ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ.Sri Lanka Latest News
දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාළව කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ.











