• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයියාට ‌මේ රජ ‌ගේ මල්ලි සදාලා…

January 24, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
අයියාට ‌මේ රජ ‌ගේ මල්ලි සදාලා…
Share on WhatsAppShare on Facebook

‘සූදානම් වන්න. අතිවිශිෂ්ටතම ජනතා විජයග්‍රහණයට…’
මේ පසුගිය ජනවාරි 9 වැනිදා උදේ 11.20ට එක්තරා ෆේස්බුක් ගිණුමක සටහන්ව තිබූ වචන කිහිපයකි. ඒ සටහන තබා තිබුණේද ලංකාවේ සිට නොව ලංකාවට සැතපුම් දහස් ගණනක දුරින් පිහිටි ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිටය.
‘එහෙනම් ඇමෙරිකාවේ ඉඳන් අප්‍රේල්වල ලංකාවේ තියන මහ ඡන්දය ගැන දැන්ම තියා ප්‍රතිඵල කියන ජගතා කවුද?’
ඒ ජගතා වෙන කවුරුවත් නොව බැසිල්ය. රාජපක්‍ෂ සහෝදර සමාගමේ බඩපිස්සා වූ බැසිල් රාජපක්‍ෂය.
‘අප්‍රේල්වල තියෙන මහ ඡන්දයේ ප්‍රතිඵල ගැන මෙච්චර විශ්වාසයකින් දැන්ම කියා බැසිල් ඇමෙරිකාවේ ඉඳන් කියන්නේ කොහොමද?’
බැසිල් එහෙම කියන්නේ දේශපාලනය ගැන බැසිල්ගේ තියෙන ඉවටය. ඒ තරම් ලංකාවේ දේශපාලනය හැසිරෙන විදිය ගැන බැසිල්ට දුර තියාම කියන්න පුළුවන.
බැසිල් මහින්දව හැදුවෙත් එහෙමය. මොකද උත්පත්තියෙන්ම දේශපාලනය බඬේ බැඳගෙන ආපු රාජපක්‍ෂ පරම්පරාවේ ඊළඟ ස්ටාර් එක වෙන කවුරුවත් නොව මහින්ද බව බැසිල් එදා සිටම දැන උන්නේය. මහින්ද තමයි චරිතය කියලා හැමෝම කටවචනයට කිව්වත් මහින්ද කියන චරිතය ගොඩනැඟීම පිටිපස්සේ සිටි අදිසි හස්තය වූයේ වෙන කවුරුවත් නොව බැසිල්ය.
මහින්ද දේශපාලනය පටන්ගත් දින සිට රජ පුටුවට ගෙන ඒම දක්වා වූ දේශපාලන සිතියම ඇන්දේ බැසිල්ය. මහින්දගේ සියලු ප්‍රචාරක වැඩ, සංවිධාන යාන්ත්‍රණය සකස් වුණේ බැසිල්ගේ අතින්ය. මහින්ද කළේ බැසිල් හදා දෙන කාලසටහනට අනුව මිනිස්සු ඉස්සරහට ගිහින් කතා කරන එකය. මහින්ද ඒකට දක්‍ෂය.
ඒ නිසා හැම මහ මැතිවරණයකදීම ලෝකේ එහා කෙළවරේ හිටියත්, බැසිල් දුවගෙන එන්නේ හම්බන්තොටටය. ඒ නිසා එදා සිටම මහින්දයි – බැසිලුයි කියන්නේ ගහට පොත්ත වගේ, ඉඳිකට්ටට නූල වගේ දේශපාලන හෝඩියේ එකට කියැවෙන වචන දෙකක්ය. ගහට පොත්ත නැතුව ජීවත් වෙන්න බැහැ වගේ, ඉඳිකට්ටට නූල නැතිව පවතින්න බැහැ වගේ මහින්දට බැසිලුත්, බැසිල්ට මහින්දත් නැතුව බැරිය. මහින්ද ඔක්සිජන් ගන්නේ බැසිල්ගෙන්ය. බැසිල් ඔක්සිජන් ගන්නේ මහින්දගෙන්ය. ඒකෙන් වැඩි ප්‍රයෝජනය ගත්තේ මහින්දය. බැසිල් කළේ මහින්දට පාර කපා දීපු එකය.
මේ තත්ත්වය තරමක් වෙනස් වුණේ 94දී මහින්ද පළමුවරට අමාත්‍යාංශයක් භාරගත් පසුය. එවිට මෙපමණ කල් මහින්දට ඡන්ද දිනන්න බැසිල්ව වුවමනා වූවා වගේම අමාත්‍යාංශය කරන්නත් බැසිල්ව වුවමනා විය. මෙච්චර කල් එළියේ සිටි බැසිල් ඇතුළට එන්නේ ඒ අනුවය. මහින්ද එළියේ දේශපාලනය කරද්දී ඇතුළේ අමාත්‍යාංශය දිවෙව්වේ බැසිල්ය. මහින්ද අමාත්‍යාංශය ඇතුළේ සියලු තීන්දු තීරණ ගත්තේ බැසිල්ගේ අනුදැනුම ඇතිවය. මේ නිසා බැසිල්ට අමාත්‍යාංශය ඇතුළේ හතුරෝද ඕනෑ තරම් බිහිවිය.
මේ විදියට මහින්දව පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඇමැතිවරයකු කළ බැසිල්ට ඊළඟට වුවමනා වූයේ මහින්දව රටේ අගමැති කරන්නටය. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ මහින්ද උස්සන සටන අරන් ගියේ බැසිල්ය.
2004 අගමැතිකමට චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇතුළේ සිටි ප්‍රබල ඇමැතිවරුන් වූ කදිරගාමර්, මෛත්‍රිපාල, මංගල වැනි අය සූට් මසාගෙන සිටිද්දී ඒ සියල්ලන්ම පසුකොට මහින්ද අගමැති පුටුවේ වාඩි වූයේ බැසිල් ගහපු ගේම නිසාය.
මහින්ද අගමැති පුටුවේ වාඩි වීමෙන් පසු බැසිල් යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියේ දැන් මහින්ද යායුතු තැනට ගිහින් ඉන්නවා යැයි සිතා විය යුතුය. හැබැයි ඇමෙරිකාවට ගිය බැසිල්ට මහින්දට ගන්න තවත් ඉලක්කයක් ඇති බව වැටහී ගියේ 2005 ජනාධිපතිවරණ උණුසුම දැනෙන්න පටන්ගත් විටදීය. ඒ අනුව වහාම ලංකාවට පැමිණි බැසිල් අගමැති කාර්යාලයේ සිට මහින්ද ජනාධිපති පුටුවට අරන් යන සටන ආරම්භ කළේය. එතනදී තියෙන ලොකුම ප්‍රශ්නය මහින්දව ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්‍ෂකයා කරන එක බවද බැසිල්ට වැටහී තිබිණි.
හැබැයි ඒ වෙද්දි බැසිල් ගහන්න යන මේ ගේම චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ කනටත් වැටී තිබිණි. අගමැතිකමේ සිටින මහින්දව ජනාධිපති කරවන පිස්සුව හැදී තියෙන්නේ බැසිල්ට බවත්, මහින්දව පුටුවෙන් පුටුවට උස්සාගෙන ආ ගමනේ පිටිපස්සේ සිටියේ බැසිල් බවත් ඔවුන්ට වැටහී තිබිණි. ඒ අනුව චන්ද්‍රිකාත්, චන්ද්‍රිකාගේ වමත්සව්, දකුණත්සව් බවට පත්ව සිටි කදිරගාමර් හා මංගලත්, ශ්‍රීපතිලාත් වෛර බැඳගත්තේ බැසිල් එක්කය. මහින්ද පාඩුවේ සිටිද්දී ඩෙඟා නටන්නේ බැසිල් බව තේරුම් ගත් මංගලලා චන්ද්‍රිකාට ඒ ගැන කියද්දී බැරිම තැන චන්ද්‍රිකා මහින්දට කතා කොට බැසිල්ව අයින් කරන ලෙසට දැනුම් දී සිටීමටද කටයුතු කළාය. තමන් හා මහින්ද අතර ගැටුම් හදන්නේ බැසිල් බවද චන්ද්‍රිකා එහිදී මහින්දට කියා සිටියාය.
හැබැයි චන්ද්‍රිකා තමන්ව පන්නන්න අයියාට කිව්වාය කියා බැසිල් වැඬේ අතෑරියේ නැත. බැසිල් හීන් සීරුවේ නාමයෝජනා යුද්ධයට යන්න ඕන අවි ආයුධ ටික මහින්දට හදන ගේමට තිරය පිටුපස සිට අත ගැසුවේය. ඒ අනුව බැසිල් මුලින්ම කළේ මංගලව මහින්දට නම්මා ගන්න කටයුතු කිරීමය. ඊට පස්සේ බැසිල් මංගල හරහා කදිරගාමර්ව මහින්දට නම්මා ගන්නට කටයුතු කළේය. ඉන්පසු විපක්‍ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ මහින්දට සෙට් කළේද බැසිල්ය. චන්ද්‍රිකා මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කොහොමත්ම දෙන්න බැහැ කියමින් යකා නටද්දී චන්ද්‍රිකාගේ කට වසා මහින්දට නාම යෝජනා දෙන තැනට නම්මාගන්න බැසිල් යොදාගත්තේ මංගලත්, කදිරගාමර්වත්ය.
ඉන්පසු 2005 ජනාධිපතිවරණයේ රනිල්ට තිබ්බ ලොකුම වාසිය වූ උතුර – නැඟෙනහිර ඡන්ද නොවැටෙන තැනට වැඬේ සකස් කළේ බැසිල්ය. බැසිල් ඒක නොකරන්න 2005 මේ රටේ රජ වෙන්නේ රනිල්ය. එහෙම වුණා නම් ප්‍රභාකරන් අදටත් උතුරේ රජ්ජුරුවෝය. බැසිල් ගහපු ඒ ගේමෙන් අද රනිල් ගෙදරය. ප්‍රභාකරන් වළපල්ලේය.
කොහොම හරි මහින්ද රජ ගෙදරට යැවීමෙන් පසු බැසිල් යළි ඇමෙරිකාවට යන්න සූදානම් වුවත් මහින්ද ඒකට ඉඩ තිබ්බේ නැත. මොකද මහින්ද රටේ නායකයා වුණත් පාර්ලිමේන්තුවේ සිටියේ චන්ද්‍රිකාගේ මිනිස්සුය. මහින්දට පාර්ලිමේන්තුවේ හයියත් අතට ගන්න ඕන නිසා මහින්දට ඕන වුණේ බැසිල්ව පාර්ලිමේන්තු යවන්නටය. ජාතික ලැයිස්තුවෙන් බැසිල් පාර්ලිමේන්තු එන්නේ ඒ අනුවය. එතැන් සිට බැසිල්ගේ ගෙදර වෙන්නේ පාර්ලිමේන්තුවත්, ජනාධිපති ලේකම් කාර්යාලයත්ය. මහින්ද රට ආණ්ඩු කරද්දී ජනාධිපති කාර්යාලයේ ඉඳන් සම්පූර්ණ දේශපාලන යාන්ත්‍රණයම මෙහෙයවූයේ බැසිල්ය.
මේ මෙහෙයවීම බැසිල් කෙතරම් හොඳට කළාද කියනවා නම් පාර්ලිමේන්තුව ඇතුළේ කාටවත් මහින්දට එරෙහිව සෙල්ලම් දාන්නට බැසිල් ඉඩ තැබුවේ නැත. ඒ බව හොඳටම පැහැදිලි වූයේ යුද්ධය දිනන්න ඔන්න මෙන්න තියා මහින්දගේ ආණ්ඩුව වට්ටන්නට රනිල්ලා, මංගලලා, ශ්‍රීපතිලා ජවිපෙ එක්ක එකතු වී අය වැයේදී ගහන්න ගිය ගේම බැසිල් කණපිට හරවන්නට සමත් වීමෙන්ය. මේ ගැන ඔත්තුව බැසිල්ට ලැබීමත් සමඟ කවදාවත් කඩන්න බැහැ කියපු ජේ.වී.පී. එකේ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ජවිපෙන් ගලවා ආණ්ඩුවට ගෙන ඒ ගේම චකබ්ලාස්ට් කර දැම්මේ බැසිල්ය. බැසිල් ඒ ගේමත් නොගැහුවා නම් මහින්දගේ ආණ්ඩුව පෙරළා රනිල් අලුත් ආණ්ඩුවක් පිහිටුවලාය. එහෙම නම් අදටත් ප්‍රභාකරන් උතුරේ රජුය.
යුද්ධ කාලෙත් මහින්දට හයියට සිටියේ වෙන කවුරුවත් නොව බැසිල්ය. මහින්දත්, ගෝඨාත් සම්පූර්ණ අවධානය යුද්ධයට යොමුකර තිබියදී ජාත්‍යන්තරය බැලන්ස් කරන වැඬේ භාරගත්තේ බැසිල්ය. ආර්ථිකය ගොඩදාන වැඬේ භාරගත්තේ බැසිල්ය. යුද්ධයට අවශ්‍ය සල්ලි හොයාගන්න භාණ්ඩාගාරය මෙහෙයවූයේ බැසිල්ය. එහෙම කරලා යුද්දෙ දිනුවාට පසු යුද උණුසුමේම 2010 ජනාධිපතිවරණයත්, ඊට පසු මහ මැතිවරණයත් මහින්දට දිනාදෙන්න වැඩ කළේත් බැසිල්ය.
බැසිල් මේ විදිහට ශ්‍රීලනිපය මහින්දගේ පිටිපස්සෙන් තියාගෙන ජයග්‍රහණය කරා මෙහෙයවූයේ අඩුම තරමින් පක්ෂයේ මහලේකම්කම හෝ නොමැතිවය. ඒ වන විටත් ශ්‍රීලනිපයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේනය. මෛත්‍රිලාව කපාගෙන බැසිල් එක දිගට ගහගෙන ගිය මේ ගේම නිසා මෛත්‍රිලා කළේ බැසිල් එක්ක වෛර බැඳගත්ත එකය. තමන්ව ආණ්ඩුව ඇතුළේ කපන්නේ බැසිල් බව කියමින් මෛත්‍රිලා කළේ රාජපක්ෂවරුන්ට එරෙහිව ආණ්ඩුව ඇතුළේ කල්ලි කණ්ඩායම් හදාගත්ත එකය.
2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුණාම එම සම්පූර්ණ පරාජයට බැසිල් වගකිවයුතු බව කියමින් බැසිල්ට ගැහුවේ බැසිල් එක්ක තරහින් ඇතුළේ සිටි මේ කණ්ඩායමය. ඒ අනුව බැසිල් පරාජයේ වගකීම තමන් කර පිටට ගෙන ඇමෙරිකාවට ගියේය. එතකොට ඔක්කොම හිතුවේ දැන් බැසිල් නැති නිසා මහින්දව තමන්ට අල්ලේ නටවන්න පුළුවන් වෙයි කියලාය. හැබැයි මහින්ද තමන්ගේ මෝටරයේ ඩයිනමෝව බැසිල් බව හොඳටම දැනගෙන සිටි නිසා ඒ කාටවත් මහින්දව අල්ලේ තියා නටවනවා තබා මහින්දට කිට්ටු කරන්නවත් ඉඩක් ලැබුණේ නැත. ඒ නිසා මහින්ද කළේ තමන්ගේ වටේ සිටි කට්ටිය කියන ඔක්කොම කතා අහගෙන ඡන්දෙ කිට්ටු වෙද්දීම බැසිල්ට වහාම ලංකාවට එන්න කියන පණිවුඩය තැබීමය.
හැබැයි 2015න් පසු රාජපක්ෂවරුන්ට ලබා තිබුණේ එතරම් හොඳ කාලයක් නොවේ. මෛත්‍රිගේ යහපාලන ආණ්ඩුව රාජපක්ෂ නමක් ගෑවුණු උදවිය පවා හිරේ විලංගුවේ දමමින් විවිධ චෝදනා නඟා දිගින් දිගටම නඩු පවරමින් කටයුතු කිරීම නිසා බැසිල්ට ලංකාවට එන්න බැරි තත්ත්වයක් ඒ වන විට මතුව තිබිණි. හැමෝම කීවේ බැසිල් ආවොත් අනිවාර්යයෙන්ම බැසිල්ව අල්ලා හිරේ දැමීමට මෛත්‍රිපාලලා සැලැසුම් කර ඇතැයි කියාය. නමුත් බැසිල් හිරේ විලංගුවේ වැටෙනවාට බින්දුවක්වත් බයක් තිබුණු කෙනෙක් නොවීය. ‘අයියා වෙනුවෙන් හිරේ යන්නම්‘ කියා බැසිල් ලංකාවට ආවද කිව්වා වගේම බැසිල්ට වූයේ හිරේ විලංගුවේ වැටෙන්නටය. හැබැයි හිරේ ගියද බැසිල් මහින්දව පාර්ලිමේන්තුවට අරන් එන සටන අතඇරියේ නැත. ඒ අනුව බැසිල් මහින්දට කියා තිබුණේ කෙසේ හෝ මහ ඡන්දයට සන්ධානයෙන් නාමයෝජනා ලබාගන්නා ලෙසටය. ඒ අනුව නාමයෝජනා ලබාගැනීමෙන් පසු මහින්දව යළිත් පාර්ලිමේන්තුවට රැගෙන එන ගේම ගැහුවේද බැසිල්ය.
2015 මහ ඡන්දයෙන් පසු මෛත්‍රි දිගින් දිගටම බැලුවේ මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමම විවිධ චෝදනා දමා නඩු පවරා හිරේ යවන්නටය. ඒ නිසා ඔක්කොම හිතුවේ මෛත්‍රිට බයවෙලා මහින්ද මෛත්‍රි යටතේ අතපය වකුටු කරගෙන පාර්ලිමේන්තුව ඇතුළේ බකංනිලාගෙන සිටී කියාය. නමුත් බැසිල් ඊට කීයටවත් ඉඩ තිබ්බේ නැත. මේ විදිහට බකංනිලාගෙන සිටියහොත් 2020 ජනාධිපතිවරණයේදී මෛත්‍රි ජනාධිපති අපේක්ෂකයා වීම වැළැක්වීමට නොහැකි බව බැසිල් දැන උන්නේය. එසේ වුවහොත් මහින්දගේ දේශපාලනය විතරක් නොව මුළු රාජපක්ෂවරුන්ගේම දේශපාලනය එතැනින් නිමා වන බවද බැසිල් හොඳහැටි දැන උන්නේය. බැසිල් තමන්ගේම කියා පක්ෂයක් හදන්න තීන්දු කළේ මේ හේතුව නිසාය.
“අලුත් පක්ෂ හදල බලමු. අලුත් පක්ෂ හදන්න ගියොත් මම ඔය ඔක්කොමලම රෙදි නැතුව පාරෙ ඇවිද්දවනවා.”
බැසිල්ගේ අලුත් පක්ෂ හැදිල්ල ගැන ආරංචි වූ වහා මෛත්‍රි ප්‍රසිද්ධියේම වේදිකාවට ගොඩවී බැසිල්ලාව බය කරන්න කීවේ එහෙමය. හැබැයි මෛත්‍රිගේ මේ තප්පුලෑමට බැසිල්ලා බය වුණේ නැත. පුළුවන් දෙයක් කරන්න කියන්න යැයි කියමින් බැසිල් පොහොට්ටුව හදන වැඬේට අත තිබ්බේය. එසේ කළ බැසිල් ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම පමණක් නොව ශ්‍රීලනිපයේ පලුවක්ද පොහොට්ටුවට එකතු කරගත්තේය. පොහොට්ටුව නිර්මාණය කොට මාස තුනක් ඇතුළත බැසිල් දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තියමින් පොහොට්ටු සාමාජිකයන්ගෙන් ගෝල්ෆේස් පිටිය පුරවලා පෙන්නුවේය. ඒ ගැම්මෙන්ම 2018 තිබ්බ පුංචි ඡන්දයේදී තවත් වාර්තාවක් තබමින් ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩු බලය නොමැතිව පුංචි ඡන්දය පොහොට්ටුවට දිනවලා දුන්නේය. ඒ ලැබුණු ප්‍රතිඵලයෙන් පක්ෂය පමණක් නොව බැසිල්ද සිටියේ පුදුමයට පත්වය. ඒ තරමට ගමේ මිනිසුන්ට ආණ්ඩුව එපා වී ඇති බව බැසිල් වටහා ගත්තේ පුංචි ඡන්දයෙන් ලැබුණෙු ඒ ප්‍රතිඵලයෙන්ය.
ඊළඟට ආවේ 2020 ජනාධිපතිවරණයය. මහින්දට ජනාධිපතිවරණයට එන්න බැරි ලෙස මෛත්‍රිලා, රනිල්ලා එකතුව ගහපු ගැටේ නිසා මහින්දව යළි රජ කරවන්න නම් ඒ වන විට රටේ ඉල්ලුම තිබූ ගෝඨාභයව ජනාධිපති කරවිය යුතු බව මුලින්ම පක්ෂයට එත්තු ගැන්වූයේ බැසිල්ය.
“ගෝඨව ජනාධිපති අපේක්ෂකයා කරන්න මහින්දලා කැමැති නෑ.”
“මහින්ද කීයටවත් ගෝඨාට නාමයෝජනා දෙන්නෙ නෑ.”
“චමල් තමයි රාජපක්ෂවරුන්ගේ ජනාධිපති අපේක්ෂකයා”
ඒ දවස්වල යූ.ඇන්.පී.කාරයෝ හැම තැනම කිය කිය ගියේ මේ කතාවය. එළියේ මොන කතා ගියත් තීරණාත්මක ඕනෑම අවස්ථාවකදී රාජපක්ෂවරුන් දර මිටියක් මෙන් එකට එකමුතු වන බව මෙහෙම කියපු යූ.ඇන්.පී.කාරයෝ දැන සිටියේ නැත. අන්තිමේදී හැමෝම පුදුමයට පත්කරමින් බැසිල් මහින්දලා සමඟ එක්ව ගෝඨාභය පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරවූයේය. එපමණක් නොව රටේ නායකයා බවටද පත්කළේය. එසේ කොට බැසිල් නැවැත වතාවක් මහින්දව අගමැති පුටුවේ වාඩිකරවීමටද කටයුතු කළේය.
බැසිල් ඒ ගැහුවේ ලේසි පහසු ගේමක් නොවේ. මොකද 2005 දී බැසිල් මහින්දව රජ පුටුවේ වාඩිකෙරෙව්වේ ආණ්ඩු බලය අතේ තියාගෙනය. හැබැයි 2020 දී බැසිල් ගෝඨාව රජ පුටුවේ වාඩි කෙරෙව්වේ ආණ්ඩු බලය අතේ නැතිවය.
“මේ විදිහට අයියලාට රාජධානි හදල දෙන බැසිල් ඇයි තමන්ටම කියල රාජධානියක් හදාගන්නෙ නැත්තෙ”
මේ දවස්වල හැමෝම අහන ප්‍රශ්නය ඒකය. ඇත්තම කියනවා නම් බැසිල්ට එහෙම තමන්ගේ නමින් රාජධානි හදාගැනීමේ මේනියාවක් නැත. ගෝඨාව රජ පුටුවේ වාඩි කොට මහින්ද අගමැති පුටුවේ වාඩිකරවපු ගමන් බැසිල් දීර්ඝ නිවාඩුවක් සඳහා යළිත් ඇමෙරිකාවට ගියේ ඒ නිසාය. බැසිල් සතුටු වෙන්නේ තමන්ගේ අයියලා දෙදෙනකුම රජ පුටුවේ වාඩි කරවපු මල්ලි කෙනෙක් ලෙසටය.
“අයියාට මේ රජ ගේ මල්ලි සදාලා” යනුවෙන් පරණ සින්දුවක් ලියලා තියෙන්නේ හරියට බැසිල් දිහා බලාගෙන වාගේය.

SendShareShare
Previous Post

කෝ ‌ගෝඨාගේ ‘ඉ‌කොනොමි ‌වෝ’ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

එජාපය තනිවෙයි: මනෝ-චම්පික-හකීම්-දිගම්බරම් ‌පෙරමුණ අතහරිති

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.