• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය අතින් යම් වරදක් වෙලා නම් පරීක්ෂණ කරලා ක්‍රියාමාර්ග ගන්නවා! අලුත් සිදුවීම් අවශ්‍ය නෑ! බුදුපිළිම වහන්සේට හානි කිරීමම මේ රටේ දැවැන්ත ලේ වැගිරීම්වලට යන්න පුළුවන්! ඒකට අවස්ථාව පාදන්න එපා! ඒකට පෙට්‍රල් දාලා අවුළුවන්න එපා! ඇමැති නලින්ද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

November 18, 2025
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News

අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සිදුවීම්දාමයක එක් තැනකින් වෙන්කර එතැන් සිට ප්‍රශ්න කිරීමේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් විකෘති ස්වභාවයක් ඇති විය හැකි බවය.

“අලුත් අලුත් සිදුවීම් අවශ්‍ය නෑ…බුදුපිළිම වහන්සේට හානි කිරීමම මේ රටේ දැවැන්ත ලේ වැගිරීම්වලට යන්න පුළුවන්…ඒකට අවස්ථාව පාදන්න එපා…ඒකට පෙට්‍රල් දාලා අවුළුවන්න එපා.” යනුවෙන් ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අදාළ සිදුවීමේ දී ස්වාමීන් වහන්සේලාට පොලීසිය විසින් සිදුකර ඇති පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. කිසිසේත්ම කවර හෝ සිදුවීමක් පදනම් කරගෙන රටේ නීතිය කඩවෙන ආකාරයට හෝ සාමය කඩවෙන ආකාරයේ කටයුතුවලට පොලීසිය ඉඩදෙන්නේ නෑ. තාවකාලිකව ආපන ශාලාවක් ඉදිකිරීමට කෙටි කාලීන අවසරයක් ලබාදීලා තිබුණා යම් යම් නිර්ණායකයන් සහිතව. එය කඩා ඉවත් කිරීමේ නියෝගයක් පවතිනවා. ඒ අතරතුරේ තමා බුදුපිළිම වහන්සේ මෙතැනට වැඩම කරවලා තියෙන්නේ.

අපේ රටේ ඉතිහාසයකුත් තියෙනවා බුදුම පිළිම වහන්සේ නමකට හානි කළ පසු ඒ තුළින් ඇති වන ජාතිවාදී කෝලාහලය කොතරම් දුරදිග යන්න පුළුවන් ද කියන එක. ඒ නිසා ඒ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට හා බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සැපයීම පොලීසියෙන් කළා. 

ඊළඟ නඩු දිනය පැවැත්වෙනවා නොවැම්බර් මස 26 වන දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී. පොලීසිය විසින් වාර්තා කරන ලද කරුණු අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් සියලු සාක්ෂි සටහන් කර ගැනීමටත් ඕනෑම පාර්ශ්වයක ඉදිරිපත් කර ඇති ලිපිලේඛනවල අනන්‍යතාවය තහවුරු කරගැනීමටත් 2025.11.26 දින දක්වා කිසිදු ආකාරයක නව ඉදිකිරීමක් නොකරන ලෙසටත් අධිකරණය විසින් කරුණු ඉදිරපත් කර තිබෙනවා. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවලා තියෙනවා. මෙහිදී හාමුදුරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන්  පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

මේ සිදුවීම පදනම් කරගෙන තමන්ගේ සිහින දේශපාලන මාවත විවර කරගන්න රජය ඉඩකඩ ලබාදෙන්නේ නෑ. මේක පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන ගමන හදාගන්න. රැස්වීමට සෙනඟ හදාගන්න. රැස්වීමට බස් දාගන්න බලාපොරොත්තු වෙන අයට රජය කිසිසේත්ම ඉඩක් ලබාදෙන්නේ නෑ. මේ සිදුවීම්වලින් පටන් අරන් දැවැන්ත ලේ වැගිරීම් දක්වා අපි ඕන තරම් සිදුවීම්වලට රටක් විදියට මුහුණදීලා තියෙනවා. ඒ නිසයි බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේ. නැවත බුදුපිළිමය එතැන තැන්පත් කරලා තියෙනවා. නොවැම්බර් 26 අධිකරණය කටයුතු කරන ආකාරය ගැන රජය බලාගෙන ඉන්නවා.”

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ 16 වනදා රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි. 

කෙසේවෙතත් ඊයේ (17) දහවල් පොලීසිය විසින්ම බුද්ධ ප්‍රතිමාව යළි වැඩම කර, පැවති ස්ථානයේම තැන්පත් කිරීමට පියවර ගත්තේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, බුද්ධ ප්‍රතිමාවට හානි සිදුවනු ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් එහි ආරක්ෂාව සහතික කිරීමට පොලීසිය අදාළ ක්‍රියාමාර්ගය ගත් බවය.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 1951 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බෞද්ධ විහාරස්ථානයකි.

එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ අතර යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස් තීරණය කර තිබුණි.

16 වනදා උදෑසන ඊට අදාළව මුල්ගල තැබීම සිදුකර පස්වරුව වන විට එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමටද පිරිස කටයුතු කර තිබුණේ ඒ අනුවය.

නමුත් මෙම ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැමිණ ස්වාමීන් වහන්සේ දැනුවත් කර තිබුණි.

මෙවැනි පසුබිමක එම භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලීසිය 16 වනදා රාත්‍රියේ කටයුතු කර තිබේ.

ඒ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට එහිදී එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේය.

සිද්ධියෙන් තුවාල ලද බව පවසමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් පසුව රෝහල්ගත වුණි.

මේ අතර සිද්ධිය වූ ස්ථානයට ඊයේ පැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමන මහතාට එහි සිටි පිරිසගෙන් විරෝධය එල්ලවුණි.

SendShareShare
Previous Post

අල්ලන්න එනවා මාරුවෙන්න කියලා කෙහෙල්බද්දර පද්මෙට ඔත්තුව දුන් පොලිස් නිලධාරියා හොයාගනී! හැබැයි ඇක්ෂන් එකක් නම් අරන් නෑ! නිලධාරියා තවමත් වැඩ!  I Sri Lanka Latest News

Next Post

ආයෙ කවුරුහරි පරණ ජාතිවාදී නාඩගම් නටන්න ලෑස්ති වෙනවා නම් ඒකට ඉඩ දෙන්නේ නෑ! වත්මන් හෝ අනාගත දේශපාලන න්‍යාය පත්‍ර යළි කිසි විටෙක ජාතිවාදය මත ලියැවෙන්නේ නෑ! පාර්ලිමේන්තුවට ආ අනුර ත්‍රිකුණාමලේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරයි! අනුර කියපු පොඩි හනුමා කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.