• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ තුනක් ෆෝන් එකට! මාසෙ ගානෙ දහ දාහයි! මිනිස්සුන්ගෙ ජීවිත දැන් හිතන් නැති තරම් ලාබයි…!

February 19, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ලක්ෂ තුනක් ෆෝන් එකට! මාසෙ ගානෙ දහ දාහයි! මිනිස්සුන්ගෙ ජීවිත දැන් හිතන් නැති තරම් ලාබයි…!
Share on WhatsAppShare on Facebook

ෆෝන් එකකට පුළුවන් මනුස්සයෙක්ව ජීවත් කරන්න. ඒ වගේම ෆෝන් එකකට පුළුවන් මනුස්සයෙක්ට පණ දෙන්න. ෆෝන් එකකට පුළුවන් මනුස්සයෙක්ව නැති කරලා දාන්න. සමහර වෙලාවට ෆෝන් එකකට පුළුවන් මනුස්සයෙක්ව මරලා දාන්න. මේක ෆෝන් එකක් ගැන කතාවක් නෙවෙයි. මේක මනුස්සයෙක් ගැන කතාවක්. හැබැයි මේ මනුස්සයෙක් ගැන කතාවට ෆෝන් එකක කතාව සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ෆෝන් එකක් සහ මනුස්සයෙක්ගෙන් කතාවක්. මේ කතාව අයිති 17 හැවිරිදි පාසල් සිසුවෙකුට. ඔහු මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූවෙක් බවයි කියැවෙන්නේ. ඔහුගේ වයස අවුරුදු 16ක් විතර ඇති. අපි එහෙම ගණනය කරන්නේ ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුවෙක් නිසා. අපොස සාමාන්‍ය පෙළ විභාග කාලයේ මේ ශිෂ්‍යයා සහ තවත් ශිෂ්‍යයෙක් අතර යම් ගැටුමක් ඇතිවෙනවා. මේ ගැටුම පාසල් සිසුන් දෙදෙනක් අතර ඇතිවූ ගැටුමක්. එය පොලිසියට පැමිණිලි කරන්න තරම් දුරදිග ගිය ගැටුමක් නෙවෙයි. කිසිවෙකුට තුවාල සිදුවූ ගැටුමක් බරපතළ මට්ටමේ ගැටුමකුත් නෙවෙයි. නමුත් මේ ගැටුම අවසානයේදී මේ එක ශිෂ්‍යයෙක්ගෙ මවුපියෝ යනවා පොලිසියට. ඒ, මේ අපි කතා කරන කතානායකයා නොවෙයි, ඔහුත් සමග ගැටුම ඇති කරගත් අනෙක් ශිෂ්‍යයා. ඔවුන් පොලිසියට ගිහින් කියන්නේ මේ දෙදෙනා අතර ඇතිවෙච්ච ගැටුමෙන් තමන්ගේ දරුවා සතුව තිබිච්ච රුපියල් ලක්ෂ 03ක් පමණ වටිනා නවීන ජංගම දුරකතනයට හානි සිදුවූ බව. මේ සම්බන්ධව මීගමුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ කළ බව දැනගන්නට තිබෙනවා. ඒවායේ සත්‍ය අසත්‍යතාව අපි නිල වශයෙන් දන්නේ නෑ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අලාභය සිදුකළ බව කියන අපේ කතානායක සිසුවා සහ ඔහුගේ මවුපියනුත්, ජංගම දුරකතනය අයිති සිසුවා සහ ඔහුගේ මවුපියනුත් පොලිසියට කැඳවා සාකච්ඡා කරනවා. පැමිණිල්ල විභාග කළාට පස්සේ පොලිසිය තීරණයකට එනවා ඒ ජංගම දුරකතනයට හානි කිරීමෙන් සිදුවුණු පාඩුව අපි මේ කතා කරන ශිෂ්‍යයා විසින් ගෙවිය යුතු බව. මේ ගෙවීම සම්බන්ධව ඔවුන් කතිකා කරගන්නවා. ඒ කතාවට අනුව මාසයකට රුපියල් 10,000 බැගින් පැමිණිලි පාර්ශ්වයට ගෙවීමට චෝදනාවට ලක්වූ සිසුවාට සහ ඔහුගේ පවුලේ අයට සිදුවෙනවා.

මේවායේ නිවැරැදි ගණන් මිනුම් ගැන අපි දන්නේ නෑ. නමුත් රුපියල් ලක්ෂ 03ක් නම් ඔවුන් ගෙවිය යුතු මුදල රුපියල් 10,000 බැගින් නම් ඔවුන් එය මාස 30ක් තිස්සේ ගෙවිය යුතු වෙනවා. ඒ කියන්නේ අවුරුදු 2ක් සහ මාස 06ක්. පවතින ආර්ථික අර්බුදය සහ අද පවතින තත්ත්වය පවතින තත්ත්වය මත සමහර විට පවුලකට මේ මුදල ඉතා පහසුවෙන් ගෙවිය හැකි විය හැකියි. ඇතැම් වෙලාවට කිසිසේත්ම මේ මුදල ගෙවීමේ හැකියාවක් නැති තත්ත්වයක් උද්ගත වීමේ හැකියාවත් තියෙනවා. අද වෙනකොට ගොඩ දෙනකුට රැකියා නැහැ. බොහෝ දෙනකුට ආර්ථික අපහසුතා. ජීවත් වෙන්න විදියක් නෑ. රස්සාවක් තිබුණත් හරිහම්බ කරගන්න විදියක් නෑ. ඔය විදියේ ප්‍රශ්න දහස් ගණනක් තියෙන අතර තමයි මේ භයානක විපත මේ පවුලට සිදුවෙන්නේ. ඔවුන්ට අනුව ඇතැම් විට මේක භයානක විපතක් නොවෙන්න පුළුවන්. නමුත් ලියුම්කරුට අනුව මේක භයානක විපතක්. ඒකට හේතුව මාස 30ක් තිස්සේ රුපියල් 10,000 බැගින් ගෙවන්නට සිදුවීම. යම් පවුලක ආර්ථික ශක්තිය කොච්චර වුණත් දරාගන්න බැරි දෙයක්. ඒ වගේම මේ පහරදීම සිදුවුණේ කොහොමද, මේ ජංගම දුරකතනයට හානි කළේ කොහොමද කියන එක සහ පාසල් සිසුවෙකුට මේ තරම් වටිනා ජංගම දුරකතනයක් අරගෙන දුන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. ඒ වගේම තමන්ගේ දරුවාට ලක්ෂ 03ක් වටිනා දුරකතනයක් අරගෙන දීලා ඒක විඳදරා ගැනීමට බැරි වීමත් ගැටලුවක්. ඒ වගේම කෙනකුගේ විශාල වටිනාකමක් ඇති දේකට හානි කිරීමත් ඒ වගේම ගැටලුවක්.

කොහොම නමුත් කතන්දරේ මේ විදියට සිදුවෙලා කාලයක් ගතවෙලා ගිහිල්ලා ඊයේ වාර්තා වෙන්නේ මේ කතාවේ ඊළඟ කොටස. ඒ, 17 හැවිරිදි පාසල් සිසුවෙකු තෝප්පුව පාලමෙන් ගඟට පැන ඇතැයි කොච්චිකඩේ පොලිසිය වාර්තා කළ සිදුවීම. නාවික හමුදාවේ සහ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කිමිදුම්කරුවන් යොදවා මෙහෙයුමක් දියත් කළත් කොච්චිකඩේ පොලිසිය පවසන පරිදි පණ ඇති සිසුවෙක්ව හොයාගන්න ඔවුන් කිසිවකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ඔහු මියගිය බව. ඔහුගේ මරණයෙන් පස්සේ මේ ජංගම දුරකතනයට ගෙවිය යුතු රුපියල් 10,000 මුදල ඔහුගේ මවුපියන් විසින් ගෙවිය යුතුද, එහෙම නැත්නම් ඒ ගෙවීමේ කතන්දරය එතැනින් නිමා වෙනවාද යන්න අපි දන්නේ නැහැ. නමුත් අපට මේ සිදුවීම සහ මේ ප්‍රවෘත්තිය සම්බන්ධව වාර්තා වෙන ආසන්නතම කතන්දරය වන්නේ අදාළ ශිෂ්‍යයා රුපියල් 10,000ක් ගෙවීමේ කතන්දරය හේතුවෙන්ම සියදිවි නසාගත් බව.

මේ ලිපිය ලියන මොහොත වන විටත් ඔහුගේ දේහය සොයාගෙන නැති වුණත්, ඔබ මේ ලිපිය කියවන අවස්ථාව වන විට එය සොයාගෙන ඇතැයි අපි විශ්වාස කරනවා. කොහොම නමුත් රුපියල් ලක්ෂ 3-4ක මුදලක් හේතුවෙන් මියගිය පළමුවැන්නා මේ සිසුවා නොවන අතර, මෙවැනි ආරවුලක් මීට වඩා යහපත් ආකාරයට විසඳාගත හැකිව තිබුණු බවත් අපට දැනෙනවා. රටක දරුවන්, මවුපියන්, වැඩිහිටියන් සහ පොලිසිය සියලු දෙනාම එකතු වෙලා විසඳිය යුතු ප්‍රශ්න විසඳනවා වෙනුවට ඒවා තවදුරටත් ප්‍රශ්න බවට පත්කර ගැනීමත් අපට මේ රටේ නිතරම දකින්න ලැබෙනවා. අපට අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය අහන්න තියෙන්නේ කාගෙන්ද කියන එක ගැන අපි දන්නේ නෑ. කොහොම නමුත් මේකට උත්තර දෙන්න ඔබට පුළුවන් නම් ඔබ උත්තරයක් දෙන්න. ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක වටිනාකම කීයද? රුපියල් ලක්ෂ 03ද? ජංගම දුරකතනයට හානි කළ ශිෂ්‍යයාගෙන් එහි පාඩුව රුපියල් 10,000 බැගින් මාසයකින් ගෙවා නිමකළ හැකි නම් මේ ශිෂ්‍යයාගේ වටිනාකම පොලිසිය විසින් මිල කරන්නේ කීයකටද? ඒ මවුපියන්ට මේ ශිෂ්‍යයාගේ වටිනාකම ගෙවන්නේ කවුද? ඔහුගේ මාසික වටිනාකම කීයද? ඔහුගේ වටිනාකම ගෙවලා ඉවර වෙන්නේ කවදාද? මාසෙකට කීය ගානෙද එය ගෙවන්නේ? මේ ප්‍රශ්නවලට උත්තර නෑ. දරුවෙක් අවුරුදු 17ක් ලොකු මහත් කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඔහු ඉතාම අහිසංක නම් ඔහුට තිබුණේ එකම හිත් තැවුල මේ ජංගම දුරකතනය පිළිබඳ ප්‍රශ්නය නම්, දැන් අපි කාටද මේ අවනඩුව කියන්නේ?

මේක නාට්‍යයක් නොවන නිසාත්, මේක නවකතාවක් නොවන නිසාත්, මේක චිත්‍රපටයක් නොවන නිසාත්, මේක මේ මහපොළොවේ සිදුවූ ඇත්ත සිදුවීමක් නිසාත් ඔබටත් මටත් මේ කතාව ලේසියෙන් අමතක කරන්න බැරි වේවි. තුර්කියේ මිනිස්සු මියයනකොට ඒ අය බේරගන්න දහස් ගානක් මිනිස්සු ජීවිත පවා කැපකරලා වෙහෙසෙන ආකාරයේ වීඩියෝ ඔබ ඕනෑ තරම් දැකලා ඇති. ඒ නිසා කරුණාකරලා ඔබේ ජීවිතේ වටිනාකම ඔබ අවබෝධ කරගන්න. ලෝකයට ඔබ කොච්චර වටිනවද, මේ මහපොළොවට ඔබ කොච්චර වටිනවද, හෙටට ඔබ කොච්චර වටිනවද, අවුරුදු 17ක් තිස්සේ මේ දරුවා ලොකුමහත් කරන්න සාමාන්‍ය ජනතාව වෙච්ච අපි කීයක් වියදම් කරලා තියෙනවද? රජය කීයක් වියදම් කරලා තියෙනවද? මවුපියෝ කීයක් වියදම් කරලා තියෙනවද? මේ රට ඔබව ආරක්ෂා කරගන්න කොයි තරම් දේවල් කරලා තියෙනවද? මේක ප්‍රශ්න පතත්තරයක් මුද්‍රණය කරගන්න බැරි දුප්පත් අහිංසක රටක්. එහෙම රටකට පුතේ උඹලා මේ කරන දේවල් දරාගන්න බෑ. ඒකට හේතුව අපි හිතනවා අපට හෙටක් තියෙනවා කියලා. අපි විශ්වාස කරනවා ඒ හෙට දවස අයිති උඹලට කියලා. රටට හෙටක් හදන්න ඉන්න එවුන් මේ විදියට මියයනකොට අපට දරාගන්න බැරි ඒ නිසයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හෙට මුලු රටටම තීරණාත්මකයි! ඡන්දය නවත්වන ලෙස ඉල්ලා පැවරූ නඩුව හෙට ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගන්නවා! කලින් දින දීලා තිබුණේ 23ට!

Next Post

මුද්‍රණාලයාධිපතිනියගේ හඬ පටයක් සුනිල් වටගල එළියට දමයි! ඡන්දෙ ගැන දෙවතාවකදි කියන්නේ කතා දෙකක්! VIDEO

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.