පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ජන්දයකට යාමට රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (21) රාත්‍රියේ තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ජාවකදී වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිය නායකත්වය තහවුරු කරගැනීමට අවශ්‍ය බහුතරය සොයා ගැනීමේ මෙහෙයුම වජිර අබේවර්ධන සහ ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන්ට පැවරීමට වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
මේ ආකාරයට වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ජන්දයකට යාමට සූදානම් බව කතානායකවරයා වෙත සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙත දැනුම් දීමට පියවර ගනු ඇති බවද පැවසේ.










