නිදහස ජනතා සභාව ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අද(30) පෙරවරුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා තුන් වෙනි පටුමග කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
මෙහිදී පාර්ලිමේන්තු වාර අවසන් කිරීම පිළිබඳව, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන්ට එල්ලවන මරණ තර්ජනය පිළිබඳව, මැතිවරණ කොමිසන් සභාවේ පුරප්පාඩු වීම පිළිබදව, රාජ්‍ය නිලධාරීන්ට නීති විරෝධී වැඩ කිරීමට බලපෑම් කිරීම පිළිබදව ඒ මහතා අදහස් දැක්වීය.