මහජන උපයෝගීතා කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමන් නීතියේ සහාය පතන බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඊයේ (19) පෙරවරුවේ කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයාව හමුවීමෙන් පසු සාමූහික තීරණය වෙනස් වී ඇති බවය.
අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ,
“ජනාධිපති මාව හමුවෙන්න ඕනේ කිව්වා. මම බලං හිටියා. හැබැයි වුණේ.. මාව නැතුව කොමිසමේ අනෙක් සාමාජිකයින්ව හමුවුණා. අපි ගත්තු සාමූහික තීරණය ඊයේ වෙනස් වුණා.”
“ඒ අය දැන් කියනවා.. කැබිනට් යෝජනාව පරිදි ඉක්මනින් මිල වැඩිවීම ක්‍රියාත්මක කරලා ඉදිරි මිල සංශෝධනයේදී ඒක ගැලපුමක් කරන්න කියලා.”
“මම නීතිය ඉදිරියට ගිහින් මේකට අවශ්‍ය සහනය ඉල්ලනවා. එහෙම බැරි වුණොත් ක්‍රමවේදයක් නැහැ. බලය තිබෙන්නේ බහුතර කැමැත්තට”
“අපි කලින් සාමූහික තීරණයක් ගත්තා කැබිනට් තීරණය ඉවත දාලා විදුලිබල මණ්ඩලයේ මිල සංශෝධනයට යන්න.”
“ජනාධිපති කියලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික තත්ත්වය නිසා මේ සංශෝධනය කරන්න ඕනේ කියලා.”
“මේ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට මම කටයුතු කරනවා.”









