වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා අලවා ඇති සිය පෝස්ටර් සහ ඔසවා ඇති කටවුට් ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.
ඒ මහතා එසේ කර ඇත්තේ සුගතදාසයේ පැවැති සිය පළමු රැස්වීමේදී මෙවර ජනාධිපතිවරණය පෝස්ටර්, කටවුට් නොමැතිව කරන බවට දුන් පොරොන්දුව ඉටු කිරීමටය.
ඒ අනුව අගහරුවාදා සිටම රට පුරා එල්ලා තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සියලු පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමට පොහොට්ටුවේ සංවිධායකයන් පියවර ගෙන ඇත.










