• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මධූෂ්-තාරක-ඌරුජුවා’ ලංකාව ‘අසමත් රාජ්‍යයකට’ පාර කපයිද? ජනාධිපති නීතීඥයකු කරන විග්‍රහය

May 27, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
‘මධූෂ්-තාරක-ඌරුජුවා’ ලංකාව ‘අසමත් රාජ්‍යයකට’ පාර කපයිද? ජනාධිපති නීතීඥයකු කරන විග්‍රහය
Share on WhatsAppShare on Facebook

මෙයට හරියටම වසර 50කට පෙර දිනයකි. එනම් 1975 අගෝස්තු 05 වැනිදාය. කන්ද උඩරට මහනුවර නගර මධ්‍යයේ ඇති වූය් මහත් කලබලයකි. තරුණ වයසේ ගැහැනියක් නගරයේ ඔබ මොබ කෑගසමින් කලබල කරන්නට වූවාය. සිහින් සිරුරක් ඇති යම් කාලවර්ණ පෙනුමකින් හෙබි ඇය, පියකරු පෙනුමකින්ද යුක්ත වූවාය. ළා පැහැති සාරියක් පැලඳ සිටි ඇය මහනුවර නගර මධ්‍යයේ සිහිවිකලින් මෙන් ශබ්ද නඟමින් දුවන්නට වූවාය. ඇයගේ මුවින් පිටවූයේ යමෙකු එය ඇසූ සැණින් සංවේගයට පත්වන වදන් කිහිපයකි.

‘මගේ මිනිහා එල්ලලා මැරුවේ නැහැ. මරාදාලා එල්ලුවා. මගේ මිනිහා එල්ලලා මැරුවේ නැහැ, මරාදාලා එල්ලුවා.’ එම ගැහැනිය මහත් කෝපයෙන් සහ සංතාපයෙන් කියන්නට වූවාය. ඇයගේ දෙනෙත් කඳුළින් තෙත්ව, කඳුළු කැට බිමට කඩා වැටෙනුද දක්නට හැකි විය. විනාඩි කිහිපයක් යත්ම ඇය තව තවත් නගරය දෙවනත් කරන්නට වූවාය. මහනුවර නගර මධ්‍යයේ මහා මාර්ගයේ කෑගසමින් විලාප තැබූ ඇය සැණින් මහා ජන විරෝධයක්ද ඇති කළාය. පොදු ජනයා ඇයට පාක්‍ෂිකව සහාය දක්වන්නට වූහ. ඇය වටා දහස් ගණනක ජනතාවක්ද එක්රොක් වන්නටද විය.

මෙම සුවිශේෂී ගැහැනිය මෙන්ම, මෙම දුර්ලභ කතාන්දරය කුමක්ද? ඇය නම් රන් මැණිකාය. අප සමාජය හොඳින් දත් ඇය එකල ප්‍රකට අපරාධකරුවකු වූ ‘මරුසිරා’ නොහොත් ඩී. ජේ. සිරිපාලගේ බිරියය. ඇය එකල වයස අවුරුදු 27ක් වූ තාරුණ්‍යයක පසුවූ යුවතියක් වූවාය. ඇය මෙයට හරියටම වසර 50කට පෙරදී මහනුවර නගරයේ කලබල කරමින් මහා ජන විරෝධයක් ඇති කළේ තම සැමියා වූ සිරිපාලගේ මරණය උදෙසාය. එනම් ‘මරුසිරා’ නොහොත් සිරිපාල එල්ලා මරා දැමීමට නියමිතව තිබුණද, ඔහු පෝරකය වෙත රැගෙන ආවේ මරණයට පත්වීමෙන් පසුව යැයි මහා චෝදනාවක් ගොඩනැඟිනි. මෙය එකල රජය වෙත එල්ල කෙරුණු ප්‍රබල දෝෂාරෝපණයක් වූ අතර, ‘මරුසිරා මරා එල්ලුවාද? නැතිනම් එල්ලා මැරුවාද?’ යන්න නිවැරැදිව දැන ගැනීමට සමාජයට අවශ්‍ය විය. මේ නිසාම එකල රජය වහාම ඒ ගැන පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා රාජ්‍ය කමිටුවක්ද පත් කළේය. එකල මහා භාරකරු වූ මහින්ද ඇහැලේපොළ මහතා එහි ප්‍රධානියා වූයේය. කෙසේ හෝ මෙම සිදුවීම එකල කෙතරම් උච්ච තත්ත්වයකට පත්වූයේද යත්, කමිටුව ගත් ප්‍රධානතම තීරණය වූයේ මරු සිරාගේ දේහය නැවැත ගොඩගෙන පරීක්‍ෂණ පැවැත්වීමය.

කෙසේ හෝ මෙම ඉතිහාසගත සිදුවීම ඉතාම දීර්ඝ වගතුගක් ඇති එකක් හෙයින් එහි සියලු තතු මෙහි ලියා තැබීමට ඉඩක් නැත. ඒ වුවද මරුසිරා නොහොත් ඩී. ජේ. සිරිපාල එල්ලා මැරීම සඳහා පෝරකය වෙත රැගෙන යන විටදී, ඔහුගේ ශරීරයේ යම් නිදි බෙහෙතක අධි මාත්‍රාවක් තිබුණු හෙයින් සිරිපාල අධික නිද්‍රා තත්ත්වයක සිටි බැව් නිගමනය විය. කෙසේ හෝ එම නිද්‍රා තත්ත්වයේ සිටියදීම පෝරකයට දමා ගෙල සිරකර මරණයට පත්කරන ලද බැව් සනාථ විය.

වසර 50කට පෙර මෙසේ මහත් ප්‍රකටත්වයට පත් අපරාධකරුවන් ආන්දෝලනාත්මක ඝාතනයෙන් පසුව අද අප නැවැතී සිටින්නේ කුමන ස්ථානයකද? අප ඒ ගැන හොඳින්ම නෙත් යොමා බලමු. සැබෑ ලෙසම අද අප සිටින්නේ සුවිශේෂී සන්ධිස්ථානයකය. අද අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ අපරාධකරුවන් වටා ගෙතුණු අපූරු කතාන්දර රැසකි. එනම් රාජ්‍ය ආරක්‍ෂක අංශ භාරයේ සිටින විවිධ අපරාධකරුවන් එක්වරම, සැණෙකින් පරලොව යන කතාන්දර රැසක් දැන් නිරන්තරයෙන් අසන්නට ලැබෙයි. ‘මාකඳුරේ මධුෂ්,’ ‘කොස්ගොඩ තාරක,’ ‘ඌරු ජුවා’ යන අතිශය භයානක අපරාධකරුවන් රැසක්ම පසුගිය කාලයේ හදිසියේම එලොව බලා ගියේය. මෙම වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මෙම නමගිය අපරාධකරුවන්ට දිගට, හරහට කණකොකා හැඬුවේය. මේ සියල්ලන්ම පරලොව යන්නේ එක්තරා අපූරු ක්‍රම රටාවකටය. එනම් මෙම අපරාධකරුවන් පොලිස් බාරයේ සිටියදීම ආරක්‍ෂක අංශ සමඟ වෙඩි තබාගෙන ගැටීමකට මැදිවී ඝාතනයට පත්වෙයි. අපරාධකරුවන්ගේ මරණය එතැනදී සාධාරණීකරණය වෙමින් ප්‍රශ්නය සමථයකට පත්වෙයි.

එදා ‘මරුසිරා’ සිදුකළේ එක් මනුෂ්‍ය ඝාතනයක් පමණි. එහෙත් මෙකල අපරාධකරුවන් සිදුකරන මනුෂ්‍ය ඝාතනයන් සහ අනෙකුත් භයානක අපරාධ අන්තයක් දක්වාම විහිදී යයි. ඒ හෙයින් මෙකල ඔවුන් නීතියේ උච්චතම දඬුවම් හිමිවිය යුතු පිරිසක් වෙයි. එහෙත් වර්තමානයේ මෙම අපරාධකරුවන් බොහෝ දෙනෙකුට නීතියෙන් දඬුවම් ලැබීමට පෙර, රාජ්‍ය ආරක්‍ෂක අංශවල පස්සා දොරින් දඬුවම් හිමිවෙයි. ආරක්‍ෂක අංශ භාරයේ සිටියදීම ඔවුහු ඝාතනයට පත්වෙති. සමහරු මෙම ක්‍රමවේදය යහපත් එකක් ලෙස නිරීක්‍ෂණය කළද, තවත් සමහර පාර්ශ්ව මෙයට දැඩි ලෙස විරුද්ධ වෙමින් හෙළා දකිති. කෙසේ හෝ මෙම ඝාතන, නීතියට පිටින් සිදුකරන අපරාධ ලෙසට ඔවුහු නම් කරති. මෙලෙස නීතිය කඩාබිඳ දමා සිදුකරන අපරාධ රටක සිදුවිය යුතුද? භයානක අපරාධකරුවකු වුවත් ඔවුන්ට සැලකිය හැකි සාධාරණ ක්‍රමවේදයක් නැතිද? මෙවැනි වටාපිටාවක් යටතේ පසුගියදා ඉතාමත් කෙටි දින කිහිපයක් තුළදී, රාජ්‍ය ආරක්‍ෂක අංශ විසින් සිදුකරන ලදැයි කියන කොස්ගොඩ තාරක සහ ඌරු ජුවාගේ ඝාතන රට තුළ මහත් දැඩි ආන්දෝලනයක් ඇති කළේය.

මෙම භයානක පාතාල කල්ලි නායක අපරාධකරුවන් දෙදෙනාගේ ඝාතනයන් ගැන පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, එලෙස පොලිස් භාරයේ සිටියදී ඔවුන් ඝාතනය වීම තරයේම හෙළා දකින බැව්ය. පොලිස් භාරයේ සිටියදී මෙසේ ඝාතනයට ලක්වීම අතිශය ලෙස සිරකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස නීතිඥ සංගමය අවධාරණය කර ඇත. ජනාධිපතිවරයා සහ එම රජය මෙම තත්ත්වය පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු අතර, මේ සිදුවීම් ගැන අපක්‍ෂපාතී, සාධාරණ පරීක්‍ෂණයක් සිදුකළ යුතු බැව්ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය තම ප්‍රකාශයෙන් කියා සිටියි. එසේම මින් ඉදිරියට මෙවැනි සිදුවීම් රට තුළ නොවිය යුතු බවටත් දැඩිව අවධාරණය කර ඇත.

කෙසේ හෝ පසුගියදා සිදුකෙරුණු මෙම ඝාතන දෙක ගැන මේ වන විට ශ්‍රී ලංකාව වෙත දෙස්, විදෙස් අවධානය ප්‍රබලව එල්ල වී ඇත. එම පාර්ශ්ව ප්‍රකාශ කරන ලෙස මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකා රජයට විවිධ උග්‍ර බලපෑම් රැසකටම මුහුණ දීමට සිදුවනු ඇති බැව්ය. එය බලවත් අනතුරු හැඟවීමකි.

එසේම එවිට ලෝකයේ ‘අසමත් රාජ්‍ය’ අතරට ශ්‍රී ලංකාව පවා එකතු විය හැකි බැව් අනතුරු හඟවා ඇත. මෙම සිද්ධිදාමය ගැන බොහෝ හරවත් තොරතුරු කිහිපයක් ඇසීමට අප සම්බන්ධ කර ගත්තේ ප්‍රකට නීති සහ දේශලපාලනික විද්වතෙකි. ඔහු දෙස්, විදෙස් නීති විශාරදයකු මෙන්ම විශ්ලේෂකයකුද වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාය. ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥයන්ගේ සංගමය සහ ආසියාතික නීතිඥයන්ගේ සංගමයද නියෝජනය කරයි. ඔහුත් සමග සිදුකළ සංවාදය හරවත් එමෙන්ම රසවත් එකක්ද විය.

පසුගිය දිනවල අපගේ සමාජය තුළ එක්තරා විශේෂිත සිදුවීම් දෙකක් ඇති වුණා. දින 03-04 වැනි කෙටි කාල පරාසයක් තුළදී පොලිස් ආරක්‍ෂක අංශ භාරයේ සිටි ප්‍රකට අපරාධකරුවන් දෙදෙනෙකු ඝාතනය කෙරුණා. මෙවැනි සිදුවීම් මෙයට පෙරද සිදුවී තිබුණත්, මෙම නව සිදුවීම් නිසා දැන් සමාජය තුළ බොහෝ කතාබහක් ඇති වී තිබෙනවා. පසුගියදා මේ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥයන්ගේ සංගමය පවා ප්‍රබල ප්‍රකාශයක් නිකුත් කළා.

‘හරි, අපි මේ වර්තමානයේ කතා ගැන සොයන්නට පෙර ටිකක් අතීතයට ගිහින් බලමු. මතකද 1975 වසරේදී සිදුවුණු ‘මරුසිරා’ගේ සිද්ධිය. මරුසිරා එල්ලලා මරන්න දිනයක් නියම කෙරිලා තිබුණා. ඒ කාලයේ මේ නූතන මාධ්‍ය පහසුකම් තිබුණේ නැහැ. එහෙත් පුවත්පත් මාධ්‍ය මේ ගැන ඒ කාලේ ප්‍රබලව කතා කළා. මරුසිරා මරන්නට පෝරකයට ගෙන එන විට ඔහු මරණයට පත්කර තිබූ බැව් මේ මාධ්‍ය එකල ප්‍රබලව කතා කළා. මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයකු වුණත්, ඊට පෙරදී වෙනත් ආකාරයකින් මරණයට පත්කර තිබුණා නම් එය මිනීමරුමක් වෙනවා. මෙම සිදුවීමේදී එදා සිටි විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා, මහජන මතයට හිස නමමින් මේ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත්කළා. එහෙම කරලා එම සිද්ධිය ගැන සම්පූර්ණ වගවිභාගයක් සිදුකළා. ඊට පසු කොමිසමෙන් වාර්තාවක් පවා ලබා දුන්නා. දැන් බලන්න. ඒ කාලයේ තිබුණු සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා පවා එවැනි පියවර ගත්තා. ඒ නිසා වසර 50කට පෙර සිදුවුණු එම රාජ්‍ය ක්‍රියාකලාපය අද අපි හොඳ අවධානයට ගන්න ඕනෑ.

මෙලෙස ආරක්‍ෂක අංශ භාරයේ සිටිය ප්‍රබල අපරාධකරුවන් කිහිප දෙනෙකුම පසුගිය සමීප කාලය පුරා ඝාතනයට ලක්වුණා. එහෙත් එම සිදුවීම්වලින් පසුව වත්මන් රජය එම සිදුවීම් බොහෝ සාධාරණීකරණය කරනවා නේද?
‘ඔව් ඒ කතාව ඇත්ත. මේ වන විට මෙම අපරාධකරුවන් දෙදෙනා පමණක් නොවෙයි තව අපරාධකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙසේ ඝාතනයට ලක්වී තිබෙනවා. මාකඳුරේ මධුෂ්ගේ සිද්ධියත් එයින් ප්‍රධානතම එකක් වෙනවා. මේ රජය පත්වීමට පෙරදී නම් මම මෙවැනි සිදුවීම් අහලා තිබුණේ නැහැ. මේ සිදුවීම් පිළිබඳව රජය නිශ්ශබ්දව සිටියහොත් ඒ පිළිබඳව ඇඟිල්ල දික්වෙන්නේ රජය වෙතටමයි. දේශපාලන පළිගැනීම් සහ වෙනත් තවත් හේතු සඳහා රජය කොමිෂන් සභා පත්කරනවා නම් මෙවැනි ඝාතනවලටත් රජය කොමිෂන් සභාවක් දැමිය යුතුයි. ඒත් රජයෙන් කළදේට රජයෙන් කොමිසමක් දානවා කියලා කිසිවිටෙකවත් හිතන්න බැහැ. මේක රජය සතු වගකීමක්. රජයට එයින් බැහැර වන්නට බැහැ.’

මාකඳුරේ මධුෂ්ගේ ඝාතනයත් ආරක්‍ෂක අංශ විසින් බොහෝ සැලසුම්සහගතව සිදුකළා නේද?

‘ඔව් පැහැදිලිවම. මධුෂ්ව මරපු වේලාවේ ඒ අය කිව්වා එදා මහ රෑ කාටත් හොරෙන් මධුෂ්ව අරන් ගියා කුඩු තිබෙන තැන් පෙන්නන්න කියලා. එහෙම රහසිගතව මධුෂ්ව ගෙන ගියා නම් වෙනත් සතුරු පාර්ශ්වයක් කොහොමද ඒක දැනගත්තේ. අනෙක පොලිසිය ආයුධ සන්නද්ධව සිටියා, ඒ අතරෙදි කොහොමද තවත් පාර්ශ්වයක් ඇවිත් මධුෂ්ව විතරක් මරලා යන්නේ. එකම සීරීම් තුවාලයක්වත් කාටවත් නැතිව මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. හරිම පුදුමයි නේද? මේ වගේ තත්ත්වයක් යටතේ ජනතාව විශ්වාස කරනවා මේ ඝාතනවලට බලධාරීන් සම්බන්ධයි කියලා.’

මෙවැනි ඝාතන ගැන තොරතුරු ජාත්‍යන්තර වශයෙන් දැනගත් පසු ඇති වන තත්ත්වය ඉතාමත්ම සංකීර්ණයි නේද? අද ලෝකය පිළිගත් යම් සිද්ධාන්තයක් තිබෙනවා නේද, ‘අසමත් රාජ්‍ය (Fail State) යනුවෙන් සිදුකරන හැඳින්වීමක්. ශ්‍රී ලංකාවත් ඒ තත්ත්වයට වැටෙනවා නේද?
ඔව්. සත්‍ය වශයෙන්ම මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට ජාත්‍යන්තරය අපෙන් ප්‍රශ්න කරනවා මේ රටට තිබෙන නීතිය මොකක්ද කියලා. අපේ රට තුළ නීතියේ ආධිපත්‍යය ඇතිකර ගන්නවා නම් එය ‘සමත් රාජ්‍යයක්’ වන්නේ නැහැනේ. ලෝකයේ මොනම රටකටවත් නීතිය උල්ලංඝනය කරමින් එය පවත්වාගෙන යන්න බැහැ. බලන්න ඊශ්‍රායලයේ අගමැති නෙතින්යාහුට විරුද්ධව දූෂණ චෝදනා අධිකරණයේ විභාග වෙනවා. ඒත් අද මේ රටේ තත්ත්වය බලන්න කවදාවත් එහෙම වෙනවද? මෙහේ ඕනෑම ප්‍රශ්නයක් නිදහස් කර ගන්නවා කොමිෂන් දාලා. සත්‍යය ඒකයි.’

අද වර්තමානයේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්ද? ‘ෆේල් ස්ටේට්’ කියන තත්ත්වයට මෙරට නිල වශයනේ පත්කෙරී තිබෙනවාද?
මම ඒ ගැන නිසියාකාරව තොරතුරු දන්නේ නැහැ. රටක නීතියක් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැතිනම් එම රටට ‘සමත් රාජ්‍යයක්’ යැයි කියන්න බැහැ. එවිට එය ‘ෆේල් ස්ටේට්’ එකක් බවට තමයි පත්වෙන්නේ. නිල වශයෙන් හඳුන්වාදීමක් අවශ්‍ය වන්නේ නැහැ.’

පසුගියදා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දය පවා පරාජයට පත්වුණා. ශ්‍රී ලංකාව තුළ නිසි ලෙස මානව හිමිකම් ක්‍රමවේදය ක්‍රියාත්මක නොවීම මතයි මෙසේ සිදුවුණේ. තව තවත් මෙවැනි නීති විරෝධී ඝාතන මත ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව වෙත දක්වන බලපෑම ප්‍රබලයි නේද?
‘ඔව්… සත්‍ය වශයෙන්ම. මෙම ඝාතන පැහැදිලිවම මානව හිමිකම් කඩකිරීම යටතට පත්වෙනවා. පසුගියදා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඡන්දය පරාජය වුණාට පසුව, ශ්‍රී ලංකාව ගැන පරීක්‍ෂණ පැවැත්වීමට වෙනම කාර්යාලයක් පවා කොමිසම තුළ පිහිටුවීමට තීරණය කළා. මෙම තත්ත්වය ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය හරහා පවා දැඩි ලෙස නිරීක්‍ෂණය වේවි. මානව හිමිකම් කඩවීම ශ්‍රී ලංකාව තුළ දිනෙන්, දින අඩු වෙනවා වෙනුවට වෙන්නේ වැඩි වීමක් පමණයි. වත්මන් රජයේ පසුගිය පාලන කාලය තුළදී තමයි මෙය තවත් උච්ච තත්ත්වයට පත්වුණේ. මේ තත්ත්වය තව, තවත් උත්සන්න වීම මත ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් වෙත පවා ශ්‍රී ලංකාවට යන්න සිදුවේවි. මේ කනගාටුදායක තත්ත්වය තුළ දැනටමත් මානව හිමිකම් සංවිධාන රැසක් ශ්‍රී ලංකාවට තම විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.’

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම ගැන ලොව ප්‍රකට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ‘හියුමන් රයිට්ස් වොච්’ විසින් පසුගිය පෙබරවාරි (2021) මාසයේදී පිටු 93කින් යුත් අති විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර ඇත. Open Wounds and Mounting Dangers : Blocking the Accountability for Grave Abuses in Sri Lanka” යන ඉංග්‍රීසි සිරස යටතේ එය ඉදිරිපත් කර ඇති අතර, එහි සිංහල අරුත වන්නේ ‘විවෘත වූ පීඩාවන් සහ නැඟී එන අන්තරායන් : ශ්‍රී ලංකාවේ බරපතළ අපයෝජනයක් සඳහා වන වගවීම අවහිර කිරීම’ යන්නය. මේ අතරම ලොව තවත් ප්‍රබලතම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ‘ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල්’ සංවිධානයද තමන්ගේ ලෝකයේ මානව හිමිකම් ගැනවූ 2020/2021 වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන ඉතාමත් ප්‍රබලවූ විශ්ලේෂණයක නිරතව ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මරණ 29යි: ආසාදිතයන් 2325යි

Next Post

බහරේනයත් ලංකාවට වහයි

MORE NEWS

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

Load More
Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

2029 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එම පක්ෂ...

Read more
රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.