පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ අද පැවැති විරෝධතාවයට ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්රීවරුන් තිදෙනා සහභාගී වී සිටියේ නැත.
ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ සිටියද ඒ කිසිවෙකුත් අද සභාවේ නොසිටියේය.
මීට අමතරව ඊයේ දින විපක්ෂනායක කාර්යාලයේ පැවැති විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ආරාධනා කර තිබුණද ඊටද කිසිදු ජවිපෙ නියෝජිතයෙක් සහභාගී වී සිටියේ නැත.










