• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“දෝතින් කන්නයි, දෙක දෙක කන්නයි, අතට ජන්දෙ දුන්නේ… දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ…ඕ..ඕ…ඕ…”! 70-77 පෝලිම් යුගය ගැන පෝලිමේ ඉඳන් මාරසිංහ ලියපු මාර කතාව!

September 30, 2021
in Exclusive, Uncategorized
Reading Time: 21 mins read
A A
“දෝතින් කන්නයි, දෙක දෙක කන්නයි, අතට ජන්දෙ දුන්නේ… දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ…ඕ..ඕ…ඕ…”! 70-77 පෝලිම් යුගය ගැන පෝලිමේ ඉඳන් මාරසිංහ ලියපු මාර කතාව!
Share on WhatsAppShare on Facebook

කාලය 1970 මැයි මාසයේ මුල් සතිය තරම්ය. ඒ මාසයේ විසිහත් වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ උච්චම ප්‍රචාරක සමයද එය වූවේය. පාලනය එක්සත් ජාතික පක්‍ෂයේ ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවය.

කොළපාට සහ නිල්පාට තොප්පි දාගත් නඩ දෙකක් පැමිණි ජිප් රථ දෙකක් රඹුක්කන නගරයේ බස් නැවතුම් පොළ හරියේදී මුහුණට මුහුණ හමුවිය.

“සිරිම කිරිල්ලිට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය” කොටසක් කෑගැසූහ.

“පාන්පිටි බාහුට එන්න කියාපිය – මේවට උත්තට දෙන්න කියාපිය.” අනිත් එව්වෝ උත්තර බැන්දාහ.

ඔය අතරේ කොළ තොප්පිකාරයෝ මහ පාරට පැන නටන්න වූහ. ඒ අනුව අනිත් “කස්ටියත්” උන්ට “ඔප්පිච්චියට” රඟන්නට වූහ.

“අපෙ අම්මා ළඟ එනවා-ආපු ගමන් දෙක දෙනවා” ඒ එක් පාර්ශ්වයකි.

“මහවැලි ගඟ හරවනවා සිරිමගෙ ගඳ හෝදනවා” ඒ අනිත් එවුන්ය.

විනාඩි පහළොවක් තරම් කාලයක් ඔවුහු රඟන්නට වූහ. බස් නැවතුම් පොළ සිසාරා සිටියෝ උන්ගේ කෝළම් දෙස හිනාවෙමින් බලා උන්හ.

කොළ පාට ජිප් රථය “හෝන්” එක ගැහුවේය. නැට්ටුවෝ ටික මොහාතකින් ඇතුළට පැන්නෝය. වාහනය ඉගිලුනේය.

ඒ සමයේ දේශපාලනය එසේ විය. ගහ මරාගත්තේ නැත.

ඒ වන විට සෑම පුරවැසියකුටම සතිපතා නොමිලේ දුන් හාල් සේරු දෙක 1965 පමණ වන විට තවදුරටත් එසේ දීම රජයට බරක් වූවේය. ඒ නිසා එක සේරුවක් නොමිලේ දෙන්නටත් අනිත් සේරුවට සත හැත්තෑ පහක් අයකිරීමටත් එවකට පැවැති ඩඩ්ලි සේනානයකගේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව තීරණය කෙළේය. එය සමාජගත ප්‍රශ්නයක් වී මහජනයා ඇවිස්සී ගියෝය.

එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුව පිහිටුවාගෙන තිබූණේ චෙල්වනායගම්ගේ පක්‍ෂයත් තව සුළු පක්‍ෂ කීපයකුත් සමග ඒකාබද්ධව බැවින් ඩඩ්ලිගේ ආණ්ඩුව හත් හවුල වූවේය.
හාල් සේරු දෙකම නොමිලේ දෙන බවට1970 ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මැතිවරණ පොරාන්දුව වූයේ එලෙසිනි. දෙවැනි පොරාන්දුව රට “සමාජවාදය” කරා ගෙන යන බවය. (සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් තරගවැදුණු ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයට, පීටර් කේනමන්ගේ කොමියුනිස්ට් පක්‍ෂයත් “ඇන්.ඇම්”ගේ (ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා. මේ රට ගොඩගැනීම සඳහා අවංකවම කැපවූ මුදල් ඇමැතිවරයෙකු බව ගෞරවයෙන් සඳහන් කරමි) සම සමාජ පක්‍ෂයත් ඈඳාගත් නිසා එම කණ්ඩායම “තුන් හවුල” ලෙසින් හඳුන්වනු ලැබිණි.)

ඔය 1970 මහ මැතිවරණ සමය එළැඹෙන විට රටේ පැවති සාමාන්‍ය මට්ටමය.

ජාත්‍යන්තර කීර්තිධර ආර්ථික විශේෂඥ ඇන්.ඇම්. තුන් හවුලේම සිටි න්‍යායාචාර්යවරයාය.

තුන් හවුලේ බලවන්තයන් වූ ගලගෙදර ටී.බී. ඉලංගරත්න, ගම්පොළ දී.මූ. ජයරත්න සහ මිණිපේ නවරත්න (මේ තිදෙනා ත්‍රිවිධ රත්නය ලෙසින් විරුද්ධ පාක්‍ෂිකයන් විසින් හඳුන්වන් ලැබිණි) පී.බී.ජී. කළුගල්ල, ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක, ආර්.ඇස්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා ආදීන් ප්‍රමුඛ කොටගත් කණ්ඩායම
“අපෙ අම්මා ළඟ එනවා – ආපු ගමන් දෙක දෙනවා” යැයි නොමිලේ හාල් සේරු දෙකම දෙන බවම ශපථ කළහ.

හාල් එසේ දෙන්නට බැරි බවම කී එක්සත් ජාතික පක්‍ෂය, බොරු පොරොන්දු දෙන්නට එපා යැයිද කීය.

මිනිස්සු හඳෙන් හාල් කන්න තුන්හවුලට ඡන්දය දුන්හ.

1970 මැයි 27 පැවැති මහ මැතිවරණයෙන් ඩඩ්ලිගේ ආණ්ඩුව ආසන අටකට වැටී පරාජය විය. ප්‍රධාන හේතුව වූයේ “හාල්”ය.

සිරිමා ආණ්ඩුව බලයට පත් දා සිටම කීවේ ශ්‍රී.ල.නි.ප. ජයග්‍රහණය යනු ජනතාවගේ ජයග්‍රහණය බවය.

ඒ ජය සමාජගත කිරීමට පැවැත්වූ පෙළපාලිවල “අපෙ අම්මා කියනවනං-පිදුරු උනත් අපි කන්නං” යැයි කීවෝය.

ජයග්‍රහණයත් සමාජවාදයත් හැර වෙන දෙයක් ආණ්ඩුවට කියන්නට නැති බව ටික දිනකින්ම රටේ මහජනතාවට පසක් විය.

“ආණ්ඩුවට විදේශ ණය ගෙවන්න තියෙනවා, මහජනයාට ටිකක් අමාරුයි තමයි. ටිකක් පටි තද කරගන්න වෙනවා” ආණ්ඩුවේ මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා රටට කීවේය.

“පස් අවුරුදු සැලැස්ම” නම් සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව ඔය අතරේ පටන් ගත්තේය. මහජනයාගේ ආර්ථිකය ඍණ බිංදුවට බැස්සේය. “නෙවලල්ලෙන් පුවක් ගසින් බසින්නා සේ” විදේශ සංචිතයද පහළ මට්මට බැස්සේය.

වර්තමානයේ මෙන් නොව ඒ සමයේ ගුවන් විදුලියත් පුවත්පත් කිපයත් හැරෙන්නට මහජන අදහස් සමාජ ගතවන්නට වෙනත් පුළුල් මාධ්‍ය ක්‍ෂේත්‍රයක්ද නොවිණි.

ඒ නිසා විදේශ සංචිතය බොහෝ සෙයින්ම පහත මට්ටමකට වැටී තිබීම ගැන අවබෝධයක් තිබුණේ ජනගහනයෙන් දහසකට හෝ එක් අයකුට දැයි යන්නද සැකයකි.

බලයට එන අපේ රටේ පාලකයෝ “නංගි පෙන්නා අක්කා නොව ආච්චි අම්මාම දෙන්නට” තරම් දක්‍ෂයෝය. ඒ පවත්නා අනර්ථකාරී යථාර්ථය වසංකර ශුභවාදී වෙස්මුහුණකින් මිරිඟුවක් කරා මහජනයා “ජහ ජහ” නොකියා දැක්කීමට ඔවුන් දක්‍ෂ නිසාය. (ලෝක ජනගහනය වැඩිවෙතැයි යන මුවාවෙන් කිසියම් කණ්ඩායමක ජනවර්ගය වර්ධනය සීමා කිරීමට ගෙනා “පුංචි පවුල රත්තරං” සංකල්පය ගැන සිතනු මැනවි)

“සිරිමා” ආණ්ඩුවද ක්‍ෂයවන විදේශ සංචිතයෙන් අත්වන විපාක වසං කිරීමට ඔය අතරේ මහජනයාට “කොලේවසා” ගැසුවේය.

“සිරිලක දේ – සිරිසැප දේ” යන සංකල්පය මිනිස්සුන්ගේ හදවත්වලට “අඟල් හතරේ හෝස් පයිප්ප” වලින්ම පොම්පකරන්නට පටන් ගත්තේය.

ස්වයං පෝෂිත “සිරි ලංකාවක්” බිහිකිරීමට අපේ දේ අපම වවාගත යුතුය යන්න උදේ සවස ගුවන් විදුලියෙන් ගැයුණේය. “අල්ලක් වපුරා මල්ලක් ගෙට ගන්න” උපදේශය විය.

ආණ්ඩුවේ ජාති ආලය ඔය අන්දමින් හදිසියේම “නප්පියටම” නැග්ගේය. දේශානුරාගය උස්මුරුත්තාවටම තද වූවේය. ස්වයංපෝෂණය පිට උගුරේ යාම නිසා බොහෝ දෙනා කහින්නටද පටන් ගත්හ.

සියලු සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නැවැත්තුවේය. සුඛෝපභෝගී භාණ්ඩ පමණක් නොව “බවභෝගී, බවගාමී මෙන්ම ගවගාමී භාණ්ඩද” ආනයනය නැවතිණි. ආණ්ඩුව අඳුරේ අතපතගාන්නට වූවේය.

රුසියාවේ කෘෂිකර්මය මේ රටට ගළපන්නට පටන් ගත්තේය. ඊට හේතුව රුසියන් හිතැති කණ්ඩායමක් ආණ්ඩුව වටා භ්‍රමණය වෙමින් සිටි බැවිනි.

ඔවුහු අපේ රටට තෙල් සම්පත පහළ වූ බව කීහ. පේසාලේ අවට මුහුදේ ළිං හාරා එමගින් මතුකර ගත් තෙල් සාම්පල ගැනද, මහවැලිය හැරවීම ගැනද එවකට ගුවන්විදුලියෙන් අටුවා ටීකා තොර තෝංචියක් නැතුව කීවේය.

ඒ දිනවල ගුවන් විදුලියෙන් පැයෙන් පැයට “ප්‍රවෘත්ති කෙටියෙන්” කියන්නට පටන් ගත්තේය. එමගින් පේසාලේ තෙල් සම්පත මහවැලි ගඟ හැරවීම සහ වගා සංග්‍රාමය ගැන නිතිපතා විස්තර කෙරිණි.

(ප්‍රෙඩී සිල්වා වේදිකා මත ප්‍රවෘත්ති සැකෙවින් යන වැඩසටහන ඉදිරිපත් කළේ “කෙප්ප කෙටියෙන්” යනුවෙනි.

“පේසාලේ තෙල් ළිඳ කැනීමේදී චීනෙකුගේ තොප්පියක් සහ රුසියන්කාරයකුගේ අලී..ඊ..ඊ.පොල්ලක්” හම්බවූ බව කී ඔහු තම රේඩියෝව (ගුවන්විදුලි යන්ත්‍රය) ඇතුළේ හොණ්ඩර දෙකක් බර “මඤ්ඤොක්කා” අලයක් බැස ඇති බව කීිවේය.

ආණ්ඩුව මැති අමැතිවරුන් ගුවන්විදුලියෙන් වගා කළ අතරේ මිනිසුන්ට කන්න බොන්න හිඟ විය. සාගතයද ඉහවහා ගියේය.

රුසියාවේ සමුහ ගොවිපොළ ක්‍රමය ඔන්න ඔය අතරේ අපේ රටේද පටන් ගත්තේය

ගම්බද කිසියම් කෙනකුට ලොකු වත්තක් තිබිණි නම් එය අනිවාර්යයෙන්ම වගා කළ යුතු විය. නැත්නම් රජයට පවරා ගැණිනි. (දේශපාලන විරුද්ධවාදීන්ගේ ඉඩකඩම් ජනසතු කෙරුණේ ඒ මුවාවෙනි) වැඩියෙන්ම සමූහ ගොවිපොළවල් වශයෙන් ගම්බද රැකියා විරහිත තරුණ තරුණියන් කණ්ඩායම් වශයෙන් එක්ව වගා කළ යුතු විය. (ලැබූ අස්වැන්නක් නම් නොවිණි.)

ගොවියන් තම කුඹුරු අනිවාර්යයෙන්ම වගා කළ යුතු විය. නොඑසේ නම් ඒවාද පවරා ගැණිනි.

වර්තමානයේ මෙන් කුඹුරේදීම අස්වැන්න වෙන්කර ගැනීමේ “භූතයන්” (සුනාමි මැෂින්) නොවූ බැවින් කමතක ට්‍රැක්ටරයකින් හෝ ගවයන්ගෙන් හෝ ගොයම් පාගා බැත වෙන්කර ගත යුතුවිය.

එහෙත් ඒ අස්වැන්නෙන් සීමිත කොටසක් (රජයෙන් නියම කළ) පමණක් ගොවියාට ලැබිණි. වැඩිමනත් කොටස රාජසන්තක කෙරුණි.

ඒ කාර්යය අධීක්‍ෂණය කිරීමට සෑම ගමකම ගමේ පදිංචිකරුවන්ගෙන් සැදුණු කොමිටියක් තිබිණි. එය “ජනතා කොමිටි” නමින් ආණ්ඩුවෙන් හඳුන්වාදී තිබුණද මහජනයා විසින් හඳුන්වනු ලැබුවේ “ජනතා කොටි” ලෙසිනි.

ගොයම් පාගා බැත වෙන්කරන තුරු “ජනතා කොටි” කමතට අවුත් ගොදුරු ලොබින් බලා උන්හ.

කිසියම් කෙනකුට රැගෙන යා හැකි උපරිම සහල් ප්‍රමාණය හාල් සේරු දෙකක් බවට ඒ වන විටත් ආණ්ඩුවෙන් නීතියක් ලෙස පනවා තිබිණි. ඊට වැඩියෙන් ගෙන ගියහොත් ඒ තැනැත්තා පොලිසියෙන් හා “ජනතා කොටින්” විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එසේ ගෙනයන්නන් අත්අඩංගුවට ගැනීමට නගරයකට අවතීර්ණ වන පාලමක් තුංමං හන්දියක් වැනි මර්මස්ථානවල මාර්ග බාධකයක් (මාර්ග හරහා පොල්ලක්) යොදා තිබුණේය.

ඒ අසල “ජනතා කොටිත්” පොලිස් රාළහාමිලාත් දිවා රාත්‍රි රාජකාරි කළෝය. කිසියම් කෙනකු හාල් සේරු දෙකකට වැඩියෙන් ගෙන ගියේ නම් ඉවරෙටම ඉවරය.
එසේ අත්අඩංගුවට ගැනුණේ “හාල්” පමණක් නොවේ. ඇයි මිරිස්?

හාල් සේරු දෙකක් ගෙනයාමට අවසර තිබුණත් මිරිස් කරලක් හෝ ගෙනයාමට ඉඩ නොවිණි. “මිරිස් පොලු හාල් පොලු” ඉතිහාසගත වූවේ ඔය අන්දමටය.

ඒ වරදට අඩංගුවට පත් තැනැත්තාට අධිකරණයේ දී දඩයක් හෝ බන්ධනාගාරය හෝ ඒ දෙකම හෝ නියම වූ වේය. අධිකරණයට නොගොස් පොල්ල ළඟ රාජකාරි කළ පිරිසම නඩු අසා දඩ ගැසූ අවස්ථා බොහෝ විය.

පොලුවල රාජකාරියේ සිටි ජනතා කොටි සාමාජිකයෝ පළාතේ මන්ත්‍රීතුමානන්ගේ නිර්දේශය මත පත්වීම් ලද ස(ඇ)ට්ටැඹියන් හෙවත් “එහෙයියෝ වූහ.
ඒ එක් පැත්තකි. අනෙක් පැත්ත මහජනයා විඳි දරිද්‍රතාවයි.

බිළිඳු දරුවන්ට (මාස තුන හතරේ) පවා කිරි කඳුළක් දීමට කිරි ටින් එකක් සොයාගැනීම කළු නික සෙවීමක් වැන්න.

කිරි ටින් එකක් යනු 1970ට පෙර ඉතාම දිළිඳු පවුලකට වුවත් සත අනූවකට ලබාගත හැකි වූ නෝනා මාර්ක් උකු කළ කිරි ටින් එකකි. එහි භාගය (පොඩි ටින් එක) සත හතළිස් පහකි.

සීනි ඇටයක් දක්නටද නොවීය.

සීනි පමණක් නම් මදෑ, උණක් සෙම්ප්‍රතිශ්‍යාවකට තබා පිටි කිරි දීමට නැති දරුවකුගේ කුසගින්නට තම්බා දීමට කොත්තමල්ලි ඇටයක් පවා නැති විය.

කාට කාටත් නාන්නට (ස්නානය) සිදුවූයේ සබන් ගෑමක් නැතිවය. සබන් කෑල්ලක් දකින්නටවත් නොවිණි. ගම්වල උදවිය “ගස් පෙනෙල” පැලෑටි තලා සබන් වෙනුවට යොදාගනිමින් රෙදිසෝදා ගත්හ.

“නාද්දී මාසතුනකින් සබන් නොගෑ බව කී දෙනවක හාමිනේ කැහිල්ල හැදුණු බව වේදකාවේ “කහ කහම” විස්තර කළාය. ගිනිපෙට්ටි හිඟයද බලවත් වූවේය.

“කරෝල” කෑල්ලක් ගැන අහල ගම් හතකින් හෝ අසන්නට නොවිණි.

හතරලියැද්දේ උපන් එවකට වෙළෙඳ ඇමැති ටී.බී. ඉලංගරත්න තුම්පනේ ඇමැතිය. කරෝල නොදුන් හෙයින් ඔහු “කරෝල කුමාරයා” වූවේය.

ඒ සමයේ අගමැතිනිය සිය පාක්‍ෂිකයන් විසින් හඳුන්වනු ලැබුවේ “දිවංගත අගමැති බණ්ඩාරනායකගේ ගුවන්ගත බිරිය” වශයෙනි.

රට ආර්ථික වශයෙන් පිරිහී තුබුණද ඇය මාසයකට වරක් දෙවරක් හෝ විදේශ සංචාරයක යෙදුණ බැවිනි.

ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ක්‍රියාවලියට පළමුවෙන්ම එරෙහි වූයේ මුදල් ඇමැති ඇන්.ඇම්.ය.

මහජනයාට බඩු මිල දරාගත නොහැකි වූවේය.

භාණ්ඩ මිල වැඩිවුණේ “ගැසට්” එකෙනි. (ගැසට් එකෙන් බඩු මිල වැඩිකිරීමේ ක්‍රමය ප්‍රථමයෙන්ම ආරම්භ වූයේ එපරිද්දෙනි.)

ඔය අතරේදී අපේ සහෝදරයන් පිරිසක් 60,000කට අධික තරුණ පිරිසකට විමුක්තියද සලසා දුන්හ. ආණ්ඩුව පැවැසුවේ ඒ පිරිස 2,000ක් බවය. ඒ සංඛ්‍යාව කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ම ඉක්මවා තිබිණි.

රටේ සියලු නිෂ්පාදන ඇණහිටියේය. කෙනකුට පාරට බහින්න පවා බැරිවිය. එහි වාසිය ආණ්ඩුටය.

ඔය කාගෙ කාගෙත් කෙරුවාවල්වලින් පීඩා වින්දේ මහජනතාවය.

ඔය අතරේ මහජනයා අඳින වස්ත්‍රය (චීත්ත යාර දෙකක්) පවා නිකුත් වුයේද හාල් ටික සේම පළාතේ සමුපකාර ප්‍රාදේශිකයෙන් සලාකයටය (කූපන්).

සමූපෙ මැනිජර්තුමා හෝ ඔහුගේ සහායකයා හෝ කූපන් කපාගන්නා තුරු ඇසිපිය නොහෙළා බලා සිටිය යුත්තේමය. එසේ නොවුණහොත් “ඒකා” හොරෙන්ම රෙදි කූපන් ටික කපාගත්තේය.

ඒ අවස්ථාවල කඩේ මිදුලේ ගුටි කෙළියකි.

මේ දුෂ්කරතාව ආණ්ඩුවේ ඇත්තන්ට පෙන්නාදීමට ගාල්ලේ එවකට මහජන මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුවට ගියත් සභා ගර්භයට යාමට ඊඩ නොලැබිණි.

ඒ විස්තර එවකට “දවස” පුවත්පතේ ඡායාරූපත් සමග පළ විය.

ඒ සමයේ ප්‍රාදේශීය (ගමක) සමුපකාරයක මැනේජර් තනතුර “චක්‍රවර්ති“ රජකමටත් වඩා වටනේය.

රෙදි කැල්ලට (චීත්ත රෙදියාර දෙකට) හාල් සේරු දෙකට සේම පාන් ගෙඩියටත් කූපන් (සලාක) පොතක්ද සෑම පවුලකටම නිකුත් කෙරිණි.

හතර දෙනකුගෙන් යුතු පවුලකට දිනකට පාන් රාත්තලකි. ඒ සලාක කාඩ් එකේ නිවැසියන් ගණන ද සඳහන් වූයේය.

පාන් ගෙඩිය ලබාගැනීමටත් අඩුම වශයෙන් පැය තුන හතරක් හෝ පෝලිමේ ලැගිය යුතු විය

බේකරිකාරයන්ටත් පාන්පිටි ලැබුණේ “කෝටා” (සලාක) එකකටය.

පාලන මිලට දිය යුතු නියමිත පාන් ගෙඩි ප්‍රමාණය පමණක් පිළිස්සූ ඔවුහු පාන් හිඟය මත අධික මිලට විකිණිය හැකි බනිස් වියානාරෝල් ආදිය නිෂ්පාදනය කර මහජනයා ගසා කෑහ. පාන් පෝලිම් යුගය ආරම්භ වූයේ එමගිනි.

ආහාර හිඟයෙන් ඉතාම දුක්ඛිත තත්ත්වයට පත්ව සිටියෝ උඩරට තේ වතුවල ද්‍රවිඩ සහෝදරයෝය.

ඔවුනට සතියකට දුන් පාන්පිටි සලාකය දින දෙකකට හෝ ප්‍රමාණවත් නොවුණේය.

ඒ නිසා පාන්පිටි ටිකකට අතට අහුවුණු දකින්නට ලැබුණු ඕනෑම ජාතියක කොළ ගොන්නක් ලියා එකට අනා තම්බාගත් රොටිය ඔවුන්ගේ තුන්වේලේම ආහාරය වූවේය. (ඒ දිනවල මඤ්fඤාක්කා කොළ මිටියද ඉහළ මිලකට අලෙවි විය.)

ඒ දිනවල සතියකට දෙවරක් අඟහරුවාදා සහ සිකුරාදා යන දෙදින කිසිම හෝටලයක “බත් අලෙවිය ” තහනම් වූවේය.

අල හෝ ධාන්‍ය වර්ගවලට පමණක් සීමා කෙරිණි. ඒ නීතිය කඩන්නන් ඇල්ලීමටද කණ්ඩායමක් උන්හ.

සාමාන්‍ය ජනතාවට ආහාරපාන හිඟ වුවත් ලොතු ලොක්කන්ට අවශ්‍ය ආහාර පාන වර්ග ඕනෑ තරම් ස.තො.සේ තිබිණි. නැතහොත් එමගින් ආනයනය කරවා ගනු ලැබිණි.
විවාහයකදී මනමාලයාට හෝ මනාලියට හෝ ඇඳුම් මසාගැනීමට රෙදි ලබාගැනීමට කොළඹ ජාවත්තේ පිහිටි “සළුසල”ට යායුතු විය. ලැබුණේ සූට් දෙකකට පමණි.
ඒ සඳහා විවාහ ලේකම්වරයා ළඟ විවාහය ලියාපදංචි කළ බවට සහතිකය රැගෙන ගොස් පළමුව ලියාපදිංචි වියයුතු විය. ඉන් පසු කැඳවුම් දිනයට යායුතු විය.

දීර්ග කාලයක් තිස්සේ දේශපාලනයේදී මහජනයාට කළ මෙහෙවර අගයමින් ඔය අතරේදී කැබිනට් ඇමැතිවරු තමන් විසින් තමන්ටම උපහාර උත්සව පවත්වා ගනු ලැබූහ.
ඒ සඳහා වියදම් කෙරුණේ මහජන මුදල්ය.

ආරම්භය ඇමති ටී.බී. ඉලංගරත්න වෙළෙඳ ඇමැතිටය. එයින් ඇරඹි උත්සව මාලාව එක් එක් ඇමතිවරයා අරභයා තොරතෝංචියක් නැතුව දිග්ගැස්සී ගියේය.
මුළු ජීවිත කාලයම රත්නපුරේ නගරයේ “මුට්ට කරගසා” ජීවත් වූ හැත්තෑපස් හැවිරිදි “ජොනී” යන අයගේ මෙහෙවර අගයමින් “දවස” පුවත්පත විශාල උපහාර උත්සවයක් රත්නපුරේ නගරයේ පැවැත්විය.

ඇමැති උපහාර කෙරුවාව එයින්ම “කම්මුතු” විය. (පසුව “දවස” පුවත්පතට මුද්‍රා තැබිණි.)

ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ සිසිර කුමාර මාණික්ක ආරච්චි සිමින්ති නැති බව “ආදරවන්තී අපට නැද්ද සිමින්තී” යන හෙඩිම යටතේ ඔහුගේ “සැර” ප්‍රවෘත්ති සංග්‍රහයෙන් රටට පෙන්වා දුන්ණේය.

ඒ අතර අතර සිරිමා ආණ්ඩුව ඇන්.ඇම්.ගේ සමසමාජ පක්‍ෂයත්, පීටර් කේනමන්ගේ කොමියුනිස්ට් පක්‍ෂයත් සමග පැවති ගැටුම උග්‍රවී ඔවුහු ආණ්ඩුවෙන් හළා දැමූහ.
ඇන්.ඇම්.ගෙන් පසුව මුදල් ඇමැති වූ ෆීලික්ස් ආර්. ඩයස් බණඩාරනායක තමන් සන්තකයේ තිබූ කල් ඉකුත්වූ කිරිපිටි තොගයක් කුකුළු කොටුවට දැමූ බවට ප්‍රවෘත්තියක් සමාජගත විය.

රටේ පාලනය ගැන කියැවෙන “සාගරයක් මැද” නමින් ගාමිණි පොන්සේකා” නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය රට දෙවනත් කෙළේය. එහි කතාව මුදල් ඇමැතිවරයාගේ චරිතාපදානය වූයේය.

ඒ දිනවල අගමැතිනිය හඳුන්වනු ලැබුවේ “ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ” අවතාරයක් ලෙසිනි.

ඇය “නොබැඳි ජාතින්ගේ සමුළුව” පවත්වන්නට තීරණය කළාය. රට්ටු පමණක් නොව ආණ්ඩුවේ ප්‍රධානියෝම ඊට අප්‍රසාදය පළ කළහ.

ඒ හාම වර්ජන රැල්ලක්ද නැඟී ආවේය. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අත්අඩංගුවට පත්විය. පෙළපාලි තහනම් කෙරිණි. පේරාදෙණියේ සරසවි සිසුවකු වූ කුරුණෑගල උහුමීයේ වීරසූරිය සිසුවා වෙඩි කා මලේය.

ආණ්ඩුවේ උදවියට කතාකිරීමට පවා නොහැකි ජන බලවේගයක් රටපුරා නැඟුණේය. ඊට මර්ගෝපදේශය දෙන්නට එක්සත් ජාතික පක්‍ෂයට හැකි විය. මහජනයා ඇමතීමට හොඳ ප්‍රචාරක යාන්ත්‍රණයක් පළමුවෙන්ම ආරම්භ කෙළේය.

“දෝතින් කන්නයි, දෙක දෙක කන්නයි, අතට චන්දෙ දුන්නේ…ඒ..ඒ…
දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ…ඕ..ඕ…ඕ…”යැයි එක්සත් ජාතික පක්‍ෂය මහජනයාගෙන් ඇසුවේය.

ඒ අතරේ ජේ.ආර්. ජයවර්ධන මහජනයාට “ඇට අටක්” දෙන්නටද ප්‍රතිඥා දුන්නේය.

හැත්තෑවේදී අටට බැස්ස එක්සත් ජාතික පක්‍ෂය, 1977දී හයෙන් පහක බලයකින් ආණ්ඩුවක් පිහිටෙව්වේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

යහපාලනේ කරපු කොන්ත්‍රාත් වංචා ගැන වහාම හොයන්න! නිලධාරීන් ජොනීගෙන් කරපු ඉල්ලීම!

Next Post

ඩඩ්ලිලට ඕන විදිහට වී මිල වැඩි කරන්න බෑ -ඇමැති! ප්‍රධාන වී මෝල් හිමියන් කරපු වැඩේ හරි! ඒක ඉදිරිගාමී වීමක් -පොහොට්ටු මන්ත්‍රී! (VIDEO)

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.