• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

DNA පරීක්ෂණයේදී ආගන්තුක ජෛව සාම්පලයක් මතුවෙයි! ඒ ‌කාගේද? ඇඳ ඉහපතේ අංකය මරණ පරීක්ෂණ වාර්තාවේ නැත්තේ ඇයි? මුලින්ම කරපු ස්කෑන් පරීක්ෂණ ඉදිරිපත් කරන්න! මුලින්ම ගත්තු ෆොටෝ-වීඩියෝ ඉදිරිපත් කරන්න! විමර්ශනයට ගත් සිරුරු කොටස් සුරක්ෂිතව තබා ගන්න! ෂාෆ්ටර් පවුලේ නීතීඥයා අධිකරණයෙන් ඉල්ලයි! මහේස්ත්‍රාත්වරිය සියලු ඉල්ලීම් පිළිගනී!

February 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහ දවාලේ කොළඹ නගරෙ මැද ලොකු ව්‍යාපාරිකයෙක් මැරුවෙ කොහොමද?
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වූ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා අනුව ඔහුගේ ජෛව සාම්පලයට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සඳහන් කළේය.

මරණකරු භාවිත කළ වතුර බෝතලය, ඔහුගේ ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ බව කියන සිප් ටයි පටියේ මෙසේ අනෙක් ආගන්තුක ජෛව සාම්පලය ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.

කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරින් සතුව ඇති මරණකරුගේ ශරීර කොටස් සාම්පල් අධිකරණය දැනුම් දෙනතුරු සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් එය විනාශ නොකරන ලෙසත් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා රජයේ රස පරීක්ෂකවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළාය.

මරණය වූ ස්ථානයට ගිය පුද්ගලයන් හා සැකකරුවන් සිටී නම් ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ඔවුන් කැඳවන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා විසින් නියෝගයක් සිදු කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත පැවසීය.

අදාළ ඉල්ලීම අනුව ෂාෆ්ටර් මහතාගේ ඝාතනය වූ දින එම ස්ථානයේ ගැවසුණු බොරැල්ල කනත්තේ සේවකයන් දෙදෙනා, මරදාන පොලිසියේ සොකෝ නිලධාරින් ඇතුළු සිව්දෙනකුට ලබන 23 වැනි දින ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත වාර්තා කරන ලෙස අධිකරණය නියෝග කළේය.

මරණකරු රෝහල්ගතව සිටියදී ප්‍රතිකාර ලැබූ ඇඳ ඉහපතේ අංකය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් නොවන බැවින් 2022/12/15 පස්වරු 3.30ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මරණකරුගේ ඇඳ ඉහපත් වාර්තාව හා ස්කෑන් පරීක්ෂණ දෙකට අදාළ ලේඛන ලබා දෙන ලෙසට ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත නියෝගයක් ලබා දෙන මෙන් මරණකරුගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ලබා ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇත්නම් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන මෙන් අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෘතදේහය සම්බන්ධයෙන් ක්‍රියා කළ වෛද්‍ය නලින් යන අයගේ වාර්තා හා බොරැල්ල පොලිසියේ සොකෝ නිලධාරින්ගේ ඡායාරූප පිටපත් කරන ලද සී.ඩී. තැටියක් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයා රජයේ රස පරීක්ෂක භාරයේ ඇති යම් යම් ශරීර කොටස් සුරක්ෂිතව පවත්වාගෙන යන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2022/12/15 දින කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ඇද ඉහපතක් යටතේ ප්‍රතිකාර ලැබූ මරණකරුට සිදු කළ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා වහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළාය. එමෙන්ම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන අවස්ථාවේ, ඉන් පෙර හා පසු ලබාගත් ඡායාරූප අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග නිකුත් කෙරිණි.

තවද බොරැල්ල සොකෝ නිලධාරින් විසින් මරණය සම්බන්ධයෙන් ලබාගත් ඡායාරූප සහ යම් හෙයකින් වීඩියෝගත කර ඇත්නම් එම වීඩියෝ දර්ශනද වහා අධිකරණය වෙත භාර දෙන ලෙසට බොරැල්ල පොලිසියේ සොකෝ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග නිකුත් කෙරිණි.

ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේ ගැටලුසහගත බව හා මරණකරුගේ ජෛව සාම්පල් වෙත ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බවට කරුණු අනාවරණය වන බැවින් අදම මේ නියෝග ක්‍රියාත්මක කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය.

SendShareShare
Previous Post

බයික් එකක ආපු දෙන්නෙක් කඩේ ඇතුළෙදිම හිමිකරුට වෙඩි තියා මරයි!

Next Post

කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි! බිලියන 139ක් අහිමිවෙයි!

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.