පාස්කු ප්‍රහාරය මුල් කරගෙන කරගෙන සිදුකරන අධිකරණ නඩු කටයුතුවලදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කොට ඇත.
මේ බව අද ( 20) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම මත ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වගඋත්තරකරුවන් කර මෙම පෙත්සම් ගොනු කර තිබිණ.










