ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දීම සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය යළිත් වතාවක් සමාලෝචනය කිරීමට යුරෝපා කොමිසම තීරණය කොට ඇත.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේදී ලංකාවේ තත්ත්වය සොයා බැලීම සදහා කණ්ඩායමක් ලංකාවට එවීමට යුරෝපා කොමිසම සැලසුම් කොට තිබේ.
මානව හිමිකම් උල්ලංඝනය වීම හේතුකොටගෙන යුරෝපා කොමිසම මගින් ලංකාවට ලබා දී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කළ යුතු බවට යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබිණ.










