• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය පාර වගේද මේ පාර…! හොඳටම දැනගන්න මෙන්න ඡන්ද ප්‍රතිඵලය…!

January 30, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ගිය පාර වගේද මේ පාර…! හොඳටම දැනගන්න මෙන්න ඡන්ද ප්‍රතිඵලය…!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්ව ඇත්තේය. වෙනදා ගම්සභා ඡන්දයක් ලෙසින් අවතක්සේරුවට පත්ව සමුපකාර ඡන්දයට වඩා යාන්තම් උඩින් රැඳී සිටි පළාත් පාලන ඡන්දයට මෙවර බොහෝ වටිනාකම් හිමිව තිබේ. ඇත්තෙන්ම මෙවර පළාත් පාලන ඡන්දයට හිමිව ඇත්තේ මහ මැතිවරණයට පමණක් නොදෙවැනි වටිනාකමකි. විපක්ෂයේ සියලු පක්ෂ මැතිවරණයක් ඉල්ලා මැතිවරණ කොමිසමට ගොස් හමාරය. ඒත් ආණ්ඩුවේ පැත්තෙන් තවමත් ඇහෙන්නේ ඡන්දය ගැන අසුබ කතාමය. ආණ්ඩුව නොකියා කියන්නේ ඡන්දයද, පඩි පතද යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙසය. ඒ මදිවාට ආර්.එම්. විජේසුන්දර නමැති විශ්‍රාමික යුද සෙබළෙක් මැතිවරණය පැවැත්වීමේ තීරණයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා උසාවි ගොසිනි. විපක්ෂයේ බලවේග සන්ධානගත වෙමින් මැතිවරණය වෙනුවෙන් සිය බලමුළු තරකරද්දී ආණ්ඩුවද ඡන්දය වළකාලන්නට ගතහැකි හැම දහන් ගැටයම ගසමින් සිටින්නේය.

මීට පෙර අවසාන වාතාවට පළාත් පාලන මැතිවරණයක් මෙරට පැවැතියේ 2018 වසරෙදීය. යහපාලන ආණ්ඩුව සමයේ පැවැති ඒ මැතිවරණය ලංකාවේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වූවක් විය. ඊට හේතු බොහෝ විය. ඉන් පළමුවැන්න වූයේ යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ සහ එහි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසකට මහබැංකු බැඳුම්කර වංචාවන් පිළිබඳ එල්ලවී තිබූ චෝදනාවය. ඊට අමතරව 2015 අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණය ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂවලට තීරණාත්මක එකක් විය. ඊට හේතුව වනුයේ 2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලද පරාජයත් සමග එක්සත් ලංකා නිදහස් සන්ධානය සහ ශ්‍රීලනිපයේ මතුවෙමින් පැවැති අර්බුදය‍ය.

ජනාධිපතිවරණයෙන් කෙටි කලකට පසු ශ්‍රීලනිපයේ සභාපති ධුරය ඩැහැගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එතුවක් පවසමින් සිටි නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවෙන් මිදුණේය. තමා එසේ කළේ දින සියයේ ආණ්ඩුව නමින් හැඳින්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සුළුතර ආණ්ඩුව රැකගනිමින් ජනපතිවරණයේ පොරොන්දු ඉටුකර මහ මැතිවරණයකට යාමට බව ජනාධිපතිවරයා පුන පුනා පැවැසුවද ඉන් සිදුවූයේ රට තුළ බරපතල දේශපාලන විකෘතියක් හටගැනීමය. එකී විකෘතිය ඊළඟ පාර්ලිම්මේන්තු මහා මැතිවරණයෙන් පසු නිරාකරණය වනු ඇතැයි බොහෝ පාර්ශ්ව උපකල්පනය කළද සිදුවූයේ එය කිහිප ගුණයකින් ඉහළ යාමය. 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයෙන් කිසිම පක්ෂයකට අපේක්ෂිත සරල බහුතරය වූ ආසන 113 නොලැබුණු අතර එම තත්ත්වය නිසා ආණ්ඩුවක් පිහිටුවීමේ ගැටලුව දැඩිව පැනනැඟුනි. අවසන ආසන 106ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය සහ ආසන 95ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව යහපාලන ආණ්ඩුව නමින් ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ලදී. දේශපාලන විචාරකයන් මේ අරුම පුදුම සන්ධානය දුටුවේ අපූරු දෙමුහුන් සතෙක් ලෙසය. ඉතිහාසයේ කිසිම දවසක එකට සන්ධානගත නොවූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපය මේ අපූරු සන්ධානය යටතේ එක පෙරමුණකට එක්ව රට පාලනය කරන්නට වූහ.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන් ඒ වන විටත් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ලෙසින් පාර්ශ්ව දෙකකට බෙදී සිටි අතර, පෙර සඳහන් කළ යහපාලන ආණ්ඩුව සමග එක්වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වය පමණි. ඊට දුමින්ද දිසානායක, නිමල් සිරිපාල, එස්.එම්. චන්ද්‍රසේන, තිලංග සුමතිපාල වැනි මන්ත්‍රීවරු අයත් වූහ. එහෙත් ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ, සරත් වීරසේකර වැනි මන්ත්‍රීවරුන් ගණනාවක් දිගින් දිගටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග රැඳෙමින් පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය ලෙසින් සන්ධානගත වූහ. මේ වියවුල නිසා යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම පසුවූයේ නොන්ඩි ගසන ස්වභාවයෙනි. එහෙයින් ආණ්ඩුව කළ බොහෝ දේ තුළ දිස්වූයේ සැලැසුමකින් තොරව අයාලේ යන ස්වභාවයකි. මේ වන විට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂය බිහිවී තිබිණි. යහපාලන ආණ්ඩුවේ අකාර්යක්ෂම බව නිසා ඉන් විතැන් වෙන බොහෝ දෙනෙක් පොහොට්ටුවට ආකර්ෂණය වෙමින් පැවැති අතර, ඔවුන් මැතිවරණයක් ඉල්ලා යහපාලන ආණ්ඩුවට අභියෝග කරන්නට විය. ජනපති – අගමැති දෙදෙනා අතරද බරපතල විරසක ඇතිවෙමින් තිබූ අතර දෙදෙනාට දෙදෙනා නොරුස්නා බව ප්‍රකට කරුණක් විය. (2018 ඔක්තෝබර් 25 වැනිදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ පත්කිරීම මෙකී විරසකයේ උච්චතම අවස්ථාව විය 2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මෙවන් ව්‍යාකූල පසුබිමක් ජාතික දේශපාලනයේ පැවැති වකවානුවකය.

2018 අගෝස්තු 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ ළාබාලතම දේශපාලන පක්ෂය වූයේ පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට ඍජුවම නායකත්වය ලබාදුන්නේය. ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ හිටපු පළාත් පාලන ආයතන නියොජිතයන් විශාල පිරිසක් පොහොට්ටුව හා එක්වී සිටියෝය. 2018 පෙබරවාරි 10 වැනි දින පැවැති එම මැතිවරණයට පළාත් පාලන ආයතන 340ක් ඇතුළත් විය. එහිදී මහනගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් සඳහා සභිකයන් 8,327ක් තෝරා පත්කර ගැනීමට නියමිතව තිබිණි. ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් මිලියන 15.7ක් සුදුසුකම් ලබා සිටියහ. එය ලංකා ඉතිහාසයේ විශාලතම මැතිවරණය විය. කොට්ඨාස සහ සමානුපාතික යන මිශ්‍ර ක්‍රමයට නියොජිතයන් තෝරාගැනීම මෙම මැතිවරණයේ විශේෂත්වය විය. ඊට අමතරව නාමයෝජනා කිරීමේදී නිශ්චිත කාන්තා නියෝජනයක්ද මෙම ක්‍රමයට අඩංගු විය. සාර්ථක අසාර්ථක බව අනුව ඉදිරියේදී මහ මැතිවරණවලටද ආදේශ කිරීමට යෝජිත වූ මෙම ක්‍රමයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් ඇති විය.

මැතිවරණයේදී පළාත් පාලන ආයතන 231ක බලය තහවුරු කරගැනීමට පොදුජන පෙරමුණ සමත් විය. යහපාලන රජයේ හවුල්කාර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආයතන 34ක බලය තහවුරු කරගැනීමට සමත් විය. ද්‍රවිඩ ජාතික සන්ධානය ආයතන 41ක බලය පිහිටුවීමට සමත් විය. බුලත් කොළය ලකුණෙන් තරග කළ එක්සත් ජනතා නිදහස් ස්න්ධානය ආයතන 9ක් ජයග්‍රහණය කරන්නට සමත් වීම විශේෂ සිදුවීමක් විය. ලංකා කම්කරු කොංග්‍රසය ආයතන 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 4ක බලය ලබාගන්නට සමත් වූහ. ඊ.පී.ඩී.පී., ටී.එම්.වී.පී. වැනි සුළු දෙමළ පක්ෂද අවම වශයෙන් ආයතන 2ක හෝ බලය පිහිටුවීමට සමත් වූහ. එහෙත් පුදුමයකට මෙන් ජාතික දේශපාලනයේ කැපීපෙනෙන භූමිකාවක නියැළුණු ජනතා විමුක්ති පෙරමුණට එකම පළාත් පාලන ආයතනයකවත් බලය ලබාගැනීමට නොහැකි විය.

සමස්ත මැතිවරණයේදී ඡන්ද 5,006,837ක් (40.47%) ලැබූ පොදුජන පෙරමුණ කොට්ඨාස ක්‍රමටය සභිකයන් 3,255ක්ද මනාප ක්‍රමයට සභිකයන් 181ක්ද වශයෙන් සමස්ත සභික ධුර 3,436ක් ලබා මැතිවරණය ජය ගත්තේය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සමස්ත ඡන්ද 3640,620ක් (29.42%) ලැබූ අතර කොට්ඨාස ක්‍රමයට සභිකයන් 872ක් සහ මනාප ක්‍රමයට සභිකයන් 1,561ක්ද ලෙසින් සමස්ත සභිකයන් 2,433 දෙනෙක් පළාත් පාලන ආයතන සඳහා පත් කරගන්නට සමත් වූහ. එක්සත් නිදහස් ජනතා සන්ධානය ඡන්ද 1497,234ක් (12.10%) ලබා කොට්ඨාස මටමින් සභිකයන් 204 දෙනෙක්ද, මනාප ඡන්ද අනුව සභිකයන් 844 දෙනෙක්ද වශයෙන් සභිකයන් 1,048 දෙනෙක් පළාත් පාලන ආයතනවලට පත් කර ගැනීමට සමත් වූහ. ජනතා විමුක්ති පෙරෙමුණට සමස්ත ඡන්ද 710,932ක් (5.75%) ලබුණද ඔවුන්ට ජයගත හැකි වූයේ එකම එක කොට්ඨාසයකි. ඒ අනුව ඔවුන්ට සමස්ත මැතිවරණයේදී දිනාගත හැකි වූයේ කොට්ඨාස මට්ටමින් එක් සභිකයෙක් පමණි. මනාප ක්‍රමයට සභිකයන් 433ක් දිනාගැනීමට සමත් වීම නිසා 2018 පළාත් පාලන මැතිවරණයෙදී සභිකයන් 434 දෙනෙක්ද පළාත් පාලන ආයතන සඳහා පත්කර යැවීමට ඔවුහු සමත් වූහ.

2018 පළාත් පාලන මැතිවරණයේදී නවක දේශපාලන පක්ෂයක් වූ පොදුජන පෙරමුණ විශාල ජයක් ලැබීමට හේතු වූයේ එතුවක් පැවැති යහපාලන රජය ගෙනගිය අකාර්යක්ෂම පාලනය ජනතාවට තිත්ත වී පැවැතීමය. ඒ ආකාරයේ පසුබිමක් මෙවර මැතිවරණයේදීද දැකගත හැකි අතර එදා ජනතා ආකර්ෂණය දිනා සිටි පොදුජන පෙරමුණ ආණ්ඩු පක්ෂය ලෙසින් මෙවර ජනතා අප්‍රසාදයට ලක්වෙමින් සිටියි. මෙවර මැතිවරණයට ඉදිරිපත්වන නවක දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ඉතා කෙටි කලක් තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලය තහවුරු කරගෙන සිටින අතර, ආණ්ඩුවේ අසමත්කම් හමුවේ ජනතාව එම පක්ෂයට කොතෙක් ආකර්ෂණය වී ඇතිදැයි දැනගැනීමට මාර්තු මස දහවැනිදා දක්වා ඉවසා සිටින්නට අපට සිදුවේ.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වූ මහා හාස්කම් ඇති කොච්චිකඩේ දේවස්ථානයට සජිත් ගිහින්! බැතිමතුන් වට කරගෙන ප්‍රශ්න අහයි! සජිත් දුන්න උත්තරේ! VIDEO

Next Post

මැරයො එක්ක ඩීල් දාන අලුගෝසු පෙම් රැල්ල…

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.