පාසල් සිසුන් රැගත් බස් රථයක් නුවරඑළිය නානුඔය රදැල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරකට ලක්ව තිබේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස්රථයක් අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළිය ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
බස් රථය වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම අනතුරෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් පනස් එක් දෙනෙකු රෝහල්ගත කර ඇති බවද පොලිසිය කියා සිටී.
අනතුරින් මිය ගොස් ඇත්තේ වෑන් රථයේ පැමිණි පිරිසක් වන අතර බස් රථයේ පැමිණි පිරිසට බරපතල තුවාල සිදුව නැත.









