ලිංගික අවයවය තියුණු ආයුධයකින් කැපීමෙන් බරපතල තුවාල ලැබූ වියළුව තල්දෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයකු අද (31) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා තිබෙනවා.
ඔහු ඊයේ (30) රාත්‍රියේ අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටිය දී ඔහු සමග එකට මත් පැන් පානය කළ තවත් මිතුරෙකු මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපාදමා ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයාව ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.
බදුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.










