අද අපි මේ හඳුන්වා දෙන්නේ අලුත් කෙනෙක්. ඒ ‘සිහිනෙක තනිවෙලා’ ආදරණීය ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා. ඔහු නමින් හසිත රාජපක්ෂ. තමන්ගේ කුලුඳුල් ටෙලි නිර්මාණය ගැන හසිත ‘මව්රට’ හාට් අප සමග ප්‍රථම වතාවට කතා කළේ මේ විදියටයි.Sri Lanka Latest News
හසිතගේ සිහිනය සැබෑ වුණා නේද?
‘සිහිනෙක තනිවෙලා’ මගේ කලුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. ඒ හරහා කාලෙක ඉඳලා මගෙ තිබුණු බලාපොරොත්තුව ඉටුවුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.
එක රැයකින් ජනප්‍රිය වුණු අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබව හඳුන්වන්න පුළුවන්?
ඔබේ ඒ හැඳින්වීමට මම මෙය අවස්ථාවක් කරගෙන ස්තුතිය පුදකරනවා. ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයට එන ප්‍රතිචාර දෙස බලන විට මටත් ගොඩක් සතුටුයි. වෙලාවකට මට හිතෙනවා සිහිනෙක මමත් තනිවෙලා දකින සිහිනයක්ද මේ කියලා. ඒ කොහොම වුණත් මම වසර ගණනාවක් මේ ක්ෂේත්‍රයේ ලබපු අත්දැකීම් එක්ක ඩිරෙක්ටර් පුටුවක ඉඳගෙන ප්‍රවීණ ශිල්පීන්ගේ දක්ෂතාවන් හසුරුවන්න මට අවස්ථාව ලැබීම සතුටක්.
‘සිහිනෙක තනිවෙලා’ නිර්මාණය හැදුණු විදිය ගැන කතා කළොත්?
තිමිර උඩලමත්ත තමයි මට කතා කළේ ටෙලිනාට්‍යයක් කරමු කියලා. ‘සිහිනෙක තනිවෙලා’ තිර පිටපත ඔහුගේ. මට මේ පිටපත භාරදීලා කාලයක් තිබුණා. පසුව අපි සියලු දෙනා කතාබහ කරලා සතියක් ඇතුළත ටෙලිනාට්‍යය කරන්න සූදානම් වුණා. තිමිර උඩලමත්ත සහ ඉරේෂා සඳමාලි තමයි ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නේ. චරිතයට ගැළපෙන ශිල්පීන් අපි තෝරගෙන ඉතා සුළු කාලයක් තුළ වැඩකටයුතු කළා. ලස්සන ආදරණීය අවුට්පුට් එකක් අවසානයේ මේ විදියට අපිට දෙන්න පුළුවන් වුණා.
අභිලාෂිගේ බස් එකක් පැදිල්ල ගැනත් ගොඩක් දෙනෙක් කතා වෙනවා?
ඇත්තටම ඒ රූපරාමු දැක්කට පස්සේ ඒ ගැන ගොඩ දෙනෙක් කතාබහ කළා. නිකිණිගෙ චරිතයට රඟපාන අභිලාෂි සත්තුෂිනි ඒ අභියෝගය භාරගත්තා. අපිටත් තිබුණු ලොකු අභියෝගයක් වුණේ ඒක. හැබැයි ඉතා සුළු කාලයක් තුළ ඇය ඒ පුහුණුවීම් අවබෝධ කරගෙන ප්‍රධාන පාරේ පවා බස් එක පදවගෙන ගියා. ඇය නව පරපුරේ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්.
හිමාලිට අනතුර සිදුවුණෙත් මෙහි රූගත කිරීම් අතරතුර නේද?
ඔව්. ඇත්තටම එදා අපිත් බයවුණා. ඒක වෙන අවස්ථාවේ මම හිටියේ ෂූට් එකේ. ඇය මේකප් කරලා පඩිපෙළක් බහිනකොට තමයි ඒ අනතුර සිදුවුණේ. ඇය යකඩ ගැහැනියක්. ඇය ඒ වෙලාවේ පොඩි වෙලාවක් දෙන්න කියලා විතරයි කිව්වේ. පසුව හිමාලි අක්කා විවේක අරගෙන එදා දවසේ ෂූටින් කරලා තමයි ගෙදර ගියේ. මම ඒකයි කලින් කිව්වේ පවුලේ පිරිසක් වගේ හරිම එකමුතුවෙන් සියලු චරිත මේ නිර්මාණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා කියලා.
දැන්ම තව වැඩකට අතගහන එකක් නැති වෙයිද?
මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ නළුවෙක් වෙන්න හිතාගෙන. කොහොම හරිම ඒක වෙනස් වුණා. පසුකාලීනව සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ටෙලිනට්‍ය රැසක වැඩ කළා. පසුකාලීනව මගේ හිතවත් හැමෝම මට කිව්වේ උඹ දැන් ඩිරෙක්ටර් පුටුවේ ඉඳගන්න කාලේ හරි කියලා. ඉතින් ඒ සියලු දෙනාගෙන් ලැබුණු තල්ලුවත් එක්ක මම සුදුසුම කාලේ නිර්මාණයක් කරන්න ඉඳගත්තා. දැනටමත් ටෙලිනාට්‍ය දෙකක් කිරීමට නිෂ්පාදකවරුන් මට කතාකරලා තියෙනවා.
වසන්ත විතාරණගේ











