• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති ව්‍යාපාරික SHADES හිමිකරුගේ මරණය ඝාතනයක්! සිද්ධිය වෙද්දී කාන්තාවකුත් ඉඳලා! ඝාතකයන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්වලින් ඉන්දුනීසියාවට ටිකට් අරන්! ඩියුටි ෆ්‍රී එකෙන් ලක්ෂ 5ක බඩුත් අරගෙන! දැනටමත් රටින් පැනලා!

February 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටිපති ව්‍යාපාරික SHADES හිමිකරුගේ මරණය ඝාතනයක්! සිද්ධිය වෙද්දී  කාන්තාවකුත් ඉඳලා! ඝාතකයන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්වලින් ඉන්දුනීසියාවට ටිකට් අරන්! ඩියුටි ෆ්‍රී එකෙන් ලක්ෂ 5ක බඩුත් අරගෙන! දැනටමත් රටින් පැනලා!
Share on WhatsAppShare on Facebook

දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ මළසිරුර ඔහුට අයත් පැලවත්ත එම්.ඩී.එච්. පුර පිහිටි සුවිසල් නිවෙසේ තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (2) සවස සොයාගෙන තිබේ.

මළසිරුර තිබී ඇත්තේ නිරුවතින් වූ අතර, සිරුර හඳුනාගැනීමට නොහැකි පරිදි ඉදිමී තිබී ඇත. පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් රැසක්ද ඇති බැවින් පොලිසිය විශ්වාස කරනුයේ මෙය ඝාතනයක් විය හැකි බවයි. හිසට පහර දීමකින් මේ ව්‍යාපාරිකයා ඝාතනය කර නිරුවත් සිරුරු ඇදගෙන විත් පිහිනුම් තටාකය වෙත දමා ඇති බව මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

මේ ව්‍යාපාරිකයාගේ යටඇඳුම් මෙන්ම තවත් ඇඳුම් කිහිපයක්ම පිහිනුම් තටාකය ආසන්නයේ තිබී ඇති අතර, ඔහු මිය යන විට සිට ඇත්තේ නිරුවතින් බවට සැකයක් ඒ අනුව මතු වන බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය. පිහිනුම් තටාකය පිහිටි ස්ථානයේම උපත් පාලන කොපු දෙකක්ද තිබී ඇති අතර, ඉන් එක් උපත් පාලන කොපුවක් භාවිත කර ඇති බව පෙනී යන බවද එම නිලධාරියා කීය.

මේ ව්‍යාපාරිකයා 50 හැවිරිදි වියේ පසු වන අවිවාහක තැනැත්තෙකි. ඔහු පදිංචිව සිට ඇත්තේ වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ‘මයාරා‘ නිවෙසේය. ඔහුගේ සිරුර හමු වූ නිවෙස අලුත්වැඩියා සිදු කරමින් පවතින එකක් බවත් එහි තවමත් ඔහු ස්ථිර ලෙස පදිංචියට ගොස් නැති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මේ කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇත්තේ පසුගිය 30 දා සිටය. මෙදින සවස 5.30ට පමණ මේ ව්‍යාපාරිකයා වැල්ලම්පිටියේ පිහිටි නිවෙසින් පිටත්ව ගිය ගොස් ඇත්තේ ඔහුට අයත් KE 9998 අංකය දරන මෝටර් රථයේ නැඟීය. සවස 7.00ට පමණ ව්‍යාපාරිකයාගේ නැඟණිය ඔහුට දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන ඇති අතර, ඊට ඔහු ප්‍රතිචාර දක්වා නැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඇය එම ඇමතුම දී ඇත්තේ රාත්‍රී ආහාර සූදානම් කිරීම සම්බන්ධයෙන් බව සඳහන්ය. පසුව ඔහු රාත්‍රී 7.29ට පමණ සිය නැඟණියට ඇමතුමක් ගෙන තමා ඇමතුවේ ඇයිදැයි විමසා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම ඇමතුමෙන් පසු සිය සහෝදරයාගේ ජංගම දුරකතනය පවා අක්‍රිය තත්ත්වයෙන් පැවති බවත්, ඔහු අතුරුදන්ව සිටින බවත් සඳහන් කරමින් නැඟණිය විසින් පෙරේදා (1) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. මේ අතර යම් සැකයක් මත නැඟණිය ඇතුළු පවුලේ සාමාජිකයන් පැලවත්තේ පිහිටි නිවෙසට ගොස් ඊයේ කළ පරීක්ෂා කිරීමේදී මළ සිරුර දැක ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ මුදල් පසුම්බියේ තිබුණු ක්‍රෙඩිඩ් කාඩ් පත් 4ක් අතුරුදන්ව ඇති බවද පොලසිය විසින් හෙළි කරගෙන ඇත. ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීමෙන් පසු එම ක්‍රෙඩිඩ් කාඩ් පත් මඟින් ගුවන් ටිකට් පත් 5ක් වෙන් කරගෙන ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් තිබේ. ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීම ගැන පැමිණිල්ල ලැබීමෙන් පසු වැල්ලම්පිටිය පොලිසිය කළ මූලික විමර්ශනයකදී පෙනී ගොස් තිබුණේ එක්සත් රාජධානියට ගුවන් ටිකට් පත් 2ක් වෙන් කරගෙන ඇති බවයි. එහෙත් මේ ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු හෙළි වී ඇත්තේ ඉන්දුනීසියාව බලා යෑමට ගුවන් ටිකට්පත් 5ක් වෙන් කරගෙන ඇති බවකි. එසේම ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා භාණ්ඩ මිල දී ගැනීමක්ද එක් ක්‍රෙඩිඩ් කාඩ් පතකින් සිදු කර ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

මේ ව්‍යාපාරිකයාගේ ඝාතනයට කාන්තාවකගේ සම්බන්ධයක් ඇති බව බැලූ බැල්මටම විමර්ශකයන්ට පෙනී ගොස් ඇත. එම කාන්තාව සමඟ ඔහු පැලවත්තේ සිටි නිවෙසේ සිටියදී ඇගේද සහාය ඇතිව යම් පිරිසක් විසින් ඔහු ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශකයෝ සැක කරති.

ඝාතනය සිදු වූ නිවෙසේ ආරක්ෂක කැමරා සවි කර නැති බැවින් අවට නිවාස සහ ගොඩනැඟිලිවල ඇති ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කරමින් එම කාන්තාව සහ ඝාතකයා හඳුනාගැනීමට පියවර ගැනීමට පොලිසිය විසින් ඊයේම මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ව්‍යාපාරිකයාගේ සිරුර හමු වූවත් ව්‍යාපාරිකයාගේ මෝටර් රථය ඊයේ සවස් වන තුරුම හමු වී නැත. පොලිසිය සැක කරනුයේ ව්‍යාපාරිකයාගේ ඝාතකයන් මේ වන විට රටින් පලාගොස් ඇති බවයි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

‘විදුලි බිලත් වැඩි කරලා-හැම මගුලම වැඩි කරලා!’ ලයිට් කපලා මිලත් වැඩි කරනවාට මීගමුවේ මහ රෑ විරෝධයක්! VIDEO

Next Post

නිහඬව ඉන්න එපා! කට අරින්න! ජාතිද්‍රෝහී වෙන්න එපා! මහින්ද වෙනුවෙන් ‌පෙනී සිටි ජාතික සංවිධාන මහින්දගෙන් ඉල්ලයි! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.