු ලොක්කෝ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීයව නතරකර දැමීමට කටයුතු කළෝය. ඒ නිසා ජපානයට සැලකිය යුතු වන්දියක් ගෙවීමටද ලංකාවේ ආණ්ඩුවට සිදුවිය. තමුන්ට කොමිස් නොදෙන නිසා ලංකාවේ කොමිස් කාක්කන් අවලංගු කළ සැහැල්ලු දුම්රිය යෝජනා ක්‍රමය බංග්ලාදේශය දෝතින් පිළිගත්තේය. අද බංගලි ජාතිකයෝ ‘ඩකා මෙට්‍රෝ රේල්වේ’ නමින් එහි පහසුව අත්විඳිමින් සිටිති. ලංකාව සහ ජපාන රජය අතර හොඳ හිත බරපතළ ලෙස බිඳහෙලූ එම සිද්ධිය ඉතා අවාසනාවන්ත සිදුවීම් දාමයක ආරම්භය විය.

ලෝක මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්ත සන්නාමයක් වන මිට්සුබිෂී ආයතනය ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික මෙහෙයුම් අරඹා දශක 06කට වැඩිය. මිට්සුබිෂී වාහන සඳහා දේශීය නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස් ආයතනය කලක් මාලදිවයිනේද මිට්සුබිෂී නියෝජිත ධුරය හෙබවූයේය. ශ්‍රී ලංකාවේ අදටත් එකසේ ජනප්‍රිය ලාන්සර්, පැජරෝ, රෝසා, වැනි වාහන මාදිලි රැසක නියෝජිත ධුරය දරන එම ආයතනය මගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශය සඳහා අලෙවි කර ඇති වාහන සංඛ්‍යාව ලක්ෂ ගණනකි. මිට්සුබිෂී යනු ලංකාවට වාහන අලෙවි කිරීමෙන් නතරවුණු රටක් නොවේ. ඔවුන් කර්මාන්තයක් ලෙස මෙරට වාහන එකලස් කිරීමටද හවුල් විය. 70 දශකයේ මුල් භාගයේ මිට්සුබිෂී 4 ඩී.ආර්. 5 ජීප් රථ සහ මිට්සුබිෂී කෝල්ට් මෝටර් රථද මෙරට එකලස් කිරීමටද ඔවුන් කටයුතු කර තිබිණි. අදටද රාජ්‍ය අංශයේ බොහෝ ආයතනවල භාවිත වන 4 ඩී.ආර්. 5 ජීප් රථ පෞද්ගලික හිමිකරුවන් අතරද ඉතා ජනප්‍රියය. විශේෂයෙන් තරුණ පරපුර අතර ඊට ඇත්තේ පුදුමසහගත ඉල්ලුමකි. ඊට අමතරව මිට්සුබිෂී සන්නාමය යටතේ ගෘහ විදුලි උපකරණ, විදුලි සෝපාන ඇතුළු නිෂ්පාදන ‍රැසක් මෙරට අලෙවි වෙයි. ඊට අමතරව මෙරට ක්‍රියත්මක ජල විදුලි බලාගාර සහ මහා පරිමාණ ඉංජිනේරු සේවාවන් රැසක අංක එකේ සැපයුම්කරුවන් වන්නේද එම සමාගමයි. ඒ ආකාරයෙන් දශක හයක් තිස්සේ ගොඩනගා ගත් ද්විපාර්ශ්වීය සබඳතා සියල්ල තව දින කිහිපයකින් නිමාකරන්නට එම සමාගම තීරණය කර ඇත්තේය. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔහුන් දක්වනුයේ සැහැල්ලු දුම්රිය ඇතුළු ජයිකා ව්‍යාපෘතීන් සඳහා මෙරටදී සිදුවෙන බාධා කිරීම්ය. ඊට අමතරව ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ජපානයට කරන කෙනෙහිළිකම් ද මෙම නික්ම යෑමට හේතු වී තිබේ.

Taisei ඉංජිනේරු සමාගම ලෝකයේ මහා පරිමාණ ඉංජිනේරු කාර්යයන් සඳහා දායකත්වය සපයන ප්‍රමුඛ පෙළේ ජපාන සමාගමකි. ඔවුන් දශක කිහිපයක සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි අදියර පුළුල් කිරීම සඳහා යෙන් බිලියන 62 (වර්තමාන ගාස්තු අනුව ඩොලර් මිලියන 462) දැවැන්ත කොන්ත්‍රාත්තුව ලබාගත්තේ එම සමාගමයි. ජයිකා ආධාර යටතේ ක්‍රියාත්මක එම ව්‍යාපෘතිය ඔවුන් ලබාගත්තේ 2020 වසරේදීය. සිවුමහල් මගී පර්යන්ත ගොඩනැගිල්ලක්, උස් පාලමක් සහ තවත් බොහෝ දේ ඉදිකිරීම සඳහා නියමිතව තිබූ එම කොන්ත්‍රාත්තුව ජපාන සමාගමකට හිමිවීම නිසා එයින්ද කොමිස් මුදල් ලබාගැනීමට මෙරට දේශපාලනඥයන් සහ දූෂිත නිලධාරීන්ට නොහැකි විය. එහෙත් ඔවුහු ඒ සඳහා උත්සාහ කිරීම අත්හැර දැම්මේ නැත. මේ නින්දිත කොමිස් ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා පසුගිය වසරේ ආන්දෝලනාත්මක ප්‍රකශයක් කළේය. ඒ, ශ්‍රී ලංකාවෙ කැබිනට් අමාත්‍යවරයෙක් තායිසෙයි සමාගමෙන් අල්ලස් ඉල්ලන බවය. චෝදනවා එල්ල වූයේ එවක ගුවන් සේවා අමත්‍යංශය හෙබවූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාටය. ශ්‍රී ලංකාව ඉතා අසීරු ආර්ථික තත්ත්වයක සිටියදී එල්ලවූ මේ චෝදනාව එවක ජනාධිපති ධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිවරයා දැඩි අසීරුතාවකට පත්කරන්නට හේතු විය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර බිඳවැටෙමින් පවතින හොඳ හිත නැත්තටම නැතිකරන්නට හේතු විය හැකි මේ සිදුවීමට කුමන හෝ පියවරක් ගතයුතු බැවින් ඔහු වහා පරීක්ෂණයක් පවත්වන්නැයි නියෝග කළේය. අමාත්‍යවරයාද තාවකාලිකව ඉල්ලා අස්විය. එහෙත් ඒ පරීක්ෂණය නිමවන්නට පෙර ගෝඨාට සිය තනතුර හැර යන්නට විය. අනතුරුව ජනපති ධුරයට පත්වනුයේ රනිල් වික්‍රමසිංහය. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා අල්ලස් ඉල්ලූ කතාව පරීක්ෂණ කමිටුව ප්‍රතික්ෂේප කර තිබිණි. අනතුරුව ඔහු යළිත් එම අමාත්‍ය ධුරයේම දිවුරුම් දෙන ලදී. මෙම තත්ත්වය ජපාන තානාපතිට පමණක් නොව ජපාන අධිරාජ්‍යයටම කනට ගැසුවා වැනි ක්‍රියාවකි. අද මේ එක පෙළට අප අත්විඳිමින් සිටිනුයේ එකී අත්තනෝමතික තීරණයෙ ප්‍රතිඵලය.

ජපාන – ශ්‍රී ලංකා සබඳතා තව තවත් අනතුරට හෙළන ආණ්ඩුවේ තීරණයක් වනුයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතුවලින් ජපානය ඉවත් කිරීමට ගන්නා උත්සාහයය. සැබැවින්ම විෂය භාර අමාත්‍යවරයා වන නිමල් සිරිපාල ද සිල්වා ඒ පිළිබඳ දක්වනුයේ දැඩි උනන්දුවකි. ශ්‍රී ලංකා NVOCC නියෝජිතයන්ගේ සංගමයේ හයවැනි වාර්ෂික මහාසභා රැස්වීම අමතමින් ඔහු කළ කතාව මගින් ඒ බවට ඉඟි සපයයි. මේ පිළිබඳ පසුගිය 16 වැනිදා ලිපියක් පළකරන ‘ඩේලි මිරර්’ වෙබ් අඩවිය පවසනුයේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් ජැටියේ (ECT) පාලනයට පෞද්ගලික අංශයට ආරාධනා කරන අතරම එය රජය වෙත රඳවා ගැනීමටද සැලසුම් කරන බව ඇමැතිවරයා පවසන බවයි. පසුගිය දෙසැම්බරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය ජපානයට නැගෙනහිර පර්යන්තය (ECT) ලබාදී ඇති බව ප්‍රකාශ කළ අතර ජපානය එය භාර නොගන්නේ නම්, එම දීමනාව වෙනත් අයට ලබාදෙන බව ඔහු සඳහන් කර සිටියේය.

අද වන විට විෂය භාර අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මෙසේ පැවැසුවද ශ්‍රී ලංකාව නගෙනහිර පර්යන්තයේ කටයුතු ජපානයට සහ ඉන්දියාවට පැවරීමට ගිවිසුම්ගතව ඇත. 2019 මැයි 28 හෝ ආසන්න දිනයක ‘ද හින්දු’ පුවත්පතට ලිපියක් ලියන කොළඹ ‘ද හින්දු’ වාර්තාකාරිනී මීරා ශ්‍රීනිවාසන් පවසනුයේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ගිවිසුමකට ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අස්සන් කළ බවයි. ඒ සඳහා මුලපිරීමට ඩොලර් මිලියන 500ත් 700ත් අතර මුදලක් ඇස්තමේන්තු කර ඇති බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසූ බව එහි සඳහන්ව තිබේ. ව්‍යාපෘතියේ සියයට 51ක කොටස් ශ්‍රී ලංකාව සතු වන අතර හවුල් ව්‍යාපාර හවුල්කරුවන් 49%ක් රඳවාගනු ඇති බව එදා හින්දු පුවත්පත වාර්තා කර සිටියේය. විෂය භාර ඇමැති අද පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට ආරාධනා කරන්නේ එලෙස ජපානය සමග පූර්ව ගිවිසුම්ගත ව්‍යාපෘතියක් වෙනුවෙනි.

Teikoku Data Bank පර්යේෂණ සමාගමට අනුව පසුගිය වසරේ ජූලි මාසය වන විට ජපන් සමාගම් 180ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. මේ වන විටත් ඉන් සෑහෙන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව හැර යෑමට සූදානාමින් පසුවෙයි. එදා දශක හතකට පෙර දැඩි සහෝදරත්වයෙන් අල්ලාගත් ලංකාවේ දෑත මේ වන විට කෙමෙන් අතහරින්නට ජපාන රජය කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාවට ජපානයේ සහාය අත්‍යාවශ්‍යම මොහොතක, එලෙස ජපාන සහාය අහිමි වීම යනු සැබෑම ඛේදවාචකයකි. එහෙත් මේ ව්‍යසනය හමුවේ ලංකාවේ ආණ්ඩු පසුවන විකාරරූපී ස්වභාවය දෙස බැලීමේදී දශක හතරකට පෙර ජාත්‍යන්තර සමුළුවකදී කළ කතාවකට තවදුරටත් කළගුණ සැලකිය යුතු නැති බව ජපනුන්ට සිතේ නම් එහි කිසිම පුදුමයක් නැත.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් සජබය සමග නොකඩවා ඡන්ද සටනේ! දැන් කුලියාපිටියේ! උපාලි පියසෝම මහ සෙනගක් අරන් ඇවිත්! LIVE VIDEO

Next Post

දහස් ගානෙන් උඩ යන සත ගානෙ පහළ එන බිල් ක්ලින්ටන්ලා – බිල් ලාඩන්ලත් – බිල් ගේට්ස්ලත් හොල්මන් කරන ලංකාවෙ බිල්…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.