ADVERTISEMENT
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
යම් හෙයකින් මෙම දින දෙක ඇතුළත ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී තීරණයක් ගන්නා බවද ඔවුන් සඳහන් කළේය.