කළුබෝවිල හත්බෝධිය විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අසල තැම්පත් කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රනින් නිම කළ ඌර්ණ රෝම ධාතුව සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
පසුගිය දිනෙක මෙය සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කොට ඇත.










