පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට සභාපතිවරයකු පත්කිරීම බහුතර කැමැත්ත මත සිදුකළ යුතු බවට වූ යෝජනාව මුල්කරගෙන අද (23) දිනයේදීද පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් පැවැත්විණ.
මෙම යෝජනාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ හර්ෂද සිල්වා මහතා ඊට විරෝධය පළ කිරීමත් සමග ජන්දයකට යාමට තීන්දු විය.
ඒ අනුව යෝජනාවට පක්ෂව ජන්ද 87ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ජන්ද 17ක් පමණි.