කොළඹ ලිප්ටන් වටරවුමේ රැස්වන උද්ඝෝෂකයින් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
උද්ඝෝෂකයින්ට යුනියන් පෙදෙස මාර්ගය ඔස්සේ පැමිණ ගාලුමුවදොර දෙසට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.
කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අදාළ නියෝගය ලබාදී ඇත.
කෙසේ වෙතත් අධිකරණය එම නියෝගය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ ගාලුමුවදොරට ඇතුලුවීමකින් තොරව උද්ඝෝෂකයින් විසින් සංවිධානය කර ඇති විරෝධය සිදුකිරීමට එමගින් බාධාවක් සිදුනොවන බවය.











