• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිෂාන්තිනී රාජිනී බලාගෙන චෙම්මනී දිගේ යමු කච්චේරි…

January 21, 2023
in Exclusive, Holiday
Reading Time: 12 mins read
A A
ක්‍රිෂාන්තිනී රාජිනී බලාගෙන චෙම්මනී දිගේ යමු කච්චේරි…
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල යාපනේට හොඳටම කාස්ටක අව්ව. මහ පොළොව ඉරිතැළිලා ගිහින්. මුහුද පැත්තෙන් හමාගෙන එන හුළඟත් හරිම සැරයි. ඒ වගේම රස්නෙයි. උසට යායට වැවුණු තල් ගසුත් අහස දිහා බලාගෙන ඉන්නේ කවදා වැස්සක් වැටෙයිද කියන බලාපොරොත්තුවත් එක්ක. පාරක ගිය කෙනෙක් නම් දන්නවා ඉතින් දූවිල්ලෙන් නෑවෙන තරම.

ටීක්………..ටීක්……………

දන්නෙම නැතුව බයික් එකේ සිග්නල් එකත් දාලා නාවට්කුලි පාර දිගේ ඉස්සරහට යනවා. උතුරු දුම්රිය මාර්ගයේ තියෙන එක සංධිස්ථානයක් මේක. චාවකච්චේරි ගමන වෙනුවෙන් අපිත් සැතපුම් ගානක් පහුකරගෙන වේගෙන් ඉස්සරහට යනවා. අව්වත් හරි කාස්ටකයි. ඒත් ඒකෙ පොඩි වින්දනයක් නැතුවාම නොවේ. ජීවිතේ විඳීම කියන්නේ මේකයි. මොකද හැම දේම අලුත්ම අත්දැකීම්.

යාපනේ ඉඳන් ඒ-9 පාර දිගේ යද්දී චෙම්මනි පාස්කරනවත් එක්කම නාවට්කුලි පාලම. ඔය චෙම්මනි පාර හරිම ප්‍රසිද්ධයිලු ඒ කාලේ. පාර දිගටම තිබිලා තියෙන්නේ ඒ කාලේ කඳවුරු. ආරක්ෂක වළල්ලක්. නාවට්කුලි පාලමෙත් ෆුට් සයිකල් වෙනුවෙන්ම වෙන්වුණු මංතීරුවක් තියෙනවා ඔන්න.

චෙම්මනී පාර දිගේ

යාපනේ නගර සීමාවේ ඉදන් ඒ-9 පාර දිහාවට යන්න තියන හොඳම ෂෝට් කට් එක තමා චෙම්මනි පාර.

නල්ලූර් කෝවිල පහුකරගෙන පේදුරුතුඩුව පැත්තට යනකොට ඔන්න ගාම්භීරව ඉන්න සංකිලි රජතුමාගේ පිළිමයක් හමුවෙනවා දකුණු අත පැත්තට වෙන්න. එතැනින් තමා ඔන්න චෙම්මනි පාර පටන් ගන්නේ. පස්සේ ඉතින් තල් ගස් අතරින් ඉස්සරහට යද්දී චෙම්මනී පිවිසුම් ද්වාරය පේනවා මහා විශාලෙට ඉදිකරපු තොරන් රාජයෙක් එක්ක ඒ-9 පාර ළඟදීම.
වසර ගානක් ආපස්සට හැරිලා බැලුවොත් නම් ඉතින් මේ චෙම්මනි පාර ගැන රස කතා නම් නෑ.

ඒ හැම කතාවක්ම දරාගෙන තමා ඔය පාර දෙපැත්තේ මුරකාවල් තනාගෙන තල් ගස් පේලියට තියෙන්නේ.

සටන්කාමියෙක් නොවෙයි ඇය.
නමුත් අල්ලා ගත්හ ඔවුහු ඇයව
කයිතඩි ප්‍රදේශයෙහි පැතිරෙද්දි
ඇගේ මර ළතෝනි හඬ
කිහිපවරක්ම කෙළසූහ ඔවුහු ඇයව.
පසුව…
සිරකර ගෙල
වැළලුහ වෙම්මනියෙහි ඇයව.
ඇයව සොයා ගිය
මව, මලනුවන් සහ අසල්වැසියන්
මිරිකා ගෙල
වළ දැමූහ වෙම්මිනියෙහිම.

මේ නිලානන්දන්ගේ පද වැලයි. එනම් එදා මියගිය සුන්දර ක්‍රිෂාන්තිනී ගැන මතක ආවර්ජනයයි. තවද මට මෙසේ සිහිවන්නේ මනුෂ්‍යත්වයේ නොනවතින දෝංකාරය වූ රාජිනී තිරාණගම, යාපනයේ වෛද්‍ය පීඨයේ ව්‍යුහ විද්‍යා මහාචාර්යවරියයි.

1954 පෙබරවාරි 23 වැනි දින උපත ලද රාජිනී, යාපනයේ ටවුමේ චුන්දිකුලි බාලිකා විද්‍යාලයේ කෙටි කාලයක් හැරුණු විට පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන තෙක්ම යාපනයේ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඇගේ සහෝදරියන් වන නිර්මලා, සුමති සහ වාසුකි ද ජේ.සී. හිම ඉගෙනුම ලබන ලදී. ඇය රාජිනී ලෙස හැඳින්වූ නමුත් අක්ෂර වින්‍යාසයෙහි ඇයගේ නම රාජානි ලෙස විය.

උසස් අධ්‍යාපනය සඳහා ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූයේ 1973 වසරේදීය.

ක්‍රිස්තියානි ආගමික පසුබිමක් හා රැඩිකල් දේශපාලන චින්තනයක් ඇති දෙමළ තරුණියක් වන රාජානි, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පිපාසය සමග කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ට පවා බලපෑම් කිරීමට පටන් ගෙන තිබුණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලය තුළ ඇයට කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයකු වූ දයාපාල තිරාණගම මුණගැසිණි. දයාපාල ග්‍රාමීය සිංහල බෞද්ධ පසුබිමකින් පැමිණි අයෙකි. ඔහු සිංහල භූගෝල විද්‍යා කථිකාචාර්යවරයෙකි. රාජානි ජනවාර්ගික හා ආගමික බාධක බිඳදමා 1977 දී දයාපාල සමග විවාහ විය. ඔවුන්ට දියණියන් දෙදෙනෙක් වූහ. නර්මදා, (1978) සහ ෂරිකා (1980) 1978 රාජානි යාපනයේ රෝහලේ අභ්‍යන්තර වෛද්‍යවරියක ලෙස සිය පළමු තනතුර ලබන ලදී. සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් පසු 1979 දී ඇය වෛද්‍යවරියක ලෙස සේවය කිරීම සඳහා හපුතලේ අසල පිහිටි කුඩා ගම්මානයක් වන හල්දුම්මුල්ල වෙත ගියාය. 1980 වන විට ඇය යාපනයේ විශ්වවිද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද වෛද්‍ය පීඨයේ ව්‍යුහ විද්‍යාව(Anatomy) පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස නැවත යාපනයට පැමිණියාය.

තල් ගස තද සුළඟට එරෙහිව භයානක ලෙස ගසාගෙන යන බවත් ඇතැම් විට කැඩී බිඳී යනු ඇති බවත් උදුරා දමනු ඇති බවත් කිසි විටෙකත් නැමෙන්නේ නැති බවත් පැහැදිලිය.

ඇයගේ රැඩිකල්වාදී අදහස් සියල්ල කැටි වූ ග්‍රන්ථය අවසානයේදී ‘බිඳුණු තල් ගස’ The broken Palmyra නමින් පොතක් ලෙස ප්‍රකාශයට පත් විය. ග්‍රන්ථය ප්‍රකාශ වී එනම්, මීට වසර 31 කට පෙර 1989 සැප්තැම්බර් 21 වැනි දින යාපනයේදී වෛද්‍ය රාජිනී තිරාණගම ඝාතනය කරන ලදී. ඇය මියයන විට ඇගේ වයස අවුරුදු 35කි. ඇගේ ඝාතකයන් වෛද්‍ය පීඨයේ වැඩ නිමවා නිවෙස බලා යන අතරතුර ඇය එනතුරු බලා සිටි අතර 1989 සැප්තැම්බර් 21 වැනි දින සවස 4.00ට පමණ යාපනයේ කොකුවිල්හි පිහිටි ඇගේ නිවෙස අසලදී ඇයව වෙඩිතබා ඝාතනය කරන ලදී.

ඒ මතකාවර්ජනය නම් රාජීනියගේය. තල් ගස තද සුළඟට එරෙහිව නොසල්වී බලා සිටී. කැඩී බිදී හෝ පොළොවෙන් උදුරා නොයයි. කිසි විටෙකත් නැමෙන්නේ නැති බවත් පැහැදිලිය. එවන් ශක්තියක් සහිත ඈ වෙනුවෙන් මා මෙසේ සටහන් තබමි.

ඔන්න ඉතින් මේ දවස්වල යාපනේට හොඳටම කාස්ටක අව්ව. වැහි පොදත් එහෙන් මෙහෙන්. අර ඉරි තැළුණු මහ පොළොව එක්තැන් කරන්නද මන්දා මේ වැහි මන්දාරම එක්ක වැටෙන පොද වැස්ස. උසට යායට වැවුණු තල් ගසුත් අහස දිහා බලාගෙන ඉන්නේ කවදා හෝ මහ වැස්සක් වැටෙයිද කියන බලාපොරොත්තුවත් එක්ක. වෙනදා වගේ පාරක යද්දී තරම් නම් දැන් ඔන්න ඉතින් දූවිල්ලක් නෑ.

චෙම්මනි පාර දෙපැත්තේ යායට තිබ්බ පීදුණු කිරි වැදුණු ගොයම දැන් කපලා. දැන් මේ කුඹුරු යායවල් ගව රංචු දිගෙලි කරන්න කියාපු තැන.

ගොයම් වැඩ මෙහෙ ගොඩක්ම වෙන්නේ ලොකු යකඩ ගොඩවල් එක්ක පොරබදන ගමන්. මොකද පේනේ නොපෙනෙන මානයේ තියෙන්නෙ කුඹුරු. ඒ අස්සෙම එහෙ මෙහෙ කල් මරන ගව රංචුවලවත් එළු රංචුවලවත් අඩුවක් නම් නෑ ඔය කුඹුරුවල. පාර දෙපැත්තේ දිග අගල් නැතුවාම නොවේ. වැහි කාලෙට හොඳටම වතුර පිරිලා. දැන් නම් ලොකුවට වතුර නෑ.

දන්නවද තවත් දෙයක්? බටහිර අහසේ ගිලෙන ඉර බලන්න කියාපු තැන තමා මේ චෙම්මනී…
අහස් කුසේ වර්ණ ‍රටා බලන්න හරි අපූරුව.

ටීක්………..ටීක්…………..

දන්නෙම නැතුව බයික් එකේ සිග්නල් එකත් දාලා ඔන්න පාර අයිනේ නැවැත්තුවා.

නොන්ගු බොන්න.

ජීවිතේ පළමු වතාව නොන්ගු බොන

‘එවලව්?’ ඔය අහන්නේ ගාන කීයද කියලා මගේ මිතුරු තොමෝ.

‘අම්පතු’ එකක් පනහයිලු.

ගෙන්දගම් පොළොවේ ඕන මල කුණක් විකිණෙන සමයක මේ තල් අරණේ තල් ගෙඩියට පවා මිලක් නියම වීම කවර කතාවක්ද?

යාපනයේ අර්ධද්වීපය නම් තල්ගස්වල නිජ භූමියයි. මේ බිමේ අස්සක් මුල්ලක් නෑරම කටෝර මහ පොළොව දරාගෙන ඉන්න තල් ගස්වලින් ලැබෙන නොන්ගු කුරුම්බා හා සමානයි.
කොටින්ම මේක හඳුන්වන්න පුළුවන් ‘තල් කුරුම්බා’ කියලා.

යාපනේ පැත්තේ ළඟදී දවසක ආව කෙනෙක් නම් දැකලා ඇති පාර අයිනේ මේ තල් කුරුම්බා ඉති තියාගෙන ඉන්න උදවිය. මේකත් අවුරුද්දේ හැම කාලෙකම හැදෙන්නේ නෑ. අවුරුද්දටම දින කීපයක්. ඒකත් ඔන්න අප්‍රේල් අග මැයි මාසේ මුල වගේ.

තල් කුරුම්බා රස බලපු කෙනෙක් නම් දන්නවා ඔන්න මේ ගෙඩියේ දියරමය සහිත ලොඳ සහිත කාමර තුනක් තියනවා. ඇඟේ ඌෂ්ණේ මකාගන්න කියාපු පානය.

රසේ කොහොම වෙතත් ගහේ නගින එක නම් එතරම් සුන්දර නෑ. කඳේ තියෙන කටු නිසා අපහසු කාර්යයක්. ඒ නිසාම අපේ පළාත්වල වගේ කුරුම්බා, තැඹිලිවලට වගේ මෙහේ ලොකු ඉල්ලුමක් නෑ. ගහේම පැහිලා පස්සේ වැටිලා යනවා.

ඔය තල් ගෙඩියෙන් තමා පස්සේ කොට්ට කිලින්ගු අල ගන්නේ.

මෙම පලතුරු යුෂ පානය කැල්සියම්, පොස්පරස්, සින්ක්, විටමින් බී, සී සහ අනෙකුත් ඛනිජ හා ස්වභාවික සීනි වැනි පෝෂ්‍යපදාර්ථවලින් පිරී තියනවලු.

මේ රසවත් ගිම්හාන පානය කැලරි වටිනාකමෙන් ඉතා අඩු බැවින් දියවැඩියා රෝගීන්ට කදිමයිලු. සමට සහ ආමාශයට බෙහෙවින් යහපත් කියලා තමා අහන්න ලැබුණේ.

නොන්ගුවලින් හදන ආහාර වට්ටෝරුත් කීපයක් තියෙනවා. ඒ තමා නොන්ගු පාල්, නොන්ගු පානය වගේ බීම වර්ග. අද වගේ කාලෙක සුපර්මාර්කට් එකකට ගිහින් ගන්න රසායනික ද්‍රවය මුසුකළ බීම වගේද මේ බීම. ප්ලාස්ටික් කාඩ්බෝඩ් අසුරන වෙනුවට ස්වභාවික අපේම දේ අගය කරමු.

ටීක්………….. ටීක්……………

ආයෙත් වාරයක් එනකන් ඉන්න නොන්ගු බොන්න.

චෙම්මනි පාර හැරුණම ටවුන් එකේ ඉඳන් යාපනේ පාර දිගටම ආවාම තියෙන අනෙක් සංචාරක නවාතැන තමා ඔන්න යාපනේ පැරණි කච්චේරිය. මේ කච්චේරියට ගිය ගමනක්.

යාපනයේ මුල්ලක සිරවී ඇති පරණ කච්චේරිය අද නටබුන් වී ගියත් නව – පුනරුද ගෘහ නිර්මාණ ශිල්පයේ සුන්දරත්වය දැකගැනීමට කදිම නවාතැනයි. අද පාසි හා වැල් මේ භූමිය ආක්‍රමණය කළත් රෝමානු ආරුක්කු සහිත දොර ජනෙල් මධ්‍යම අංගණය වටා අදටත් දැකගත හැකිය. ඉහළ බලන්නකුට නම් අද වහලය වෙනුවට කඩාවැටී ගිය වහලයේ සිදුරුවලින් අහස දැකගත හැකිය. සියලු අභ්‍යන්තර කාමර විනාශ වී ඇතත් ඒ යුගයේ ප්‍රෞඪත්වය අදටත් ශේෂ වී ඇත.

කච්චේරි යනු මධ්‍යම ශ්‍රී ලංකා රජය සහ දිස්ත්‍රික් මට්ටමින් එහි ක්‍රියාකාරකම් අතර සම්බන්ධතාවක් ලෙස ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකි. තම දිස්ත්‍රික්කය තුළම කච්චේරි රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ආදායම් එකතු කිරීම සහ මැතිවරණ සංවිධානය කිරීම. අපේක්‍ෂා කරන පරිදි, මෙම විශාලත්වයේ රජයේ නිලධර ශාඛාවකට නවාතැන් ගැනීමට විශාල පහසුකමක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අගනුවර වන යාපනය ද දේශීය කච්චේරියේ නිවහනයි.

පැරණි කච්චෙරි ගොඩනැඟිලි ගැන සොයා බැලීමට පෙර, යාපනයේ කලබලකාරී යටත් විජිත අතීතය ගැන දැනගැනීම අවශ්‍ය වේ. පෘතුගාලය 1619 දී දිවයින යටත් කරගත් අතර අවසානයේ ලන්දේසීහු 1658 දී එය අත්පත් කරගත්හ. යටත් විජිත කතාවේ අවසාන පෙරළිය සිදුවූයේ 1796 දී බි්‍රතාන්‍යයන් ශ්‍රී ලංකාවේ සියලු ලන්දේසි දේපළ පාලනය කර ගැනීමෙනි.

අක්කර 27ක ඉඩමක් මිලදීගෙන පරිපාලන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කළේ බි්‍රතාන්‍ය රජයේ නියෝජිත පර්සිවාල් ඇක්ලන්ඩ් ඩයික් විසිනි. පරිපාලන මධ්‍යස්ථානය යාපනයේ කච්චේරිය බවට පත්විය. එය දැන් පැරණි කච්චේරි ලෙස හැඳින්වේ. ඉතිහාසය සෑම විටම පරණ කච්චේරියට කාරුණික නොවීය. එය ප්‍රතිවාදී හමුදාවන් ඉලක්ක කරගෙන පසුව අතහැර දමන ලද්දකි.

පරිපාලනමය අරමුණු සඳහාම සාදන ලද විශාල ගොඩනැගිල්ලක් තිබීම රටේ හමුදාවන්ගේ අවධානයට ලක් නොවීය. 1970 දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකා හමුදාව පරණ උද්‍යානයේ පිහිටා ඇති අතර පැරණි කච්චේරි ගොඩනැගිලිවලින් උපරිම ප්‍රයෝජන ගත්හ.

1980 දශකයේ අග භාගයේ යාපනයේ වූ කලබල හේතුවෙන් ඕල්ඩ් පාර්ක් සහ ඕල්ඩ් කච්චේරි ද හමුදා සහ පොලිස් මූලස්ථාන ලෙස භාවිත කළහ.

1995 දී ශ්‍රී ලංකා හමුදාව යාපනයේ පාලනය නැවත ලබාගන්නා විට හමුදා කඳවුරක් ලෙස ස්ථානගත කළ නමුත් දැන් ගොඩනැගිල්ල අතහැර දමා ඇත.

ඉතින් මේ කොයි පාරෙන් ගියත් සංචාරයේ අවසානය නම් චාවකච්චේරියයි.



විදුනි බස්නායක

SendShareShare
Previous Post

ඇයි රනිල් බය? එන්න සටනට! VIDEO

Next Post

මොහාන් මහත්තයා… මොහාන් මහත්තයා.. ඔයා වැදගත් කෙනෙක් නේද? ඇයි මෙහෙම පාවාදීම් කරන්නේ? ජනාධිපතිතුමා මොකද්ද පොරොන්දු වෙච්ච සභාපතිකම? නියාමන කොමිසමේ විදුලි සෝපානය ඇතුළෙ මොහාන් සමරනායකට ප්‍රශ්නයක්! VIDEO

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.