• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තහනම මැද කළ දවස් පහේ පාගමන යාපනෙන් නිමා වෙයි: TNA උතුරේ සියලු පක්ෂ එකමුතු කරයි

February 7, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
තහනම මැද කළ  දවස් පහේ පාගමන යාපනෙන් නිමා වෙයි: TNA උතුරේ සියලු පක්ෂ එකමුතු කරයි
Share on WhatsAppShare on Facebook

දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව උතුරු නැගෙනහිර පළාත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් පසුගිය 03දා පොතුවිල් සිට ආරම්භ කළ පාගමන දින පහකට පසුව අද (07) විශාල ජනතාවක් සමග පේරුදුතුඩුව, පෝලිකණ්ඩි දක්වා ළඟාවිය.

මුලතිව් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් ස්මාරකයේ පහන් දල්වා නෙඩුන්කේනි හරහා වව්නියාවට ලඟා විය.

මේ අනුව වව්නියාවේ සිට මන්නාරම නගරයට පිවිසීමෙන් අනතුරුව මන්නාරමේ සිට තුනුක්කායි මල්ලාවි, මාන්කුලම් හරහා කිලිනොච්චියට ලඟා වීමෙන් අනතුරුව අද (07) කිලිනොච්චියෙන් ආරම්භ වූ පෙලපාලිය යාපනය පොලිගන්ඩි ප්‍රදේශයෙන් අවසන් වුණි.

මෙලෙස යාපනයට පැමිණි විරෝධතා පාගමනට පාපැදි පෙලපාලියක් සහ රථ පෙලපාලියක්ද එක් වූ අතර ඒ සඳහා යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද එක් වූහ.

එහිදී යාපනයේ පිහිටි හිටපු කොටි නායකයෙකු වූ තිලීපන්ගේ ස්මාරකය පිහිටි ස්ථානයේ තිලීපන්ගේ ඡායාරූපයක්ද සමගින් පහන් දැල්වීමට විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබුණි.

පාගමනේ අවසාන දිනය වු අද දිනයේදි උතුරේ භේදබින්නව සිටි සියලු දේශපාලන පක්ෂ එයට එක්ව සිටිනු දක්කනට හැකිවීම විශේෂත්වයකි.

මේ අතර විරෝධතා පාගමන වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම යාපනය පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝග ගෙන තිබුණද, එම තහනම් නියෝග නොසලකා හරමින් විරෝධතා පාගමන් පැවත්වීම විශේෂ විය.

උතුරුනැගෙනහිර පුරාවිද්‍යා කැනීම් වලට විරෝධය පෑම, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, යුද්ධයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දීම, වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීම, කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම්වරුන් අදාහනය නොකිරීම ඇතුලු කාරණාවන් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවත්වෙයි.

විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රධානත්වයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් මූලිකත්වය දරා ඇති අතර සිවිල් සංවිධාන, විශ්ව විද්‍යාල සිසුන්, අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව හා ආගමික නායකයින් ඇතුලු පිරිසක් විසින් එය මෙහෙයවනු ලබයි.

SendShareShare
Previous Post

කොරෝනා හැදුණු විජමු IDH ICU එකේ

Next Post

ෆොන්සේකා ජනපතිට අතීතය මතක් කරමින් අනතුරු ඇඟවීමක් කරයි: දැන් ඔබේ කඳවුරේ අණ සහ පාලනය බිඳ වැටිලා

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.