• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පුන්නක්කු තණකොළ කන වලිගෙ වනා… තට වැඩියෙන් හොඳයි හෙන්දගෙ කබර ගොනා…

February 21, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
රට පුන්නක්කු තණකොළ කන වලිගෙ වනා… තට වැඩියෙන් හොඳයි හෙන්දගෙ කබර ගොනා…
Share on WhatsAppShare on Facebook

දේව පැලැන්තියේ එක එක කාර්යයන් උදෙසා එක එක වැඩකාරයෝ සිටිත්. ඒ සියලු දෙනාගේම “බොසා” මහ දෙවි “ශිව”ය. ඔහු බුදුන් වහන්සේටත් වසර පන් දහසකට පමණ පෙර ජීවත් වූහ.

දෙව් ලොවේ S.P.B.R සත්‍ය ප්‍රේම භෘංගරාජයා මාතලීය. ඊට ප්‍රධාන හේතුව ඌට හොඳ වාහනයක් ඇති නිසාය. වාහනය සුදුම සුදු අශ්වයන් හයදෙනකු (ජෝඩු තුනක්) බැන්ද කරත්තයකි.

ඇහැටකනට පේන වාහනයක් තියේනම් (අද වගේම එදත්) අපේ කාන්තාවන් දැපනෙ වැටුණේ පෝලිමේය. (ගස්වල කොළ සල්ලි වුණොත් (ඇතැම්) කාන්තාවන් වඳුරන්ටත් ප්‍රේම කරනවා” යැයි කියන්නේ නිකං නෙමේලු.

මාතලියා “සකා” හෙවත් “ශක්‍රයා” ගේ රියැදුරාය. සකා මොකා වුවත් දෙදෙව් ලොවටම අධිපතියාය. අඩු තුන් කෙලක් භාර්යාවෝ ඉන්නවෝය. අපේ වැඩිදෙනකු නහින්නං දෙහින්නං කාලේ සිල් සමාදන්වෙමින් දිව්‍යලෝකේ පර්චස් දහ පහළොවේ කෑල්ලක් දෙකක් වෙන්කරගන්න දඟලන්නේ ඔය නිසාය.

මාතලියා තමන්ගෙ බොසාගෙ පුරාජේරුව කියන්නේ මහත් අභිමානයෙනි.

අපේ ගමේ “බණ්ඩියා” මමා හැමදාම හැන්දෑවට හොඳ “ගහේබඩු” (කිතුල් රා) පොල්කටු තුන හතරක් “ඇදබා” (පානය කර) ඇඳගෙන සිටින පරණ “පලේකාට්” සරම ද වං අතින් අංශක විසිතුන හමාරක් උඩට උස්සාගෙන (අහවල් කාරණේ පේන නොපෙනෙන ගානට) දකුණතින් උඩු රැවුල කරකව කරකවා, “අඩෝ මම තමයි යකෝ ගංගොඩ බණ්ඩියා” කියාගෙන ලෙබ්බෙගෙ කඩේ ළඟට එන ගානට මාතලියා ද බජාර් එකට එන්නේ,
‘රිපුය අසුරා නම්-මහිමිය පුරඳරානම්,

දනුව ඉඳුරා නම්, මමය මාතලි රියදුරානම්’ යැයි පම්පෝරිය කියාගෙනය.

(අසුර රිපු-අසුරයන්ගේ සතුරා වන ශක්‍රයා) මාතලියා ද උගේ බොසා සේම ගැහැනුන් අතරේ හොඳ පොරකි.

අච්චරට ඉච්චර නම් මෙච්චරට කොච්චරද?යන අංක ගණිත සූත්‍රය දමා (ආදේශකර) ශක්‍රයාගේ දර්ශකය බැලිය යුතුය. උත්තරය සකාය, නියම යකාය. ඒ වගේම නියම “දේවානම් පුල්ලියෙකි”.

ඒ දරුවන් නැති (වඳ) කාන්තාවන්ට දරුවන් දෙන්නටත් දක්‍ෂයකු හෙයිනි.

කුස කුමරයාගේ පියා “ඔකාවස්” රජ්ජුරුවන් බව කීවත් රජු “පුස්සෙකි” කුස කුමාරයාත් ඔහුගේ මලයා “ජයම්පති”ත් යන දෙදෙනාම ඔවුන්ගේ මව වූ සීලවතී බිසවට දුන්නේ සකාය. නොදන්නෝ දැනගනිත්වා.

ඒ මෙසේය.
තමාගෙන් පසු රට පාලනය කිරීමට දරුවකු නැති නිසා රාජ්‍ය අරාජික වෙතැයි වැසියන් උද්ඝෝෂණ කළ කල්හි ඔකාවස් රජාණෝ, කොහේ හෝ ගිහින් දරුවකු හරිගස්සාගෙන එන ලෙස සීලවතී බිසවට කියා මාලිගාවෙන් පිටමං කරනු ලැබුවාය.

ඒ අවස්ථාවේ “පඬුඇඹුල” (පාණ්ඩුකම්බල ශෛලාසනය) ගිනියම්ව තම අධෝභාගය “රෝස්ට්” වෙන්න පටන් ගත් කල සකා මහල්ලකුගේ වේශයෙන් මනුලොව පැමිණ ඇයත් කැටුව දෙව්ලොවට ගියේය. අනතුරුව සිරියහන් ගබඩාවට ගෙනගොස් මෙසේ ඇසුවේ යැයි අලගියවැන්න මුකවැටි (කුස ජාතකකරු) කියයි.

“පුතුන්ම දෙදෙනකු දෙමි මෙතොපට ලඳ – එයින් එකකු නුවණැතිවෙයි රුව මඳ,
රුවින් යුතුවු පුතුහට වේ නැණ මඳ – මෙයින් පළමු කොට ඕනෑ කවුරුද?”

ලොවේ බුද්ධියම උසස් නිසා පළමුවෙන් මට බුද්ධිමත් පුතාත් දෙවැනුව ලස්සනම පුතාත් දෙන ලෙසට ඇය ඉල්ලා සිටියාලු. කුසත්, ජයම්පතිත් ඇයට ලැබුණේ ඉන් පසුවලු.

ඒ වැඩේට අතිදක්‍ෂ සකා ඇනගත්තේ එක්තරා ඉසිවරයකු නැති අතරේ “කොටු” පනින්න ගිය වෙලාවේය. හදිසියේම ගෙදර ආ ඉසිවරයාට වැඩේ අතටම අසුවූ තැන සකාට සාප කෙළේය. ඒ සාපයෙන් උගේ (සකාගේ) ඇඟ පුරාම “ස්ත්‍රී” කාරණා දහසක් (1000) මැවුණේලු. ඒ නිසා සකාට පාරටවත් බහින්න බැරිවූ තැන අනුකම්පා කළ වෙනත් ඉසිවරයකු ඒ කාරණා සියල්ල ඇස් (අක්‍ෂි) බවට පත්කෙළේලු.

දහසක් දිවැස් ඇති-දෙදෙව් ලොවටම අධිපති,
මට ඉඳුරු දික්පති-දනෝ සක් දෙවිඳු යැයි පවසති) යැයි කියන්නේ ඒ කාරණා දහසම ඇස් වූ පසුවය.

ඔය M.K.R “ක්ලික්” එකේ (මෝඩයට-අහවල් එක-රත්තරං) අනිත් පැණියා “ගණා”ය. ගණා කියන්නේ ගණපතිය. පුල්ලෙයාරේය. අලි බඩක් ඇත්තේ අන්න ඒ උන්නැහේය. හැබැයි ඒ ලොක්කා තුන්ලෝකෙටම සිටින බුද්ධිමතා බව කියන “ඤාණරත්නය”. හත් පොළේම ගාගත්තා සේම නාගත් අපේ මොළ හතානන්ට පමණක් ගණා දෙවැනිවේ.

දේව කල්ලියේ සෑම කෙනකුටම බිරියෝ සිටිත්. ගණාගේ මල්ලී වන මිස්ටර් ස්කන්ධට හෙවත් කතරගමටත් දෙදෙනෙකි. වල්ලි නීත්‍යනුකූල එකය. තේවානි Spare Wheel එකය. එහෙත් ගණාට එක්කෙනකුවත් නැත. අනියම් කෙනකු තබා අඩුමතරමින් දැනමුතු වෙන්නටවත් (වැඩිවිය පැමිණෙන්නට) ඕං මේං කියා ආසන්න දේව පැටික්කියක්වත් නැත.

ඒ නිසා කොච්චර බොරු ෂෝක් දැම්මත් “උම්හු” වැඩක්වී නැත. එහෙත් ඌට කාන්තා පක්‍ෂය “නක්කලේ” නම් දමති. බණිති. ඇනුම්පද කියති. ඒත් ලොක්කාට වගේ ගානක් නැත. සියල්ල සිනාසෙමින් ඉවසා දරා සිටියි. වැඩක් කරගන්න නම් ගණාට හොඳටෝම බණින්න ඕනෑ යන්න චිරාත් කාලයක් තිස්සේ කාන්තාවන් අතර ඇති මතයයි.

පුල්ලෙ(යාර්)ට කාන්තා ආකර්ෂණය නැති හේතුවක් තිබේ. අලි බඩ නිසාය. එවැනි බඩක් තියෙද්දී කිසිම දෙයක් කළ නොහැකි බව දන්නෝ දනිති. ඒ නිසා ගණා දෙව්ලොවේ දෙවේලේම වේළෙමින් සිටින්නේය. පවුලක් පන්සලක් නැති නිසා පුල්ලේට පවුලක වගකීමක් ද නොතේරේ.

හොරාට ගණ දෙවියන්ගේ මොළේ ඇතැයි ඉතා ප්‍රසිද්ධ ගැමි මතයකි.

අපත් ඕවා කියන්නං වාලේ කීවාට ඒවායේ ශ්‍රේෂ්ඨ බව දැනගන්නේ හොඳටෝම ප්‍රත්‍ය්‍යක්‍ෂ වූ විටය. ඒ කතාව ඇත්ත බව ඊයෙ පෙරේදාද නිකං කල්පනා කරකර ඉන්න විට වැට දිගට (වැටහී) ගියේය. ඒ විශ්වවිද්‍යාලයේ කැඳවුම්කාර අපේ සොහොයුරු වසන්ත මුදලිගේ රක්‍ෂිත බන්ධනාගාරයෙන් Release වූවාට පසුවය. ඊට හේතුපාදක වූවේද ආරක්‍ෂක අංශයක සිටින මගේ අතීසාර මිත්‍රයකු හීන්සැරේ කී කතාවක් නිසාය. ඉලැක්ෂන් එකක් තිබ්බොත් කැතිගෑවිලා හැඳිගෑවිලා යන බව රනිල් ලොක්කලා, කාක්කලා අවබෝධකර ගෙන සිටියේලු.

ඉලැක්ෂන් එකක් නොතිබ්බොත් සජිත්ලා, අනුරලා යකා නටන බවත් දැන හැඳින එවැන්නක් නොවන්නට නාහෙට නාහන ක්‍රියාකාරීන් ආණ්ඩු මට්ටු කිරීමට ප්ලෑන් ගැහුවේලු. හොඳ වැඩකාරයකු අල්ලා දඟලන්න බැරිවෙන්න කූඩු කළ විට අනිත් උන් මේච්චල් කළ හැකිය යන නියායෙන් කුට්ටම ඇනූ බව පැවසිනි. වසන්ත මලයා ත්‍රස්ත පනත යටතේ හිරේ විලංගුවේ වැටුණේ ඔන්න ඔහොමලු.

දැන් ගේම පළාත් පාලන මැතිවරණය නොතියා ඉන්නටය. ඒ තියන්නට බැරි නිසාය. තිබ්බොත් දුවන්න රට මදිවෙන නිසාය.

දැන් රටේ මිනිස්සුන්ට ඇතැයි කියන්න ඇත්තේ මරාගෙන මැරෙන කේන්තියක් පමණකි.
කන්න දෙයක් නැත. විදුලිය නැත. ලෙඩට දුකට බෙහෙත් ටිකක් නැත. බෙහෙත් නැතිව මියයන්නන් ගැන තොරතුරු එළියට එන්නේ ද නැත. දැන් සිංචනා විදුලි ගාස්තුව ද වැඩිකරගත්තේය. හෙට අනිද්දා වනවිට බඩු ගණන් යාමෙන් කෑම නැතිව මිනිසුන් මියගොස් රට විසාලා මහනුවරක් වෙන ලකුණුද පෙනේ.

එහෙත් ලොක්කා වලහා කේතලේ බදාගත්තා සේ බදාගෙන සිටියි. යන පාටක් නැත. යන්නට හිතන පාටක් ද නැත. නොයා ඉන්නට ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහයි.

පළාත් පාලන මැතිවරණය නොතියන්නට ගහපු තුරුම්බු ගණන දැනට විසි දෙකකි. අලුත්ම එක බැලට් පේපර් ගහන්න අත්තිකාරම් දෙන්නවත් මුදල් නැති බණේය.

එහෙව් එකේ අපේ අභිමානය ලෝකෙට කියන්න කෝටි විස්සක් වියදම් කර නිදහස සමරනු ලැබුවේය. මේ ගණන ආණ්ඩුව කියන ගණනය. එහෙත් ඇත්ත වශයෙන්ම වැය බර රුපියල් හතළිස් කෝටිය ඉක්මවා ඇතැයි දැනගන්නට තියේ.

ගෝඨාගේ සමයේ සැමරුව නිදහස් උත්සවයට වැය වූයේ කෝටි විස්සක් බව මුදල් අමාත්‍යාංශයේ හිතවත් ආරංචිවලින් පැවසේ.

මහජනයා වශී කරගැනීමට සල්ලි නැති මංතරය ජපකරමින් වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ආදිය දීමටවත් දුෂ්කර බව කියති. එහෙත් ඇමැතිවරුන් තුන්දෙනකු පත්කළේ ඇයි දැයි කියන්නේ නැත.

උපයන විට බද්දෙන් දැන් මිනිසුන්ගේ වැටුපටත් කෙළලා දමා ඇත. මා දන්නා විශ්‍රාමිකයකුගේ වැටුප කාක්කා විසින් ආඳන ලද රුපියල් පන්දහස ද සමග රුපියල් විසිඅට දහසකි. බේත් හේත් අරගෙන විදුලි බිල්, ජලබිල් ගෙවාගෙන ජීවත් වෙන්නේ කෙසේ දැයි ඔහු මගෙන් ඇසුවේය.

මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ පහ හයකි. අවුරුදු දහ පහළොවක් තිස්සේ එමගින් එකතු කරගත් ධනය ද ලේසි එකක් නොවේ.

බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ දීමනා රුපියල් ලක්‍ෂ විස්සක් පමණ වේ. (පසු ගිය දිනවල ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැටුප් දීමනා ගැන මාධ්‍ය මගින් අනාවරණ වූ විස්තර සිහිකර බලත්වා) ඒ නිසා ඔය හිටපු කබර රාළලා ප්‍රමුඛ කොටත් නිලධාරි පැලැන්තිය මහජන හිතකාමී අන්දමින් කිසි දවසක නිවැරැදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේ නැත. ඔවැන්නන්ගේ ප්‍රධාන රාජකාරිය ගොං පස් ඇල්ලීම පමණි.

දැන් මහජනයාට තමන්ගේ දුක කියන්නවත් කෙනකු නැත. ඉස්සර නම් සකාගේ රාජකාරිය මනුස්ස ලෝකේ විපතකට පත්ව සිටින්නකුට පිහිට වීම බව පොතපතේ සඳහනි. මුලදී එසේ වන්නට ඇත. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කීවා සේ අඩුම වශයෙන් ගැහැනියකට දරුවකු හදාදෙන්නවත් ශක්‍රයා මනුස්ස ලෝකය දෙස ඇස් දහස විදහා බැලුවේය. දැන් ඒකත් නැත. දැන් සකාත් අපේ දේශපාලනඥයන්ගේ තත්ත්වයට පත්ව ඇති සේය. රට ගැන බලන්නේ නැත.

අනේ සකෝ දැන් නම් තමුසෙට ආමන්ත්‍රණය කරන්න තියෙන්නේ සකෝ කියා නම් නොවේ.

කට යුතු කරනු බැරිනම් “සක්” පදවි ගෙනා
රටට වැඩක් නැති දහසක් නෙතැති කනා
රට පුන්නක්කු තණකොළ කන වලිගෙ වනා
තට වැඩියෙන් හොඳයි හෙන්දගෙ කබර ගොනා



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රනිල් ඉතුරු වුණේ ජාතියේ වාසනාවට! VIDEO

Next Post

අපි ඔයාට බය නෑ රනිල්! ඔයා නුවර ගියේ අපිට බයේනෙ! කැබිනට් රැස්වීම තිබ්බෙත් නුවරනෙ! අපි ඊළඟට එන්නෙ නුවරට! කොළඹ වට කරපු විරෝධයේදී මරික්කාර් රනිල්ට දුන්නු චැලෙන්ජ් එක! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.