• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය ඇමැතිට වැදුණු ලෝකෙටම රිදුණු ඉන්දියන් වෙඩි උණ්ඩය…

February 10, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
සෞඛ්‍ය ඇමැතිට වැදුණු ලෝකෙටම රිදුණු ඉන්දියන් වෙඩි උණ්ඩය…
Share on WhatsAppShare on Facebook

ඉතාම ධනවත් එක්තරා අමාත්‍යවරයෙක් ඉන්නවා. ඔහු ඒ රටේ දේශපාලනයේ ඉන්න ඉතාම ධනවත් පුද්ගලයෙක්. ඔහු දවසක් එනවා රැස්වීමක් සඳහා. ඔහු එන්නේ ඔහුගේ වාහනයෙන්. ඔහුගේ සහචරයෝ ඔහු වටේ ඉන්නවා. ඔහු එතැනට ඇවිත් වාහනයෙන් බහිනකොට ඔහුට මල් මාලයක් පලඳවනවා. ඒත් එක්කම එතැන ඔහුගේ ආරක්ෂාවට හිටපු පොලිසියේ නිලධාරියෙක් ඔහුට වෙඩි තියනවා. ඔහු ඝාතනය වෙනවා. මිනිස්සු කෑගහනවා අසාධාරණයට එරෙහිව වෙඩි තිබ්බට ඔබට අපේ ප්‍රණාමය කියලා. ඔහු වීරයෙක් බවට පත්වෙනවා. මම මේ කිව්වේ ඉන්දියානු චිත්‍රපටයක කතාවක් නෙවෙයි. දෙමළ චිත්‍රපටයක, තෙලිඟු චිත්‍රපටයක මේ වගේ දර්ශනයක් ඔබට දකින්න ලැබෙන එක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි මේක ඉන්දියානු චිත්‍රපටයක කතාවක් නෙවෙයි. ඉන්දියාවේ හැබෑවටම සිදුවෙච්ච කතාවක්. මේ කතාවේ විශේෂත්වය තමයි මෙහි ඝාතකයා තවමත් ජනතාවගේ වීරයෙක් බවට පත් නොවීම. ඇත්තටම තමන්ගේ රටේ අමාත්‍යවරයෙක් ඝාතනය කළාට පස්සේ ඔහු ජාතික වීරයෙක් බවට පත්වෙන්නේ සිනමා නිර්මාණවල පමණක් බව දැන් ඔවුන්ට තේරෙනවා ඇති. ඔහු මේ වනකොට අත්අඩංගුවට පත්වෙලා ඉවරයි. අත්අඩංගුවට පත්වෙච්ච මේ පුද්ගලයගෙන් ප්‍රශ්න කිරීම මේ වෙනකොටත් සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ කතා මතුවුණත් තවමත් අපට නිශ්චිතව මේ මරණයට හේතුවක් හොයාගන්න පුළුවන්කමක් නෑ. මේ සිද්ධියේදී ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිෂොර් දාස් තමයි මියයන්නේ. ඔහුට වෙඩි තියන්නේ ඉන්දියාවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වෙන්නේ. ඔඩීෂාහි ජර්සුගුඩා ප්‍රාන්තයේ වැඩසටහනකට සහභාගි වීමට ගිය ඇමැතිවරයා, මෝටර් රථයෙන් බසිද්දී එහි හිටපු අදාළ උප පොලිස් පරීක්ෂකවරයා තමාගේ ගිනි අවියෙන් වෙඩිතබා ඔහුව ඝාතනය කරනවා. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරලා තිබෙනවා.

මේ අමාත්‍යවරයා සම්බන්ධව අපි හොයා බලද්දී ඔහු සම්බන්ධයෙන් කියැවුණු එක් සුවිශේෂ කරුණක් වෙන්නේ කොවිඩ් වසංගතයෙන් ඉන්දියාව මුදාගන්න ඔහු දැඩි කැපවීමකින් කටයුතු කළ අයකු බව. මේ ඔඩීෂා කියන ප්‍රාන්තය පතල් කර්මාන්තය සඳහා නම් දරාපු ප්‍රදේශයක්. ඔඩීෂා ප්‍රාන්තය පතල් සම්බන්ධව විවිධ ව්‍යාපාරික කටයුතු, අත යට ගනුදෙනු, පතල් සඳහා අවසර දීම්, පතල්වලින් යම් යම් මුදල් ලැබීම් වැනි කාරණා නිතර පවතින ප්‍රදේශයක් බවත් වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් මේ අමාත්‍යවරයාගේ සම්බන්ධයක් තිබෙනවාද කියන්න අපි දන්නේ නෑ. නමුත් එවැනි කතන්දර ඔඩීෂාහි තිබෙනවා. ඔඩීෂාහි ජීවත්වෙන ධනවතුන් ප්‍රමාණය ඉහළ අගයක් ගැනීමත් විශේෂත්වයක්. මේ අමාත්‍යවරයා ඝාතනය වුණාට පසුව අපට දැනගන්න ලැබුණු තවත් එක් සුවිශේෂ කරුණක් වන්නේ ඔහු ඉන්දියාවේ ඉන්න ඉතා ධනවත්ම මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක් බව. ඔහු සතුව රුපියල් කෝටි 100කට අධික දේපළ ඇති බව වාර්තා වන අතර, ඔහු පසුගිය වසරේ රජයට කළ ප්‍රකාශයක් අනුව ඔහුගේ වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 34ක් වනවා. ඔහුගේ බිරිය මිනානි දාස්. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔහුගේ පුත්‍රයා පවුලේ ව්‍යාපාර කළමනාකරණය කරන අතර, දියණිය දේශපාලනයට පිවිස සිටිනවා. 2022 වසරේදී මේ දියණිය ජර්සුගුඩාහි නායකයා ලෙස පත්කරන්නත් මේ ඇමැතිවරයා කටයුතු කර තිබුණා. ඔවුන් එරට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත අය විදියටයි සැලකෙන්නේ.

ඝාතනයට ලක්වුණු නබා කිෂොර් දාස් ඉපදිලා තියෙන්නේ 1962 ජනවාරි 07 වැනිදා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 70ක්. ඔහු මහාබීර් නගරයේ උපන් කෙනෙක්. ජෙපදා බුබනේෂ්වර් ප්‍රදේශයේ තමයි ඔහුගේ මුල් ජීවිතය ගතවෙලා තියෙන්නේ. 2019 මැතිවරණයට පෙර නබා කිෂොර් දාස් මේ විදියට විශාල ධනවතකු බවට පත්වූ බවට ඉන්දියාවේ ආරංචි පැතිර යන්නට පටන් ගත්තා. 2009 දී තමයි කොංග්‍රස් පක්ෂයෙන් ජර්සුගුඩාහි පළමු ප්‍රාන්ත මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කරන්නේ. භාරතීය ජනතා පක්ෂයේ රැල්ල නොතකා 2019 මැතිවරණයට පෙර නබා කිෂොර් දාස් පක්ෂයට එක්වන තෙක් ඔහුගේ ජයග්‍රාහී ගමන නොබිඳී තිබුණු බවයි ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කරන්නේ. ඇත්තටම මේ පුද්ගලයා තමන්ගේ මුල් කාලයේ ඉඳලම ශිෂ්‍ය දේශපාලනයේ සහ තරුණ කොංග්‍රසයේ මෙන්ම එන්.එස්.යූ.අයි.හි උප සභාපති ලෙසත් කටයුතු කරපු බව සඳහන් වෙලා තිබෙනවා.

මේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වාර්තා මතුවෙලා නෑ. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයත් දාස් කෙනෙක්මයි. ඔවුන්ගේ මොන විදියේ අර්බුදයක් නිසා මෙම වෙඩිතැබීම සිදුකළාද යන්න තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ. ඇත්තටම මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව යම් තැතිගැන්මකට පත්වෙලා අවසන්. ඒකට හේතුව මේ විදියේ නරක පූර්වාදර්ශයන් ලෝකය පුරා වාර්තා වීම සහ රාජකාරි ගිනි අවිය භාවිත කිරීමේදී එය තවත් කෙනකුට එරෙහිව භාවිත කිරීමේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒ වගේම අමාත්‍යවරයෙක් ඝාතනය වීම ඉන්දියාවේ කීර්ති නාමයට විශාල හානියක් බවටත් පත්වෙලා තිබෙනවා. ඊට හේතුව යම් කිසි පුද්ගලයෙක් රටට කිනම් ආකාරයකින් හෝ වරදක් සිදුකර තිබෙනවා නම්, ඔහුව අධිකරණයට පමුණුවලා, ඒ හරහා නිසි දඬුවමක් ලබාදීම සිදුකළ යුතුයි. ඇත්තටම ඉන්දියාවේ අධිකරණමය ක්‍රියාමාර්ගයකට යෑම ගැන ජනතාව තුළ තියෙන්නේ එතරම් ලොකු විශ්වාසයක් නෙවෙයි. අපි දන්නවා, අපි බලපු චිත්‍රපට බොහොමයක පවා අවසානයේ වරදකරුවාට දඬුවම් දීම සිදුකරන්නේ වීරයා විසින් බව. මේ රැල්ල නිර්මාණය වෙන්නත් ඇතැම් වෙලාවට ඔවුන් බලපු ඉන්දීය චිත්‍රපටයක් පාදක වෙන්න ඇති. අපි දන්නවා ඉන්දියානුවන් දැඩි සේ චිත්‍රපට අනුකරණය කරන අය. කොහොම නමුත් අපට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි කිසිසේත්ම මේ සිදුවීම අනුමත කරන්නේ නෑ. අමාත්‍යවරු කොයි තරම් දූෂිත වුණත්, ඔවුන් කොයි තරම් නරක වුණත් ඔවුන්ට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග තියෙනවා. ඒවා නිවැරැදි පිළිවෙළකට අරගෙන, ඒ රටේ ජනතාවට ඔවුන්ට එරෙහි වීමේ අවස්ථාවක් උදාවුණාම, ඒ අයට එරෙහි වෙලා ඒ අයට ලබාදිය යුතු පළමු දඬුවම විදියට ඒ අයව දේශපාලනයෙන් ඉවත් කරලා, ඡන්ද නොදී ඉඳලා, දේශපාලකයාව ගෙදර තියලා ඉන් පස්සේ ඔහුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග අරගෙන අධිකරණයේ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන එකයි රටකි විය යුත්තේ. එහෙම නොවුණම අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ මෘත ශරීරයක් සහ මරණයකට වගකිව යුතු සැකකරුවකු පමණයි. ඔහු සැකකරුවෙක් බවට පත්වෙලා අවසානයේ වැරැදිකරු බවට පත්වීමත්, ඔහුට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම රටේ නිවැරැදි නීති ප්‍රකාරව සිදුවේවි. ඒ හැර වෙන කිසිම කතාවක් මෙවැනි සිදුවීමකින් පසු වාර්තා වෙන්නේ නෑ.

මෙවැනි වටපිටාවක් තුළ පසුගිය කාලයේ ආරංචි වූයේ තවත් අපූරු පුවතකි. එනම් මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයකුට උසස් තනතුරක් පිරිනැමීමය. එම තනතුර ලබාගත් තැනැත්තා නම් නෝර්වේජියානු ජාතික එරික් සෝල්හයිම්ය. ඔහුගේ නාමය ශ්‍රී ලංකාවට අලුත් එකක් නොවන්නේ ඔහු වර්ගවාදී යුද සමයේදී මෙරට සාම මැදිහත්කරුවා ලෙස වසර ගණනාවක් කටයුතු කළ හෙයිනි. එසේම ඔහු වසර ගණනාවක් පුරා නෝර්වේ රජයේ අමාත්‍ය ධුර දෙකක්ද දැරූ අතර පසුව එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ ප්‍රධානියා බවට පත්විය. යම් මූල්‍ය චෝදනා මත ඔහු එම තනතුරෙන් 2018 නොවැම්බර් මාසයේදී ඉල්ලා අස්වූ අතර ඉන් පසු ඔහුට කිසිදු රාජ්‍යතාන්ත්‍රික තනතුරක් හිමි නොවීය. එහෙත් පසුගිය 2022 වසර අගදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනාව මත එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට පැමිණියේය. එහිදී ජනාධිපතිවරයා එරික් සෝල්හයිම් වෙත විශේෂ තනතුරක් පිරිනැමුවේය. එනම් ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශකවරයා යන තනතුරයි. එම තනතුර ලබාගත් එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාව වෙනුවෙන් නොයෙක් ව්‍යාපෘති ඉටුකරන බව ප්‍රකාශ කර සිටියේය. දේශගුණික විපර්යාස වැඩසටහන්, විදෙස් තාක්ෂණය මෙරටට ගෙන ඒම, විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට ලබාදීම සහ මෙරට සංචාරක කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කිරීම වැනි නොයෙකුත් කාර්යයන් ඉටුකරන බවට එරික් සෝල්හයිම් පොරොන්දු විය. ඔහු මෙයට දින කිහිපයකට පෙර සිට ප්‍රකාශ කර තිබුණේ මෙරටට චීන සංචාරකයන් අතිවිශාල ප්‍රමාණයක් ගෙන ඒමට තමා කටයුතු කරන බවය. එහෙත් මෙතෙක් ඔහුගේ වැඩසටහන් ‘කටින් බතල කොළ හිටවනවා වාගේ’ යැයි බොහෝ පාර්ශ්ව චෝදනා නගා ඇත. මෙලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෑතකදී උපදේශක තනතුර ලබාදුන් රාජ්‍යතාන්ත්‍රිකයන් දෙදෙනකුගෙන්ම මේ වන විට අබ මල් රේණුවක උදව් ලැබී නැත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

උඹයි රජා King Khan…

Next Post

ජනපති අලුත් කාර් එකකට නගියි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවයේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයෙන්...

Read more
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.