කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සතියේදී තමන් දහවල් වරුවේ විවෘත කරනු ලැබූ කර්මාන්ත ශාලාවක නාම පුවරුව හදිසියේම රාත්‍රී කාලයේ වෙනස් කිරීමට පියවර ගෙන තිබිණ.
ඒ, තල් සංවර්ධන මණ්ඩලයට අයත් මන්නාරමේ සෙල්වාරිහි පිහිටි තල් කෙදි නිෂ්පාදන මධ්‍යස්ථානයක් විවෘත කරනු ලැබු අවස්ථාවේදීය.

මෙහිදී අමාත්‍යවරයා පළමුවෙන් විවෘත කරනු ලැබූ නාම පුවරුවේ දෙමළ භාෂාව මුලින්ම සදහන්ව තිබූ අතර පසුව සමාජ මාධ්‍ය මගින් එය විවේචනයට ලක් කිරීමත් සමග සවස් වරුවේ නැවත වතාවක් නාම පුවරුව වෙනස් කොට සිංහල භාෂාව මුලට දමා සවි කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබිණ.
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ දී පලාලිි ගුවන්තොට විවෘත කළ අවස්ථාවේ එහි නාමපුවරුවේ දෙමළ භාෂාව මුලින් සටහන් කර තිබීම අමාත්‍යවරාගේ දැඩි විවේචනයට පාත්‍ර වී තිබීම මීට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.










