මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා හට දැනුම් දී තිබේ.
මෙම ගිවිසුමට අත්සන් තබනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලය තුළද සාකච්ජා වී ඇති අතර අමාත්‍යවරුන් කිහිප දෙනකුම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය විමසා ඇති බවද දැනගන්නට ඇත.
එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ආචාර්ය ගුණරුවන් මහතාට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීම සදහා බාර දී ඇති බවත්, එම වාර්තාවට අනුව අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත්ය.










