• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

උඹ ලොකු මිනිහෙක් පුංචි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 28, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
උඹ ලොකු මිනිහෙක් පුංචි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂ නීතිඥයෙක් වුණාට ඔහු මානව හිමිකම් වෙනුවෙන් කතා කරන්න පටන් ගත්තේ ඔහු වටා සිටි නීතිඥ මිතුරන්ගේ උපදෙස් නිසාය. මහින්ද වටා හොඳ නීතිඥ මිතුරු රැලක් සිටියහ. ඉන් බොහෝ දෙනෙක් තංගල්ලේ නීතිඥයෝ වූහ. නීතිඥ නිමල් පුංචිහේවා ඒ අතර ප්‍රධාන චරිතයකි. 88-89 භීෂණ කාලයේ අතුරුදන් වූ තරුණ තරුණියන් වෙනුවෙන් උසාවිවල පෙනී සිටින්නට මහින්දගේ නීතිඥයෝ නොමිලේම ඉදිරිපත් වූහ. පුංචිහේවා ඒ නීතිඥයන් අතර හොඳ සටන්කාමියෙක් විය. විජේදාස ලියනාරච්චි ඝාතනය අවස්ථාවේ එයට එරෙහිව නීතිඥ සංගමය පෙරට ගන්න ඔහු මහින්දගේ අනෙකුත් නීතිඥයන් සමග විශාල වැඩ කොටසක් කළේය.

මේ කාලයේ මහින්ද එක්ක සිටියේ බොහොමයක් ශ්‍රීලනිප පාක්ෂිකයන්ට වඩා මානව හිමිකම්, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනීසිටි සිවිල් ක්‍රියාකාරීන්ය. පුංචිහේවා ඔවුන් සමග කරට කර වැඩ කළේය.

මහින්ද ජනාධිපති වන තෙක් මහින්දගේ සටන්කාමීත්වය මොට වෙන්න නොදී රැකගන්න පුංචිහේවාලා ලොකු කාර්යභාරයක් කළහ. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව මහින්දව සටනට පෙළඹවූයේත් පුංචිහේවාලාමය. මහින්ද, චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වුවත් මර්දනයට එරෙහිව හඬ නැඟිය යුතු බව පුංචිහේවාලාගේ මතය විය.

මහින්ද ජනාධිපති වීමෙන් පසුවත් පුංචිහේවා සල්ලි හොයන්න පුළුවන් සංස්ථා සභාපතිකම් පසුපස ගියේ නැත. ඔහු තෝරාගත්තේ මානව හිමිකම් කොමිසමය. මේ නිසාම ඔහු මහින්ද වැරැදි පාරක යනවා නම් මහින්දට උපදෙස් දීමට කොන්ද කෙළින් තියාගත්තේය. මහින්දත් ඔහුව මානව හිමිකම් කොමිසමට පත්කළේ ඔහු ස්වාධීනත්වයක් ප්‍රකට කළ නිසා මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ චෝදනාවෙන් බේරෙන්නටය.

ගෝඨාභය ඔහුව මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කළේත් එහෙම හිතාගෙන විය යුතුය. හැබැයි නම පුංචිහේවා වුණාට ඔහු මහ වැඩ කරන්නෙක් බව මහින්ද හෝ රාජපක්ෂ පවුල දැන නොසිටින්නට ඇත.

ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ පුංචිහේවා වගේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන මැතිවරණ කොමසාරිස් කෙනෙක් සිට නැත. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අප්‍රසන්නතම සිද්ධිය වූයේ 1982 ජන මත විචාරණයේය. ජනමත විචාරණය පැවැත්වූයේ එවක මැතිවරණ කොමසාරිස් චන්දානන්ද ද සිල්වාය. ඔහු ජනමත විචාරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කොට එම මැතිවරණයේ කිසිදු දූෂණයක් සිදු නොවූ බවට සහතික කළේය. 1993 ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වී 1994 දකුණු පළාත් සභා ඡන්දයෙන් යූ.ඇන්.පී. ආණ්ඩුව අන්ත පරාජයට පත්වූ විට 1982 ජනමත විචාරණය දූෂිත මැතිවරණයක් ලෙස සඳහන් කරමින් වාර්තාවක් නිකුත් කළේය. ඒ, යූ.ඇන්.පී. ආණ්ඩුව වැටෙන බව තේරුම් ගෙනය.

චන්දානන්දට පසු මැතිවරණ කොමසාරිස් ධුරයට පත්වූයේ දයානන්ද දිශානායකය. 1999 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ බලපෑම් ඉවසාගත නොහැකිව ඔහු ඉවත් වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව වචනයක්වත් නොකියමින්, චන්ද්‍රිකාගේ ආණ්ඩුවට අවශ්‍ය වැඩබලන මැතිවරණ කොමසාරිස්වරයෙක් පත්කිරීමට ඉඩ දෙමිනි. 2010 ජනාධිපතිවරණයේදීද ඔහු තමාට ආතතිය කියා නිවාඩු ගියේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය විදියට ජනාධිපතිවරණය කරන්න ඉඩ දෙමිනි.

දයානන්දට පසු මැතිවරණ කොමසාරිස් ධුරයට පත් මහින්ද දේශප්‍රිය 2010 ජනාධිපතිවරණයේදී තමාට ආතතිය යැයි කියා දයානන්ද ඉවත් වූ විට මැතිවරණ පවත්වපු කොමසාරිස්වරයාය. රත්නපුරේදී මහින්දගේ ප්‍රතිවාදී අපේක්ෂක සරත් ෆොන්සේකාට කතිරය ලකුණු කළ ඡන්ද පත්‍රිකා කානුවේ තිබී හමුවෙද්දී ඔහු ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වූයේ නැත.

මේ මැතිවරණ කොමසාරිස්ලාගේ ඉතිහාසය බලන විට පුංචිහේවා දැනට රටට දෙන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය ආරක්ෂා කිරීමට තමන් ඕනෑම ජගතෙක් සමග හැප්පෙන්න සූදානම්ය කියන පණිවුඩයය. රනිල්ගේ ආණ්ඩුව පුංචි ඡන්දය කල්දමන්න හැම දහන් ගැටයක්ම ගහන්නේ රාජපක්ෂවරුන්ගේ ආශීර්වාදය ලබාගෙන බව ඔහු දනී. තමාව මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කළේ රාජපක්ෂවරු බවද ඔහු දනී. ඔහුට පුංචි ඡන්දය නොපවත්වා ඉන්න යැයි රාජපක්ෂවරු උපදෙස් දෙන්න ඇත. ඔහු පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කරන්න කලින් ඡන්දය කල් දමන්න රනිල් සහ රාජපක්ෂවරු සමග කුමන්ත්‍රණය කරන්නේ ඔහු යැයි සමගි ජන බලවේගය සහ ජවිපෙ චෝදනා කළහ. හැබැයි ඔහු තමන් මැතිවරණය පවත්වන බවට නිවේදනය කළ විට සමගි ජන බලවේගයටත්, ජවිපෙටත් කටඋත්තර නැති විය.

ඡන්දයක් පැවැත්වීම වළක්වන්න ඔහුට ආ බාධක සහ තර්ජන ලංකාවේ කිසිම මැතිවරණ කොමසාරිස්වරයකුට මුහුණ දීමට සිදුවී නැත. ඔහුව ජනාධිපති, අගමැති සහ නීතිපති කැඳවා ඡන්දය තියන්න එපා යැයි බලපෑම් කළහ. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, මැතිවරණ කොමසාරිස්ගේ නියෝග පිළිපදින්න එපා යැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඡන්ද තියන්න සල්ලි ප්‍රශ්නයක් තියෙනවා යැයි අධිකරණයට කීවේය. ඒත් පුංචිහේවා සැලුනේ නැත. ලංකාවේ සියලු මාධ්‍ය (සිරස සහ මව්රට හැරෙන්න) වෙබ් අඩවි පුංචිහේවාට පහර පිට පහර ගසද්දී ඔහු මාධ්‍ය ප්ලාන්ට් කරන නිවුස්වලට ප්‍රතිප්‍රහාර දෙමින් ඡන්දය පවත්වන බවට සහතික කළේය. ගහන ගහන ගේම් පුංචිහේවා පරාජය කරද්දී කොමිසමේ සාමාජික චාල්ස් ඉවත්වී ලියුම රනිල්ට යැව්වේය. හරි නම් ඉවත් වීම දැනුම්දිය යුතු වන්නේ පුංචිහේවාටය.

‘කවුද මේ චාල්ස්…?’

චාල්ස් යනු යුද්ධ කාලයේ උතුරු-නැගෙනහිර දිසාපතිනිය ලෙස සේවය කරමින් රාජපක්ෂලා ආරක්ෂා කරන්න පෙනීසිටි කෙනෙකි. ගෝඨාභය ජනාධිපති වූ විගස ඇයව උතුරේ ආණ්ඩුකාර ධුරයට පත්කළේ ඒ නිසාය.

‘ඉතින් පුංචිහේවාටත් කොමිසමෙන් ඉවත් වෙලා ඡන්දය කල්දමන්න ඉඩදී විදේශ තානාපති ධුරයක් භාරගන්න පුළුවන්කම තිබුණා නේද….?’

පුංචිහේවා කියන්නේ මැතිවරණ කොමිසම තුළ දෙකට තුනට නැමිලා ප්‍රමෝෂන් බලාපොරොත්තු වෙලා කොමසාරිස් ධුරයට පත් රජයේ නිලධාරියෙක් නොවේ. ඔහු හොඳ දේශපාලන ඉවක් තියෙන මිනිහෙකි. ඔහු 88-89 ජවිපෙ නැගිටීම දැක්කේය. එයින් රටට, තරුණ තරුණියන්ට සිද්ධ වුණු විනාශය දැක්කේය. 1982 ජනමත විචාරණය කල්දමා ජවිපෙට සහ ශ්‍රීලනිපයේ රැඩිකල් කණ්ඩායම වූ විජය ඇතුළු වාමවාදීන්ට පාර්ලිමේන්තු එන්න තිබුණු දොර ජේ.ආර්.ගේ ආණ්ඩුව වහපු බවත්, ජවිපෙ ආයුධ අතට ගත්තේ එහි ප්‍රතිඵලයක් නිසා බවත් ඔහු දෑසින්ම දැක්කේය. ඔහු ඒ වෙලාවේ භීෂණයට එරෙහිව හඬ නඟපු නීතිඥයෙකි.

අද රට යළිත් විකල්ප මත දරන්නන් මර්දනය කරමින් ඡන්ද කල්දමමින් එවැනි තැනකට තල්ලු වෙමින් තිබේ. 1982 ජනමත විචාරණය ජේ.ආර්.ගේ සහ ශ්‍රීලනිපයේ අනුර-මැතිනි කල්ලියේ ඩීල් එකකි. පුංචි ඡන්දය කල්දැමීම, ඡන්ද දිනන්න බැරි රනිල්ගේ සහ ඡන්දවලට බය රාජපක්ෂලාගේ ඩීල් එකකි. අරගලයෙන් රනිල් හෝ රාජපක්ෂවරු පාඩම් ඉගෙනගෙන නැත. ඒත් පුංචිහේවා 88-89 භීෂණය සහ අරගලය ඇහැට දැක එහි පාඩම් ඉගෙනගෙන ඉන්නා අපූරු මිනිසෙකි. හෙට මැතිවරණය කල්දමලා දුන්නොත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න හෝ ප්‍රබල විදේශ රටක තානාපතිවරයෙක් වෙන්න ඔහුට පුළුවන. ඕනෑ නම් විනිසුරුවරයෙක් වෙන්නත් පුළුවන. ඒත් පුංචිහේවා තෝරාගත්තේ ප්‍රජාතන්ත්‍රවාදයය. ඔහු කාඩ්බෝඩ් සිංහයෙක් නොවේ. තණකොළ නොබුදින සිංහයෙකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මගේ ජනවරම ගැන කතා කරන්න එපා! මට කෑ ගහන්න එපා! මමයි විධායකය! 13 වන සංශෝධනය ව්‍යවස්ථා නීතියක්! ඒක ක්‍රියාත්මක කරන්න ඕනෑ! උතුරේ ඉඩම් බාරදෙන්න ඕනෑ! පොලිසිය ගැනත් තීන්දුවක් ගමු! ජනපති සර්ව පාක්ෂික සමුලුවේදී කළ කතාව මෙන්න! VIDEO

Next Post

මරනවා මරනවා ඉවරයක් නෑ! මහපාරවල් ගානෙ මරනවා! ගෙවල්වලට ඇවිත් මරනවා! මෙන්න ඊයෙ ආයුධත් එක්ක ගෙදරටම ඇවිත් අඹුසැමි යුවළක් මරලා! VIDEO

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.