හෙට (31) දිනයේ සිය දේශපාලන පක්ෂය එළිදක්වමින් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීම සදහා සියලු වැඩ කටයුතු සැලසුම් කර සිටි සුපිරි ඉන්දීය සිනමා තරුව වූ රජ්නිකාන්ත් අවසන් මොහොතේ සිය අදහස වෙනස් කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව දේශපාලනයෙන් ඉවත් වීමටත්, සිය පක්ෂය එළිදැක්වීම අත්හිටුවීමටත් රජ්නිකාන්ත් තීරණය කොට ඇත.
මේ සදහා ඔහුගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතු වී ඇති බව පැවසේ.
පසුගිය සතියේදී සිනමා රූගත කිරීමක් අතරතුර හදිසියේම රජ්නිකාන්ත් රෝහල්ගත කෙරුණු අතර ඔහුගේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස වෙනස්වීම ඊට හේතු වී තිබිණ.
කෙසේවෙතත් වෛද්‍යවරුන් විසින් රජ්නිකාන්ත් හට විවේකීව පසුව ලෙස උපදෙස් ලබා දී තිබීමද මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.










