• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එකපාරක් ගෝඨාට කඩේ ගිහින් රෙද්දත් නැති කරගත්තා! මේ පාර ඡන්දෙට එන කලාකරුවන්ට විවෘත ලිපියක්…!

February 2, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
එකපාරක් ගෝඨාට කඩේ ගිහින් රෙද්දත් නැති කරගත්තා! මේ පාර ඡන්දෙට එන කලාකරුවන්ට විවෘත ලිපියක්…!
Share on WhatsAppShare on Facebook

කලාකරුවන් දේශපාලනයට පැමිණීම ලංකාවේ සිදුවෙන්නට ගත්තේ අදක ඊයේක සිට නොවේ. එයට දශක කිහිපයක ඈත අතීයක් තිබිණි. මතකයේ හැටියට එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල එවක සිංහල සිනමාව බැබලවූ සුපිරි තරු රැසක් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව වෙනුවෙන් තද කොළ පාට ඇඳුම් ඇඳගෙන යූ.ඇන්.පී. වේදිකාවට නැග්ගෝය. කාගේත් හිත්වලට තදින් දැනෙන විදියට නළු නිළි රොත්තක් ප්‍රසිද්ධියේම දේශපාලන වේදිකාවකට නැඟපු පළමු වතාව එය විය.

එදා ජනප්‍රිය බයිලා ගායකයකු වූ එම්.එස්. ප්‍රනාන්දු, ‘රජවෙනවා රජවෙනවා ජයවර්ධන මැති රජවෙනවා…’ කියා සින්දුවක් හැදුවේද, මහ හඬින් එය හැම වේදිකාවකම ගැයුවේද ඒ අවුරුද්දේමය. ඔහු කිව්වා වාගේම ජයවර්ධන මැති රජවුණේය. ඡන්ද ජයග්‍රහණයට පසු දිනෙක සරසවිය පුවත්පතෙහි පිටුවක එම සුපිරි නළු නිළි කැල ජේ.ආර්. ජයවර්ධනට සුබපතන්නට පැමිණි ආකාරය ගැන වර්ණවත් ඡායාරූප පෙළක්ද පළවී තිබිණි.

ඒ දවස්වල එලෙස කලාකරුවන් දේශපාලනය සමග ගනුදෙනු කිරීම අද කාලේ වාගේ බහුබූතයක් වූයේ නැත. බොහෝ විට ඔවුන් තමන් කැමැති පක්ෂය සමග ගනුදෙනු කෙරුවේ යම් කලාවකට අනුවය. තනතුරු හෝ මන්ත්‍රී ආසන පසුපස නොගිය ඔවුන් වේදිකාව මත තම නායකයා වෙනුවෙන් ඡන්දදායකයාගේ හිත හැදෙන තාලේ කතාවක් කොට තමන්ගේ පාඩුවේ සිටියා මිසක එකී දේශපාලකයන් සමග හැන්දෙ වළඳෙ වැටෙන්නට ගියේ නැත.

ඒ ආරම්භයෙන් පසුව කෙමෙන් කෙමෙන් නළු නිළියන් දේශපාලනයට එන්නට පටන්ගත්තාය කිව්වොත් බොහෝ විට එය බොරුවක් නොවේය. කාලයත් සමග එයින් පසු කලාකරුවන් සහ දේශපාලන පොර පිටියෙහි සිදුවන්නට ගත් යාළුමිතුරුකම් එතරම් යහපත් වූයේ නැත. අප ඉහත කී කලාව සහ ලකේ එතැන තිබුණේ නැත.

කලාකරුවන් කිසිම වගවිභාගයක් නැතුව ඔහේ සල්ලි මලුවලට සහ නොයෙකුත් තානාන්තරවලට විකිනුණේය. හොඳ ප්‍රතිරූපයක් තුළ රසික සිත් දිනා සිටි ජනප්‍රිය තරු තම අනන්‍යතාව ඔහේ අලෙවි වන්නට දී බලා සිටියෝය.

‘රට වෙනුවෙන් අපි අත්වැල් බැඳගත යුතුය…’ යන කියමන මුවහත් කරමින් බොහොමයක් කලාකරුවන් තම තමන් නිරුවතින් බව අමතක වූ සෙයියාවෙන් රෙදි නැතුවම දේශපාලන අමනයන්ට කඩේ යන්නට විය.

විශේෂයෙන්ම එයට පසුබිම් වූයේ රාජපක්ෂලාගේ දේශපාලන ක්‍රමවේදයය.

රට පුරා නමක් දිනූ හොඳ කලා ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි කලාකරුවන් දුසිම් ගණන් රාජපක්ෂ පරපුරට බලන්න කැත හිතෙන තාලෙට ගොට්ට ඇල්ලූහ.

රසික රසිකාවියන්ට ඔවුන්ව ‘චී’ කියා යන තරමට ඒ ගොටු ක්‍රමය නිර්ලජ්ජිතව තිබිණි. විශාරද ගායක ගායිකාවන්, ජාත්‍යන්තර නමක් දිනූ නළු නිළියන් තම මහේෂාක්‍ය ප්‍රතිභාව තුට්ටු දෙකට දැමූහ.

රාජපක්ෂලාට කඩේ නොගියාට සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාද යූ.ඇන්.පී.යට කැම්පේන් කරන්නට ගිහින් තම නම්බු නාමය සුනුවිසුනු කරගත්තා මතකය. තවත් පක්ෂයකට මාරුවීමෙන් පසුව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා දේශපාලනය තිත්ත වී සියලු තනතුරු අතහැර දැමුවේ ‘කලාකාරයන්ට දේශපාලනය යනු ගැළපෙන්නේ නැති මාතෘකාවකැ’යි මාධ්‍ය ඔස්සේ පවසමින්ය.

සිංහල සිනමාවේ කිරුළු දැරූ සිනමා සක්විති පැවසූ ඒ කතාවට අපේ කලාකාරයෝ නම් කවදාවත් නතු වූයේ නැත.

‘හතරවෙනි තට්ටුවට කිහිප වතාවක්ම ගිහින් නිදහසේ ගෙදර ආව පුද්ගලයන් කිහිප දෙනා අතර මමත් එක්කෙනෙක්. ඇත්තටම කියනවා ලංකාවේ දේශපාලන ක්‍රමය බොහොම නින්දිතයි. කලාකරුවකු හැටියට වසර ගණනක් හෝ එහි නියැලී සිටීම ගැන මම කනගාටු වෙනවා…’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පුද්ගලික මාධ්‍යයක කතිකාවකදී එහෙම කියා තිබුණේ මියයන්නට ටික කලකට පෙරදීය.

සිනමා සක්විති කියපු ඒ කිසිවක් කලාකරුවන්ගේ සිතට ගියේ නැත. 2005න් පසු අපේ බොහොමයක් වූ කලාකරුවන් දේශපාලනය සමග තම ජනප්‍රියත්වයේ නාමය කැත විදියට ලංසුවට තිබ්බේය. ඒ ගැතිකම ඕනෑවට වඩා වැඩිය තිබිණි. ඒ ගැතිකමට ඔවුන්ට තනතුරු තානාන්තරද ලැබිණි. නමුත් ඒ සියල්ල මැද ඔවුන් වැඩි දෙනා රසික සිත් තුළ ඔවුන්ට වෙන්ව තිබූ ගෞරවය සහ කීර්තිය නැතිකොට ගෙන තිබුණු වග ඔවුන්වත් දැන සිටියේ නැත.

හැබැයි කලාවෙන් දේශපාලනයට පැමිණි විජය කුමාරතුංග හා රන්ජන් රාමනායක තමන්ගේ නම සහ ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම තබාගැනීමට සමත් වූහ. නමුත් ඉන් අනතුරුව දේශපාලනයට ආ කලාකරුවන් රොත්තකටම අද සිදුව ඇති දේ ශෝචනීයය. එය නම් වශයෙන් පැවසීමටද පුළුවන. උදාහරණ ලෙස සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, රෝසි සේනානායක, උපේක්ෂා ස්වර්ණමාලි, උද්දික ප්‍රේමරත්න වැන්නවුන්ට අද සිදුව ඇත්තේ කුමක්ද? ඔවුන්ට එදා කලාවේ තිබූ පිළිගැනීම අද දේශපාලනයේදී තිබෙනවාද?

ගාමිණී ෆොන්සේකා මෙන්ම ජැක්සන් ඇන්තනීද දේශපාලනයට පැමිණීම නිසා තමන් අතින් වරදක් සිදුවූ බව පිළිගත්තේ ඒ නිසා විය යුතුය.

කුට්ටි පිටින් ජාතික දේපළ හොරාකාපු, තම බලය පෙන්වා විවිධ අපරාධවල නියැලුනු දේශපාලන නායකයන්ට දෙයියන්ට බුදුන්ට සමකර ප්‍රසිද්ධියේ කතා කරන ප්‍රවීණ කලාකරුවන්ද ඒ අතර සිටියේය. තමන් අදහන නායකයාට බුදුහාමුදුරුවන් සමග නෑකමක් තියෙන බවද ලොවට හඬගා පවසන්නට තරම් දේශපාලන වශයෙන් ඔවුන්ගේ සිතුවිලි සහ කල්පනාවන් විකාරරූපී වී තිබුණේය.

2019 ගෝඨාභය ජනාධිපතිවරණයට එනතුරු කලාකරුවන් සහ දේශපාලනය අතර තිබූ බැඳීම් සහ ගනුදෙනු ඔවුන්ට ළැදිව සිටි රසිකයන්ට කොහොමටවත් දිරෙව්වේ නැත. ගෝඨාභයට ඡන්ද 69 ලක්ෂයක් අරන් දෙන්නට එක්වූ කලාකරුවන් ඒ සඳහා යම් නාම විශේෂණයක් සහිත කවයක් සහ එකමුතුවක්ද නිර්මාණය කරගත්තේ ‘ගෝඨාභයට ඡන්දය දෙන්න මේ රට බේරාගැනීමට ඉන්න එකම ගැලවුම්කාරයා ඒ උත්තමයා පමණයි…’ කියන අදහස ජනතා සිත් තුළ වගාකරමිනි. ගෝඨාභයව දිනවන්නට එච්චර හරියක් කරපු ඒ ඊනියා කලා කවය අතර රාජපක්ෂලා රටට කරපු විපත සහ අගතිය ගැන කියන්නට එක පැයකට හෝ ගෝල්ෆේස් අරගලයට ආවේ නැත. ගෝඨාභයට සුදු හුණු තවරා, ‘ඔහුයි නියම නායකයා’ යන අදහස ඡන්දදායකයන්ට දෙන්නට ඔවුන්ට තිබුණු දේශපාලන සුදුසුකම මොකක්දැයි තේරෙන්නේ නැත. රඟන්නට පමණක් දැනගෙන සිටිය මේ කලාකරුවන් ඒ වෙනුවෙන් උකසට තැබුවේ රසිකයන් ඔවුන්ට දක්වන ඇල්ම සහ මනාපයය.

ඒ ක්‍රමය කොයිතරම් හොඳද කියලා දන්නේද ඔවුන්මය.

දැන්වත් කලාකරුවන්ගේ මේ නෙයියාඩගම්වල අවසානයක් වේවිද? නැත. එහි අවසානයක් නැත. එය වෙනසක් වන්නේද නැත. ඔන්න පළාත් සභා ඡන්දය වෙනුවෙන්ද ඔවුන් කලඑළි බසින්නට ගෙන ඇත. වෙනසකට ඇත්තේ නළු නිළියන්ගේ පෙනුම, නම සහ ඒ ඒ පක්ෂවල පැහැයන්ය. දේශපාලනය සමග ඩීල් ගහන මේ නෙයියාඩගමට කලාකරුවන් තිත තියන්නේ කවදාද?

ජනප්‍රියත්වය ලංසුවට තබා පැමිණි කුමන මට්ටමක හෝ කලාකරුවකුගෙන් කලාවට හෝ මහජනතාවට සිදුවූ සෙතක්ද නැතිනම්, ඔවුන් මේ තරම් දේශපාලනය සමග ගැති වන කාරණයෙහි රහස කුමක්ද?

එයින් ඔවුන්ට ලැබෙන පඬුරු පාක්කුඩම් ඒ තරම් රසවත්ද?

‘දේශපාලනයෙන් අපට ලැබුණු කිසිවක් නැහැ’ කියා කිසිම කලාකරුවකු තවම නම් කියලා නැත.

‘දේශපාලනයට පැමිණියේ ඇයි, අරගලය ගැන යමක් කියන්න පුළුවන්දැ’යි මාධ්‍යවේදීන් අහන දවස්වල ඔවුන් ‘දේශපාලනය ගැන නම් අනේ මොනවත් අහන්න එපා. වෙන ඕනෙ ප්‍රශ්නයක් අහන්න’ කියා උත්තර දුන්නේ කෙතරම් උපායශීලී විදියටද?

දේශපාලනයට ඔවුන්ට යන්න හොඳය. නෙයියාඩගම් නටන්නට හොඳය. වාසි ගන්නටද පුළුවන. හැබැයි ‘දේශපාලනයට ආවේ ඇයි’ කියලා අහනකොට උත්තර දෙන්නට බැරිය.
අදත් නැවතත් කලාකරුවන් ඒ නෙයියාඩගම නටන්නට අවශ්‍ය ආරම්භක පියවර තබා අවසානය. පළමු වෙඩිමුරය තැබුවේ ප්‍රහසනයෙන් රටක් නලවපු ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුලය. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටය කිව්වා වාගේ ඉස්සරහට තව තව නාඩගම්කාරයන් මැතිවරණ කරළියට එනු ඇත.

මෙහි අවසානය කොතැනද?

රසික සිත් අමන්දානන්දයට පත්කළ සංවේදී සිත් ඇති කලාකරුවන් දේශපාලන හෙංචයියන්ට දරදිය අදින නාඩගම ඉවරයක් වෙන්නේ කවදාද?

උත්තරය ඇත්තේ එයට මැදිවන කලාකරුවන් අතම පමණය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කංචන පෙට්‍රල් හිටිහැටියේම 30කින් නග්ගයි! දැන් ලීටරේ 400යි! මරු!

Next Post

ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට ජනපති විශිෂ්ට සේවා විභූෂණ සම්මාන දෙයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.