නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක සහ ලාංකික කාන්තාවක අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇත.
එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටියේ මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇති බවය.
චීන ජාතික කාන්තාව මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පැවසේ.










