ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සමගි ජනබලවේගය අද (08) පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි.
වර්තමාන ආණ්ඩුව ජනතාව වෙත මර්දනය සහ තර්ජනය දියත්කොට ඇති බවත් ඊට එරෙහිව සමගි ජනබලවේගය අරගල කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.














