• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීන ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳවැටේ

March 29, 2020
in News, Politics, Uncategorized
Reading Time: 1 min read
A A
චීන ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳවැටේ
Share on WhatsAppShare on Facebook

චීනය කොරෝනා වසංගතයේ ව්‍යසනයට මුහුණ දුන්නේ එරට ආර්ථික අර්බුද සහ රැකියා විරහිතභාවය තදින් තිබුණු අවස්ථාවකදීය. ඒ මගින් උද්ගතව තිබුණු ප්‍රශ්න තවත් අතිශය දරුණු තත්ත්වයට පත්වන්නට විය. දැනට මාස 04ක පමණ කාලයක් පුරා ආසාදිතයන් 20,000කට වැඩි සංඛ්‍යාවක් චිනය තුළින් සොයාගනු ලැබූ අතර, මරණ 3500ක්ද වාර්තා වී ඇත. පසුගිය දිනවල මෙම කොරෝනා වසංගත තත්ත්වය යම් ආකාරයකින් සමනය වී තිබුණද නැවත දෙවැනි වතාවටද චීනය තුළ එය හිස ඔසවන ආකාරයද දැන් පහළ වී ඇත. කෙසේ හෝ යම් ආර්ථික ඉලක්කයක් කරා යමින් සිටි චීනය මේ වන විට මහත් දැඩි ආර්ථික අගාධයකට පත්වෙමින් සිටියි.
කොරෝනා වසංගතය මුලින්ම ඇරඹි සහ ඉන් පසුව ප්‍රබලව ව්‍යාප්ත වුණු වූහාන් නගරයේ ඇති සියලුම කර්මාන්ත ශාලා සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන රැසක්ද මේ වන විට මුළුමනින්ම වසාදමා ඇත. පසුගිය දිනවල කොරෝනා රෝග තත්ත්වය යම් ආකාරයකින් සමනය වූ හෙයින් මෙම සමහර කර්මාන්ත ශාලා හා සංවර්ධන, පර්යේෂණ මධ්‍යස්ථාන විවෘත කිරිමට කටයුතු යොදා තිබුණත් නැවැත මෙම රෝගය උත්සන්න වන්නට වූ හෙයින් එම කටයුතු නවතා දමා ඇත. ඒ අතරම චීනයේ මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී චීනයේ කර්මාන්ත ශාලාවල කටයුතු නැවත ඇරැඹීම සඳහා මෙතෙක් පැවැති කම්කරු නීති රීති රැසක් ලිහිල් කර විවිධ සහනයන්ද ලබාදෙන බවය. වසංගත රෝග සමයේ රැකියාවලට යන්නට නොහැකි වූ සේවකයන්ට එම කාලය සඳහා අනුමත වන වැටුප් හා දීමනාද අනිවාර්යයෙන් ගෙවිය යුතු බවට නීති රීති පනවා ඇත.
මෙවැනි තත්ත්වයක් යටතේ චීන සේවකයන්ගේ රැකියා අහිමි කිරීම හෝ පඩිනඩි ගෙවීම මඟහැරීම සපුරා තහනම් වන අතර, එලෙස කරනු ලබන කර්මාන්ත ශාලා බලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමටද චීන රජය තීරණය කර ඇත. මේ අතර කොරෝනා වසංගතයට අදාළව විවිධ සහන සේවා කටයුතුවල නිරත වූ චීන සේවක පිරිස්වලටද විශේෂ දීමනා ගෙවීමද රජය විසින් ලබාදෙනු ඇත. ඔවුන්ගේ ණය කාඞ්පත් (ක්‍රෙඩිට් කාඞ්) සහ ණය මුදල් ලබාගැනීම්වල සහ උකස් කිරීම්වල ආපසු වාරික ගෙවීමද නියමිත කාලයට වඩා කල් දැමීමට රජය තීරණය කර ඇත. එසේම එසේ සාමාන්‍ය ජනතාවගේ විදුලි, ජල සහ දුරකතන බිල්පත්වල ගෙවීම් කාලසීමාවද ඉදිරියට දමා ඇත. තවද එම සේවා කිසිදු කප්පාදුවකින් තොරව සිදු කෙරෙයි. එය ජනතාවට මහත් සහනයකි.
මේ අතර චීනයේ තිබෙන අති සුවිශාල කර්මාන්ත ශාලා වන නැව්, දුම්රිය සහ ගුවන් යානා නිෂ්පාදනය කරන සමාගම් සියල්ලෙහිම කටයුතු මේ වන විට මුළුමනින්ම නවතා දමා ඇත. දශක ගණනක් පුරා චීනය විසින් ලෝකයේ රටවල් රාශියකට නැව්, දුම්රිය සහ ගුවන් යානා සපයනු ලබන අතර, එය වාණිජ මට්ටමින් සහ හමුදාමය මට්ටමින්ද සිදුකෙරෙයි. මේ නිසා ඉදිරියේදී කාලයක් යනතුරු ලෝකයේ රටවලට එවැනි සැපයුම් ලබාදීමට ප්‍රමාද වනු ඇත. එසේම චීනයේ අවි ආයුධ නිෂ්පාදනය කරන සමාගම්වලද කටයුතු ඇනහිට ඇත. චීනය ලෝකයේ රටවල් රැසකට අවි ආයුධ සපයයි.
චීනයේ ඇති තවත් සුවිශාල කර්මාන්ත ශාලා සමූහයක් වන්නේ ලෝකයේ ප්‍රකට ජංගම දුරකතන සන්නාම නාමයක් රැසක් යටතේ ජංගම දුරකතන නිෂ්පාදනය කරනු ලබන සමාගම්ය. මෙම සමාගම්වල කටයුතු මුළුමනින්ම පාහේ අඩාලව ඇති අතර, එවැනි කර්මාන්ත ශාලාවල සේවකයන් 400,000කට (ලක්ෂ 04ක්) අධික පිරිසක් සේවය කරති. එහෙත් කෙසේ හෝ ජංගම දුරකතන සන්නිවේදන සේවා සපයන ප්‍රධාන සමාගම් සියල්ලම තම කටයුතු කිසිදු අඩාලවීමකින් තොරව සිදුකරගෙන යනු ලබයි. එම කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට චීන රජය එම සමාගම්වලට උපදෙස් ලබාදී ඇත.
කෙසේ හෝ දැන් පසුගිය කාලය තුළ කොරෝනා වසංගතයේ යම් අඩුවීමක් වීමත් චීනය තුළ දක්නට වූ හෙයින් මෙසේ වසා දමා ඇති සමහර අත්‍යවශ්‍ය කර්මාන්ත ශාලා පමණක් නැවත ආරම්භ කර ඒවායෙහි කටයුතු යම් පමණින් සිදු කෙරීගෙන යනු ලබන බැව් චීනයේ රාජ්‍ය නිල පුවත් සේවය වන ‘ෂින්හුවා’ ප්‍රකාශ කර ඇත. මේ නිසා දැන් යම් පමණකින් සේවකයෝ තම රාජකාරි කටයුතුවලට පැමිණෙමින් සිටිති.
දැනට චීනයේ කොරෝනා වසංගත තත්ත්වය යම් ආකාරයකින් පාලනය කර තිබුණද මුලින්ම මෙම වසංගතය ඇතිවූ අවස්ථාවේ එය මෙල්ල කර ගැනීමට චීන රජය සහ චීන ජනාධිපති ෂී පින් පින් කටයුතු නොකළ බවට චීන ජනතාව දොස් පවරති. පසුගිය නොවැම්බර් මාසයේ අගදී මෙම මාරක රෝගය දැනගත් විටදී චීන රජය එවැන්නක් නැති බවට ජනතාවට අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් වංචනික අයුරින් කටයුතු කළේය. මෙම රෝගය ගැන කරුණු හෙළිකළ සමහර විද්වත් පිරිස් සොයා අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව දඬුවම්ද පමුණුවනු ලැබීය. මෙම වගතුග මාධ්‍යයෙන් හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනකු පවා අතුරුදන් විය. මේ තත්ත්වය යටතේ චීන රජය කෙරෙහි චීන ජනතාවගේ ඇති විශ්වාසයද බිඳහෙළිණි. අවසානයේදී කොරෝනා මාරයා මුළු චීනයම ගිල ගන්නා තත්ත්වයට පත්විය.

පරිවර්තනය – ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොරෝනාවෙන් මව්රට මුදා‌ගෙන ජන්දෙට යන්නද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මමත් ‌ගෙදර…. (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.