• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙඩිකල් ෆැකල්ටි එකේ තුන්වැනි වසරේ සිසුවිය මැරූ හේතුව සැකකාර තරුණයා පොලිසියට කියයි! මම කියපු දේ ඇහුවෙ නෑලු! වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑලු! එයා නැතිව ඉන්න බෑලු!

January 18, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
මෙඩිකල් ෆැකල්ටි එකේ තුන්වැනි වසරේ සිසුවිය මැරූ හේතුව සැකකාර තරුණයා පොලිසියට කියයි! මම කියපු දේ ඇහුවෙ නෑලු! වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑලු! එයා නැතිව ඉන්න බෑලු!
Share on WhatsAppShare on Facebook

කුරුඳුවත්ත තුරඟ තරඟ ක්‍රීඩාංගනය පිටුපස පා පන්දු සම්මේලන ගොඩනැගිල්ල අසල දී ඊයේ (17) ඝාතනය කළ සරසවි සිසුවිය ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කර ඇත්තේ සැලසුම්සහගතව බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම ඝාතනයට හේතුව ඇය තමන් අත්හැර දමා වෙනත් පුද්ගලයෙක් හා සම්බන්ධතාවක් ගොඩනගාගනු ඇතැයි යන අනියත බිය ඝාතකයා තුළ ඇතිවීම නිසා බවත් විමර්ශනවල දී හෙළි වී ඇත.

තරුණිය ඝාතනය කළ පසු සැකකරු මුලින්ම ගොස් ඇත්තේ සරසවියටය.

ඝාතනයට ලක්වූයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචිව සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීීඨයේ තුන්වැනි වසරේ සිසුවියකි. ඇය නුගේගොඩ උසස් බාලිකා විද්‍යාලයකින් සරසවි ප්‍රවේශය ඉහළින්ම සමත්වූ තරුණියෙකි. අධ්‍යාපනයට අදාළ ඇයගේම යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය අයෙකි. පවුලේ වැඩිමහල් දියණිය ඇයය. පියා සහ මව යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් තිබිණි.

ඝාතකයා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේම සිසුවෙක් වූ වැල්ලම්පිටිය කොටුවිල උස්වත්ත පාර, 245/ඒ 3 ලිපිනයේ පදිංචි වික්‍රමගේ පසිදු චතුරංග ද සිල්වා නමැත්තෙකි.

අත්අංගුවට පත් ඝාතකයා වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ප්‍රදේශවල 9-,10,11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වමින් සිය ආර්ථිකය කළමනාකරණය කරගෙන අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

ඔහු ඇයව මරාදැමීමට හේතුව ලෙස පොලිස් විමර්ශකයන්ට පවසා ඇත්තේ ඇය තමන්ව අත්හැර වෙනත් සම්බන්ධයකට යෑමට කළ උත්සාහයක් නිසා බවය.

මට එයාව ඕන. එයා නැතිව බැහැ. මම එයාට අවංකව හදවතින්ම ආදරය කළේ. එයා වෙන කෙනෙක් ගාවට යන්න හැදුවා. එයා මම කියපු දේ ඇහුවෙ නෑ. ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. යනුවෙන් පොලිස් ප්‍රශ්නකිරීම්වලදී ඔහු පවසා ඇත.

සිසුවිය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධතාවයක් ගොඩනගාගනු ඇතැයි දැඩි සැකයෙන් යුතුව ඔහු ඇයට දැඩි තහංචි දමා තිබී ඇති බවද වෙනත් පිරිමියෙක් සමග කතා කිරීමට ඉඩක් ලබාදී නැති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

විමර්ශකයන් පවසන්නේ සිසුවිය ඝාතනය කිරීමට සැකකරු යොදාගත් පිහිය ඊට දින කීපයකට පෙර මිලදීගෙන ඇති බවත්, මෙම ඝාතනය කල් ඇතිව සැලසුම් කළ එකක් බවත්ය.

ඔහු එම පිහිය සිය බෑගයේ දමාගෙන ඊයේ දහවල් 12.30ට පමණ ඇය සමග තුරඟ තරග පිටිය අසලට පැමිණ ඇත.

එහිදී සිසුවිය සමග කතාබස් කරමින්, ඇය හැසිරිය යුතු ආකාරය සම්බන්ධව පවසද්දී තවදුරටත් මේ ආකාරයෙන් ඔහු සමග ඇසුරු කළ නොහැකි බව තරුණිය පවසා තිබේ.

ඒ සමගම කෝපයට පත්වූ තරුණයා, මෙම ඝාතනය සිදුකළ බවයි විමර්ශකයන් හමුවේ පවසා ඇත්තේ.

සිය පෙම්වතිය ඝාතනය කළ තරුණයා අතේ තැවරුණ ලේ බෑගයේ පිසදමමින් පිහිය බෑගය තුළට දමාගෙන සරසවිය දෙසට දිවගොස් තිබේ. ඔහු එසේ දිවයන ආකාරය ආරක්ෂක කැමරා කීපයක සටහන්ව ඇත.

සරසවියට ගිය ඔහු අනතුරුව වැල්ලම්පිටියේ පිහිටි සිය නිවසට පැමිණ ජංගම දුරකථනය හා හැඳුනුම්පත නිවසේ තබා පිටව ගොස් තිබේ. එසේ ඔහු පිටවී ගියේ කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට දැයි පොලිස් විමර්ශකයන්ට මුලින් සැකයක් අති වී තිබිණි.

නමුත් ඔහු යළි නිවස වෙත පැමිණ සිටිය දී පොලිස් කණ්ඩායමක් ගොස් ඔහුව අත්අඩංගුවට ගත්තේය.

තරුණිය ඝාතනය කිරීමට යොදාගත් ලේ තැවරුණු පිහිය ඔහුගේ ගමන් මල්ලේ තිබී සොයාගෙන ඇත.

කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

lankasara

SendShareShare
Previous Post

නීතිපතිවරයා නිලන්ත වෙනුවෙන් පෙනී ඉන්න බෑ කියයි! අද උසාවියට දැනුම් දීලා!

Next Post

මාසෙකින් කල්දාන්න එකග වුණු පනත ඊයෙ හවස ආයෙ ගේන්න තීන්දු කරලා! මේක කරන්න එපා! ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න එපා! අධිකරණ ඇමැතිතුමනි ඔබතුමා ‌මේ කුමන්ත්‍රණයට හවුල් වෙන්න එපා! මේක ගෙනාවොත් ඡන්දය තියන්න බාධාවක්! මේක පිටිපස්සෙ ඉන්න අදිසි හස්තය කව්ද? කතානායකතුමනි මේවට ඉඩදෙන්න එපා! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.