• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සතුට සමග යළි හිමිවන උතුරේ ඉඩම් අයිතිය…

February 17, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
සතුට සමග යළි හිමිවන උතුරේ ඉඩම් අයිතිය…
Share on WhatsAppShare on Facebook

අසූව දශකයේ හිස එසවූ ජාතිවාදයේ රුදුරු අවි පාරම්පරිකව සිය මුතුන් මිත්තන්ට හිමිව තිබූ භූමිය ඔවුන්ට අහිමි කළේය. එකල උතුරේ ඇතිවූ ත්‍රස්තවාදී කලබල සහ ආනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් උපයාගත් වස්තූන් සහ දහදිය හෙලූ බිම හැරදා යෑම හැරුණුකොට වෙනත් විසඳුමක් ඔවුන් සතු නොවීය.

දශක තුනක බිහිසුණු අත්දැකීම් සමුදායකට පසු යළිත් තම වැඩිහිටියන්ගේ සුවඳ රැඳුණු බිමේ ආශ්වාදය විඳීමට ඔවුන්ට දැන් කාලය එළඹී ඇත. ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් සිදුනොවන අයුරින්, ඔවුන්ට අහිමිව ගිය ඉඩකඩම්වල අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇත.

සිවිල් ජනතාවගෙන් තාවකාලිකව පවරාගත් ඉඩම් ඔවුන්ට නැවත ලබාදීම, ජාතීන් අතර අවබෝධය සහ සහජීවන ගොඩනැංවීමේ එක් පියවරක් වශයෙන් හැඳින්වීමද වරදක් නොවේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2010 මැයි 15 දින පිහිටුවූ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ අනුවද සිවිල් ජනතාවගෙන් තාවකාලිකව පවරාගත් ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට නිර්දේශ කර තිබිණි. එහි මෙසේ සඳහන් වේ.

‘ආරක්ෂක හමුදා සිවිල් පරිපාලනයෙන් වහා ඉවත්විය යුතු බව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් නිර්දේශ කරයි. ඇතැම් ඉඩම් ආරක්ෂක හමුදා ප්‍රයෝජනයට ගැනීම ආරක්ෂක අවශ්‍යතා සඳහා වුවත් පදිංචි වීමට මහජනයාට ඉඩ සැලසීමේ ප්‍රතිපත්තියට ප්‍රමුඛතාව දිය යුතුය. එම ඉඩම් හැකි උපරිමය මුදාහැරීම ඉක්මන් කළ යුතුය.’ LLRC වාර්තාව, 9 වැනි පරිච්ඡේදය, 134 වැනි නිර්දේශය.

2011 දෙසැම්බර් 16 වැනිදා LLRC වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය සභාවට ඉදිරිපත් කළේ එවක පාර්ලිමේන්තුවේ සභානායක, එවක රජයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

යුද්ධය අවසන් වුවද උතුරේ ජනතාවට යහපත් අනාගතයක් හෝ වර්තමානයක් හිමිවූයේ නැත. උතුරේ ජනතාව තව තවත් ඇද වැටුණේ කබලෙන් ළිපටය. ඔවුනට යහපත් හෙටක් පිළිබඳ අපේක්ෂා පළවුවද ඔවුන්ගේ ඒ අපේක්ෂා මල්ඵලගන්නට බොහෝ කල්ගත විය. ‘අපිට ඉඩම් නැහැ. අපිට ගෙවල් නැහැ’ ඔවුන් හැමදා නැඟූ චෝදනාවයි. නමුත් ඒ චෝදනාවලට දැන් දැන් සුබ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.

ඕනෑම අයකුට ඉඩමක අයිතිය හිමිය. උතුරේ ජනතාවට ද එය එසේමය. උතුරේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන විට ‘මෙන්න හමුදා කඳවුරු ඉවත් කරනවා’ යන චෝදනාව රජයන් වෙත එල්ල විය. එහෙත් හමුදාවේත් රජයේත් ඉලක්කගත අරමුණ වූයේ ‍මොවුන් වෙත සාධාරණය ඉටුකිරීමය.

1990 දශකයේදී දකුණේ සිවිල් යුද තත්ත්වය තුළ හමුදාව අත්පත් කරගත් ඉඩම් යුද්ධය අවසන්වීමෙන් පසු සිවිල් ජනතාව වෙත හමුදාව නැවත ලබාදුන් අතර ආරක්ෂක අංශ සතුව පැවැති උතුරු සහ නැගෙනහිර පළාත්හි භාවිත කරනු ලබන රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන පරිදි නිත්‍යනුකූල හිමිකරුවන් වෙත නිදහස් කිරීම තුළින් රට තුළ සංහිඳියාව සහ වාර්ගික සහජීවනය ඇතිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ ආයතන වෙත සහයෝගය ලබාදිය යුතුය.

2018 වසරේදී යාපනය ප්‍රදේශයේ ඉඩම් අක්කර 683 ක ප්‍රමාණයක් නිදහස් කරන ලද අතර එය මෑත කාලීනව නිදහස් කරන ලද වැඩිම ඉඩම් ප්‍රමාණය ලෙස ද වාර්තා වේ. ඒ අනුව, විවිධ ජන කොටස් අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිකිරීමේ තවත් පියවරක් වශයෙන් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වට්ටපලෛ සිට පුදුකුඩුඉරිප්පු දක්වා වූ පොදු මාර්ගය මහජනතාව වෙනුවෙන් 2018 නව වසර උදාවීමත් සමගම විවෘත කරන ලදී. මෙම වසරේ අප්‍රේල් මාසය තෙක් අවුරුදු 08කට වැඩි කාලයක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දිවෙන මෙම වට්ටපලෛ සිට පුදුකුඩුඉරිප්පු දක්වා වූ පොදු මාර්ගයේ කිලෝමීටර් 2ක් දිග කොටසක් සිවිල් වැසියන්ගේ ගමනාගමන කටයුතු සඳහා භාවිතයෙන් තොරව පැවතිණි.

එමෙන්ම, මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කේප්පපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 133.34 ක ප්‍රමාණයක් නිදහස් කරන ලද අතර, 2017 දෙසැම්බර් මස 28 වැනි දින පැවැති උත්සවයකදී යුද හමුදාව ඉදිකරන ලද නව ගොඩනැගිලි සහ අලුත්වැඩියා කරන ලද නිවාස 28ක් ද ජනතාව වෙත පවරා දෙන ලදී. කේප්පපිලව් ප්‍රදේශයේ නිදහස් කරන ලද ඉඩම් අක්කර 133.34ක ප්‍රමාණයෙන් තවත් ඉඩම් අක්කර 111.05ක ප්‍රමාණයක් නීත්‍යනුකූල හිමිකරුවන් 68 දෙනකු වෙත සහ සීනියාමොටෙයි ගම්මානයේ ඉඩම් අක්කර 21.84ක ප්‍රමාණයක් නීත්‍යනුකූල ඉඩම් හිමිකරුවන් 17 දෙනකු වෙත බෙදාදෙනු ලැබීය.

යුද හමුදාව කෙප්පපිලව්හි ඉඩම් අත්පත් කරගන්නා අවස්ථාවේදී වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා තිබූ අඩක් ඉදිකරන ලද ගොඩනැගිලි 8ක් සහ ඒවායේ අත්තිවාරම් පමණක් ඉතිරිව තිබූ අතර, මෙම ඉඩම් අක්කර 133.34ක් මුදාහැරීමට පෙර යුද හමුදාව එම ඉඩම් හිමියන් සඳහා අදාළ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මෙන්ම නව ස්ථිර නිවාස 28ක් ද ඉදිකර දෙන ලදී. 2017 දෙසැම්බර් මසට පෙර, ශ්‍රී ලංකා යුද හමුදාව උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන ප්‍රදේශයන්හි සහ නැගෙනහිර පළාතේ අම්පාර, මඩකළපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි ද රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 55,510.58ක ප්‍රමාණයක් නිදහස් කරන ලදී.

එසේම, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වසර 28කට පසු කන්කසන්තුරෙ සහ පේදුරුතුඩුව තෙක් දිවෙන AB – 21 ප්‍රධාන මාර්ගය මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා විවෘත කරන ලද අතර, මෙමගින් තොණ්ඩමනාරු සහ අනෙකුත් ගම්මානයන්හි වෙසෙන ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවන් මෙන්ම වෙළෙඳ කටයුතු සඳහාද අවැසි පහසුකම් සැලසී ඇත.‍

එසේම 2023 පෙබරවාරි 01 වන විට යාපනය දිස්ත්‍රික්කයේ රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 22603.71ක ප්‍රමාණයක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 24929.88ක ප්‍රමාණයක්, මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 7430.51 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1368.29ක්, වව්නියා දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 6304.62ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 109.73ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1056.68ක්, අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 7511.64ක් ලෙස සම්පූර්ණ ඉඩම් අක්කර 71315.06ක් සිවිල් මහජනතාව වෙත මුදාහැර තිබිණි.

එසේම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරය සහ පලාලි ප්‍රද්ශවල කන්කසන්තුරය මධ්‍යම, මයිලඩි උතුර, තෙන්නමලෙයි, පලාලි උතුර යන ග්‍රාම නිලධාරී වසම්වල තවත් ඉඩම් අක්කර 80.14ක ප්‍රමාණයක් 75 වැනි නිදහස් දිනයට සමගාමීව ඉඩම්වල නීත්‍යනුකූල හිමිකරුවන් වෙත බෙදාදීම සඳහා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත එම ඉඩම්වලට අදාළ ලිපි ලේඛන භාරදෙනු ලැබීය.

මෙලෙස සිවිල් ජනතාව සතුව තිබූ ආරක්ෂක හේතූන් මත ආරක්ෂක අංශ වෙත පවරාගත් ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විට යළි මුල් හිමිකරුවන් වෙතම ලබාදීම හේතුවෙන් උතුරු-දකුණු මිතුරු බැඳීම් තව තවත් තරවනු ඇත. එය අනාගතය සශ්‍රීක දේශයක සුබ ලකුණුය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

මතු බුදු නොවනු ශ්‍රී වික්‍රම රාජසිංහ…

Next Post

මම යාපනේ පෙම්වතිය සඳරැසී සුදුසිංහ ලියන්නේ මාතර ඉඳන්…

MORE NEWS

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

Load More
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

"බෝම්බ හැදුවේ සලේ නෙමෙයි..බෝම්බ හැදුවේ ජවිපෙ ඊබ්‍රහිම් නානගේ තඹ කර්මාන්ත ශාලාවේ" - "සිරිල් ගාමිණී පියතුමනි කොළේ වහලා ගහන්න එපා" Sri...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.