අගමැති ධූරයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් අද (20) රාත්‍රියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට ඒ මහතා සැලසුම් කර තිබේ.
සිය විශේෂ ප්‍රකාශයේදී අගමැති ධුරයෙන් ඉවත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කිරීමටත් ඒ මහතා තීන්දු කර ඇත.
අගමැතිවරයාගේ මෙම නිල ප්‍රකාශයත් සමග ඇමැති මණ්ඩලය විසිරුවා හැරියා සේ සැලකෙන අතර මහමැතිවරණය පැවැත්වෙන තෙක් ඇමැතිවරුන් 15 දෙනකුගෙන් යුත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.










