• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි 09 බැසිල් ගියා! ජුනි 09 මහින්ද ගියා! ජූලි 09 ගෝඨා ගියා! ඡන්දය මාර්තු 09! රාජපක්ෂලාට නපුරු වූ 09 මෙදා සැරේ මොනවා කරයිද?

January 31, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
මැයි 09 බැසිල් ගියා! ජුනි 09 මහින්ද ගියා! ජූලි 09 ගෝඨා ගියා! ඡන්දය මාර්තු 09! රාජපක්ෂලාට නපුරු වූ 09 මෙදා සැරේ මොනවා කරයිද?
Share on WhatsAppShare on Facebook

‘නවය නපුරුය’ යන්න ජනවහරේ එන ප්‍රකට කියමනකි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් පෙර පාසල් දරුවන්ගේ සිය හැටහැත්තෑ විය සපිරි මහල්ලාගේ පවා සිතේ ‘නවය’ කී සැණින් නපුරු යන සිතුවිල්ල ඉපදීම නිරායාසයෙන් සිදුවන්නකි. හැමෝටම නැතත් ලංකාවේ නූතන රාජ්‍යත්වයට හිමිකම් කියන්නට වලිකෑ මහින්ද රාජපක්ෂ සහ එම පරපුරේ උරුමක්කාර පොල්මඃක්කාරයන්ට නම් නවය යනු අති බිහිසුණු මතකයක් ජනිත කරන දිනයකි. තම පරපුරේ ඔටුන්න හිමි කුමරාට තිළිණ කරන්නට ඔපලමින් තිබූ කිරුළ උදුරාගන්නට සමත් වූ ගාලුමුවදොර ජනතා අරගලය ඇරඹෙනුයේත්, එකී තීරණාත්මක සංසිද්ධීන් සියල්ල සිදුවෙනුයේත් නවවැනිදා වීම ඊට හේතුවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අසමත්කම් ලාංකිකයා දැනගත්තේ ඔහු බලයට පත්වීමෙන් පසුවය. යම් හෙයකින් ඔහු 2019 ජනාධිපතිවරණය පරාජයට පත්වූයේ නම් අදටද සැලකිය යුතු පිරිසකගේ බලාපොරොත්තුව ඔහු වීමට ඉඩ තිබිණි. එහෙත් ජනාධිපති පුටුවට පිවිස කෙටි කලකින් ‘සර් ෆේල්’ බව තහවුරු වීම නිසා ඔහුට එරෙහිව ජනතාව නැඟී සිටින්නට වූහ. කෙසේ වෙතත් පශ්චාත් යුද සමයේ ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙසින් ගොඩනඟාගෙන ආඥාදායකයකුගේ ප්‍රතිරූපයකි. කොටුවේ පෙට්ටි කඩ හිමියන් ඉවත් කිරීමේ සිට රතුපස්වල වෙඩිතැබීම තෙක් සිදුවීම් රැසකදී ඔහු පෙන්වා තිබුණේ රටේ පොදු නීතිය යටතේ වැඩකිරීම තම ප්‍රතිපත්තිය නොවන බවයි. මිලිටරි බලයෙන්, බයිනෙත්තුවෙන් ජනතාව හැසිරවීමට විනා සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් පත්වන එකඟතාවන් ගැන ඔහුගේ විශ්වාසයක් වූයේ නැති තරම්ය. ජනපති ධුරයට පත්වූ පසුද ගෝඨාභයගේ ඒ ගතිය වෙනස් වූයේ නැත. දිගින් දිගටම සිය අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට බලකිරීම ඔහුගේ ප්‍රතිපත්තිය විය. ‘සර් කියන දේ තමයි සර්කියුලර්’ යැයි පවසමින් තම අත්තනෝමතික නියෝග දේව භාෂිතයක් සේ සලකා වැඩකිරීමට නිලධාරීන්ට බලකළ ඔහු, ඒකාධිපති පාලකයකුගේ ගති සිරිත් විදහා පාන්නට විය. මේ පසුබිම යටතේ ගෝඨාභයගේ අසමත්කම්වලට එරෙහිව වීදි බැසීමට ජනතාවගේ යම් මැළිකමක් වූයේය.

ඒ ආකාරයෙන් මුළුගැන්වෙමින් සිටි ජනතාව ගෝඨාභයට එරෙහිව සටන් පෙරෙමුණක් සේ පෙළගැස්වීමට මුල්වූයේ සමගි ජන බලවේගයේ නායකත්වයය. එකී ජන විරෝධයේ ආරම්භය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ සමගි වනිතා බලවේගය මිරිහානේ ජනපති මැදුර වටකිරීම දැක්විය හැකිය. ඉන් අනතුරුව ‘ඥානක්කා’ගේ දේවාලය වටකළ හිරුණිකා ප්‍රමුඛ කාන්තා බලවේගය ගෝඨාභයට සමාජයේ තිබූ බය නැතිකර දැම්මේය. මෙම ප්‍රවණතාව තෙල් පෝළිම්, ගෑස් පෝළිම්වල අපාදුක් විඳිමින් සිටි ජනතාවට ගෙන ආවේ ධෛර්යයකි. ඔවුන් මාර්ග හරස් කරමින් සිය විරෝධය පාන්නට වූහ. අනතුරුව සෑම නගරයකම මංමාවත් දෙපස සාමකාමී ආණ්ඩු විරෝධී රැලි ආරම්භ වන්නට විය. ජනතා විමුක්ති පෙරෙමුණ විරෝධතාවන්ට දායක වන්නේ මේ අවස්ථාවේදීය. රට පුරා විසිරී සිටින සමාජ මාධ්‍ය භාවිත කරන්නෝ මේ වන විටත් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජන මතයක් ඒකරාශී කරමින් පසුවූහ. කිසිදාක මෙරට පොදුජන අරගලයකට දායක නොවූ නාගරික ඉහළ මධ්‍යම පාන්තිකයන්ටද තවදුරටත් පීඩනය දරා සිටීමට නොහැකි වූහ. ඉටිපන්දම් සහ පන්දම් දල්වමින් ඔවුහු පොදුජන විරෝධතාවන්ට එක් වූහ. 2022 මාර්තු 15 ලංකාවේ විරෝධතා ඉතිහාසයේ වැදගත්ම දිනයක් විය. ලක්ෂසංඛ්‍යාත සෙනඟක් සමග විත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ජන ගංගාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වටකළේ එදාය. ජනපතිවරණයක් ඉල්ලා ගෝඨාභයට ඍජුවම අභියෝග කළ ඒ විරෝධතාව ජනපති ලේකම් කාර්යාලය විරෝධතා භූමියක් බවට පත්කළ යුතු බව ලෝකයට පසක් කළේය. ඉන් අනතුරුව සමාජවාදී ශිෂ්‍ය සංගමයද ස.ජ.බ.ය ආදර්ශයට ගනිමින් ජනපති ලේකම් කාර්යාලය වටකර විරෝධතාවක් පවත්වන ලදී. මේ වන විට රට පුරා විරෝධතාවන් පැවැත්වුණු අතර ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, සිදුවූ සියලු මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳ සොයාබලා වගකිවයුත්තන් අත්අඩංගුවර ගතයුතු බවත්, එකී විරෝධතාවන්හි නියැලි සැමගේ ඉල්ලීම විය. ලංකාවේ විරෝධතාවන්ට සාපේක්ෂව විදෙස්ගත ලාංකිකයෝද එතෙර සිට ‘ගෝඨා ගෝ හෝම්’ විරෝධතාවන් අරඹන්නට වීම නිසා ලංකාවේ රාජපක්ෂ විරෝධය ගෝලීය වශයෙන් ඇවිළී යන්නට විය.

රට පුරා ඇවිලෙමින් තිබූ ආණ්ඩු විරෝධය ගාලුමුවදොරට ගෙන එන්නට මුල් වූයේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ය. ඔවුහු සියලු ආණ්ඩු විරෝධීන් 2022 අප්‍රේල් මස 09 වැනදා ගාලු මුවදොර පිටියට කැඳවූවෝය. මේ ජනතා කැඳවීම අඩපණ කරන්නට ආණ්ඩුවද කළ හැකි සෑම දෙයක්ම කරන්නට විය. දුම්රිය සේවා අත්හිටුවීමට පවා උත්සාහ ගන්නා ලදී. එහෙත් අරගලකරුවෝ සියලු බාධා ජයගත්හ. මහනුවරින් කොළඹට පැමිණීමට නියමිත වූ දුම්රියේ සියලු ප්‍රවේශපත්‍ර සඳහා ගාස්තුව එක් අයෙක් විසින් ගෙවීම එතුවක් පැවැති ආණ්ඩු විරෝධයේ තරම කියාපාන්නකි. රාජපක්ෂ රෙජීමය සහ ඊට ආවැඩූ වාර්ගික පදනමින් බෙදුණු කඳවුරු බියෙන් සළිත කරමින් 2022 අප්‍රේල් 09 වැනිදා සතර දෙසින් සමුදුර ගොඩගලන්නාක් මෙන් ගැලූ මහ සෙනඟ ගාලුමුවදොරට රැස්වන්නට වූහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා සිය මහේෂාක්‍ය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට පසුබැස්සේය. ඒ මොහොතේ සිට සිය ධුරය හැර යන තෙක් යළි ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ පස් පෑගුවේ නැත.

ගාලුමුවදොරට රැස්වූ ජන ගඟ සවස් වන විට නික්ම යනු ඇතැයි බලාපොරොත්තු වුවද සිදුවූයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. ලක්ෂසංඛ්‍යාත වූ පැමිණි ජන පිරිසෙන් සීමිත පිරිසක් අරගල බිම හැර යද්දී තවත් මහා පිරිසක් ‘ජනාධිපති ගෙදර යනතෙක් අපි ගාලුමුවදොරින් ඉවත් නොවන්නේමැ’යි තිරසාර හැඟීමෙන් එහි වාඩිලාගත්තෝය. ගාලුමුවදොර හිස් බිම සැණෙකින් ගම්මානයක සිරි ගත්තේය. කූඩාරම්, ප්‍රථමාධාර මධ්‍යස්ථාන, මුළුතැන්ගෙවල් මතු නොව පුස්තකාලයක් පවා එහි ලහි ලහියේ ඉදිවූයේය. අප්‍රේල් 09 වැනිදා පැමිණි අරගලකරුවන් සිංහල අවුරුද්දට ගම්බිම් බලා යාමෙන් අරගල බිම හිස්වනු ඇතැයි ඇතැමුන් සිතූහ. එහෙත් රට සිවුදෙසින් මහා ජන ගඟක් අරගල බිමේ අවූරුදු සමරන්නට කැවිලි පෙවිළි පොදිබැඳගෙන අරගල බිමට ආවෝය. අප්‍රේල් 09 වැනිදා ‘ගෝඨා ගෝ’ තේමාවෙන් ඇරැඹි විරෝධතා ගම්මානයේ දෙවැනි ශාඛාව අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇරඹුණේ ‘මයිනා ගෝ ගම’ ලෙසිනි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමිනි. අරගලය අරඹා මාසයක් සම්පූර්ණ වූයේ මැයි 09 වැනිදාටය. එදින ආණ්ඩුව සැලසුම් කර එල්ල කරන ලද මැර ප්‍රහාරය හමුවේ රටම අරගල බිමක් වූයේය. කිසිසේත් අනුමත අකළ නොහැකි වුවද ජනතාවගේ පාර්ශ්වයෙන් දිස්වූයේ ප්‍රබල ප්‍රතිචාරයකි. අරගලකරුවන්ට පහරදීමට පමිණියෝ සොය සොයා කුපිත වූ ජනතාව පහර දෙන්නට වූහ. බස් රථ ගේදොර ගිනිබත් වන්නට විය. තමා ඇවිලූ ගින්නේ රස්නය මහින්ද රාජපක්ෂ අගමැතිටද දැනුණේය. වෙන කරන්නට දෙයක් නැති තැන 2022 මැයි 09 වැනිදා අගමැති මහින්ද ඉල්ලා අස්වූයේය. ඒ සමගම ආණ්ඩුවද අහෝසි වූයේය. නවය නපුරු බව රාජපක්ෂලාට දෙවැනි වරටද පසක් වූයේය.

අගමැති ලෙස රනිල් දිවුරුම් දීමෙන් අරගලකරුවෝ තවත් කුපිත වූහ. අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ නමින් විරෝධතා ගාම්මානයක් ඇරඹුණේය. මුදල් ඇමැති ලෙස රට අගාධයට ඇදගෙන දිවූ බැසිල් රාජපක්ෂට එරෙහි ජනතා විරෝධය වේගයෙන් ඉහළ යන්නට විය. රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන වැන්නො ආගිය අතක් සොයාගන්නට නොහැකි විය. බුර බුරා නැඟෙන ජනතා විරෝධය හමුවේ රාජපක්ෂවරු තැතිගත්හ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට තමා දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වන ලෙස දරුණු බලපැම් ඇතිවන්නට විය. වෙන කළ හැකි දෙයන් නැති තැන 2022 ජූනි 09 වැනිදා බැසිල් රාජපක්ෂ තමා දැරූ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය. ‘නවය’ යනු රාජපක්ෂවරු හඹා එන ශාපයක් දැයි සාමාන්‍ය ජනතව පවා විමසන තැනට කරුණු යෙදිණි.

ජූලි මාසය එළැඹුණේ අරගලය තව තවත් ශක්තිමත් කරමිනි. අප්‍රේල් නවවැනිදා ඇරැඹි අරගලය මැයි නවවැනිදා අගමැති ප්‍රමුඛ කැබිනෙට්ටුව ගෙදර යවා පළමු ජය ලැබීය. ඉන් අනතුරුව එළැඹියේ ජූනි නවවැනිදාය. එදින අරගලකරුවෝ සැමරුවේ රටටම එපා වී සිටි බැසිල් රාජපක්ෂ ගෙදර යවමිනි. ඊළඟට එළැඹෙන්නේ ජූලි නවවැනිදාය. එදාට වෙන්නේ මොනවාදැයි ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් පසුවූයේ බලවත් දෙගිඩියාවකිනි. ජූලි නවවැනිදා අරගලකරුවෝ තවත් දැවැන්ත ජන ගඟක් කොළඹට කැඳවා තිබිණි. එදා මෙදා ඉතිහාසයේ කොළඹට පැමිණි මහා ජන ගඟ ජූලි නවවැනිදා උදෑසන සිට කොළඹට රැස්වෙමින් තිබිණි. පිටකොටුව දෙසින් ආ මහා ජන ගඟ යෝක් වීදිය ඔස්සේ ජනපති මැදුර දෙසට ඇදෙමින් තිබිණි. සියලු ආරක්ෂක වැට කඩුළු බිඳ දමමින් අරගලකරුවෝ ජනපති මැදුර අල්ලාගත්හ. ඒ අනුව නවවැනිදාට රාජපක්ෂවරයෙක් නෙරෙපීම පිට පිටම තුන්වැනි මසටද සැබැ වූයේය. මහා ජන ගඟක් ජනපති මැදුර වටලද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රහසින්ම පලාගියේය. එලෙස පලාගිය ඔහු අවසානයේ නතර වූයේ මාලදිවයිනේය. නවවැනිදා කාට නැතත් රාජපක්ෂවරුන්ට නපුරු බව පිට පිට තුන්වැනි වරටද තහවුරු වන්නේ එලෙසිනි.

දැන් ශ්‍රී ලංකාව සිටිනුයේ මැතිවරණයක් මුවවිටේය. එහෙත් ලංකා ඉතිහාසයේ පළමු වරට මැතිවරණය කල්දැමීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලාංකිකයෙක් අධිකරණයක් හමුවට ගොස් ඇත. විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙක් වන එම්.ආර්. විජේසුන්දර නමැත්තා මෙලෙස අධිකරණය හමුවට ගොස් ඇත්තේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ මැතිවරණය නොපවත්වන ලෙස රිට් ආඥාවක් බලාපොරොත්තුවය. මෙහි යටි අරමුණක් තිබෙන බව බැලූ බැල්මට පෙනීගියද ශ්‍රී ලාංකිකයකුට අධිකරණය වෙත යාමට ඇති අයිතියට ‘මව්රට’ අභියෝග කරන්නේ නැත. එහෙත් පුදුමයකට මෙන් එම නීති කෘත්‍යයේ තීන්දුව ලබාදීමටද නියමිතව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ දින දසුනේ වඩාත්ම බියක් දක්වන දිනය වන ‘නවවැනිදාට’ වීමය. ඒ, 2023 පෙබරවාරි නවවැනිදාටය.

නඩුවේ තීන්දුව ගැන කියන්නට තවම කල් වැඩිය. යම් හෙයකින් මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට ඉඩ ලැබුණා යැයි කියා තත්ත්වය වෙනස් වන්නේද නැත. මේ වන විටත් රාජපක්ෂවරුන් සහ පොහොට්ටු දේශපාලනය හමාර කරන්නට ජනතාව තීරණය කර සිටින බව සුපැහැදිලි‍ය. එදා එක පෙරමුණක්ව තිබූ පොදුජන පෙරමුණ කෑලි කීපයකට කැඩී ඇද්දැයි කීමට එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂටත් හැකි වෙතැයි අප නොසිතන්නෙමු. ජනපතිවරණය සහ මහ මැතිවරණය එක් පක්ෂයක් ලෙස තරඟ කළ පොදුජන පෙරමුණ අද හතර අතේ විසිරී ගොසිනි. 2022 මැයි 09 වැනිදායින් පසු මෙරට ජනතාවට පොදුජන පෙරමුණ එපාවටම එපාවී ඇත්තේය. අද ඉතිරිව ඇත්තේ මැතිවරණයකින් එය තහවුරු කරගැනීමය. ජන මතය පමණක් නොව වෙනත් කරුණු කාරණාද යෙදී ඇත්තේ රාජපක්ෂ විරෝධී කඳවුරේ දිරිය වඩන ආකාරයෙනි. වෙනකක් තබා මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේද රාජපක්ෂවරුන් බියෙන් සළිත කරන නවවැනිදාකය. ඒ, 2023 මාර්තු නවවැනිදාය.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

ඉන්දියාව කලාපයේ අධ්‍යාපන-සෞඛ්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් වෙයි!

Next Post

ජේ.ආර්.-ප්‍රේමදාස-චන්ද්‍රිකා-ඩී.බී.-මහින්ද-මෛත්‍රී-ගෝඨා මේ කවුරුත් දුන්නෙ නැති, රනිල් දෙන්න හදන, 13 තියෙන පොලිස් බලය මොකක්ද?

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.