ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෝහාරික විගණන වාර්තාව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගත හැකි වන පරිදි සභාගත කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීන්දු කර ඇත.
කතානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ එම වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා නොදෙන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කතානායකවරයා වෙත උපදෙස් ලබා දී තිබියදීය.
මීට අමතරව ඊයේ (20) අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැතිි සාකච්ජාවේදී අගමැතිවරයා පවා ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නැති බවත්, නීතිපතිවරයා පවා ඒ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බවත්ය.
කෙසේවෙතත් කතානායවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයා වෙත විශේෂ ස්තූතියක්ද පළ කිරීමට කටයුතු කළේය.










