ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදූව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේසය මත සවිකර තිබූ මක්‍රෆෝනය ගලවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට පහරදී තිබෙනවා.
ඊයේ (21) පැවැති ප්‍රාදේශීය සභා මාසික රැස්වීම අතරතුරදී සිදුවූ එම පහරදීමෙන් තුවාල ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.










