නායකත්වය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට මතුව ඇති අර්බුදය විසඳලීම සඳහා මැදිහත් වීමට කතානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව අද රාත්‍රියේදී ඉතා තීරණාත්මක සාකච්ඡා දෙකක් තම නිවෙසේදී පැවැත්වීමට කරු ජයසූරිය මහතා සැලැසුම් කර ඇත.
ඉන් එක් සාකච්ඡාවක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟද අනෙක් සාකච්ඡාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟද පැවැත්වීමට නියමිතය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝදුරට කතානායකවරයා මෙම සාකච්ඡාවේදී නායකත්වය භාරදීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරනු ඇති බවකි.
අවසාන වතාවට පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාට මන්ත්‍රිවරුන් 52කගේ සහාය හිමිව තිබිණ. ඊට අමතරව ඊයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදීද සුළු පක්ෂ නායකයන් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළිගැනීමට එකගතාව පළකර තිබිණි.










